Menu

Latest News


2015/01/23 -අපි මේ වෙනස කළේ තරුණ ජවයත් සමඟයි.
රාජ්‍ය සේවයට අවශ්‍ය වන්නේත් ඒ වගේ තරුණ ජවයයි

රුපියල් මිලියන 50‚000 ක වාර්ෂික විදේශ විනිමයක් උපයා දෙන අපේ රටේ අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රය දැයට වාසනාවක් බව ගරු වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා සඳහන් කළේ‚ එම අමාත්‍යාංශයේ‚ ව්‍යාප්ති නිලධාරීන් සඳහා පත්වීම් රැසක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. තමන් ඉපදී හැදී වැඩුණේ රටට බත සරි කරන කෘෂිකර්මයේ මහගෙදර වන් රජරට පුරවරයේ නිසා‚ ඒ වෙනුවෙන් දහඩිය‚ලේ කදුළු හෙළන ගොවීන් වෙනුවෙන් සේවය සැපයීමට ලැබීම භාග්‍යයක් බව ද ගරු දුමින්ද දිසානායක මැතිතුමා සඳහන් කළේය.

රටේ ජීවනාලිය බඳු ගොවියාගේ ජීවනෝපාය සංවර්ධන උදෙසා හෘදයාංගමව අතහිත දීමේ තිර අදිටනින් නව පත්වීම්ලාභීන් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ගරු දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම ප්‍රදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්තව ලබාදී ඇති පත්වීම් හැකි පමණ තම ගමට නුදුරින් ලබාදීමට සියලූ උත්සාහයන් දරා ඇති නිසා පත්වීමෙන් ස්ථානමාරු ලබා ගැනීමට පැමිණීමෙන් වැළකී‚ රාජ්‍ය සේවකයෙකු වශයෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිය රාජකාරිය කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යතුමා මෙහිදී අවධාරණය කළේය. විශේෂයෙන් තරුණ කණ්ඩායමක් සමඟ තරුණ ජවයෙන් සහ තරුණ සිතුම් පැතුම් සමඟ වැඩිහිටි අත්දැකීම් උපයෝගී කරගනිමින් අලූත් ගමනක් ආරම්භ කිරීමට හැකිවීම සතුටට කරුණක් බව ගරු අමාත්‍යතුමා සඳහන් කළේය.

වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ව්‍යාප්ති නිලධාරින් ලෙස නව පත්වීම් ලද නිලධාරීන් අමතමින්‚ ගරු අමාත්‍යතුමා සඳහන් කළේ‚ මෙම පත්වීම් තම උරමත පැටවූ වගකීමක් මෙන්ම රටේ පොදුජන අපේක‍ෂා ඉටුකිරීමට උරදෙන රාජ්‍ය සේවකයෙකුගෙන් ඉටුවිය යුතු යුතුකමක් ලෙසින් ද සළකා උපරිම කැපවීමෙන් සේවය ලබා දිය යුතු බවයි. ඈත එපිට දුෂ්කර ගම්මානවල ජීවත්වන‚ මහපොළව සමඟ සිය දහඩිය‚ මුගුරු වගුරුවන සුවහසක් වූ ගොවි ප්‍රජාව උදෙසා යම් පමණකින් හෝ ඔබේ සේවය ලබාදිය හැකි නම් එය රාජකාරිය ද අතික්‍රමණය කළ මහඟ, පුණ්‍යකර්මයක් වනු නිසැකය. රාජ්‍ය සේවය මහජනයාගේ දෝෂදර්ශනයට ලක්වන යුගයක‚ එම ආකල්පයෙන් මිදුණු සුබවාදී රාජ්‍යසේවයක් වෙනුවෙන්‚ පදනම දැමීමට මූලිකත්වය ගත යුත්තේ "ඔබය" යන අදහසින් කළ යුතු දෙයක් වේ නම් නොපමාව එය කළ යුතු බව තරයේ සිහිතබා ගැනීම වැදගත්ය.

ගොවියා‚ නිෂ්පාදකයා‚ සැකසුම්කරුවා‚ අගය එකතු කරන්නා‚ යන පුරුක් දාමයෙහි ව්‍යවසායකත්වයට අවශ්‍ය තාක‍ෂණික සහය උපදේශන සහය මෙන්ම සම්බන්ධීකරණය සිදු කිරීමේ නියමුවා ලෙසින් ව්‍යාප්ති නිලධාරියා නිරතුරුව පුරෝගාමී මෙහෙවරක නියැලිය යුතුය.එහිදී ජාතික සංවර්ධනය උදෙසා ශ්‍රමය හා දැනුම සෘජුව ලබාදෙන නිලධාරියෙකු ලෙස සේවයේ කාර්යභාර්ය මෙන්ම ඒ හා බැඳුණු වටපිටාව පිළිබඳව ද නිරන්තරයෙන් අවධානයෙන් සිටීම වැදගත්ය. හුදෙක් න්‍යායට සීමාවුණු දැනුමට කොටු නොවූ‚ වඩාත් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි උපරිම සේවයක් රට වෙනුවෙන් ලබාදිය හැකි නම් වඩා වැදගත් වන්නේ එයයි.

රූස්ස වනස්පතියක් වන් කෘෂිකර්මාන්තයේ‚ මුල්‚ අතු‚ ඉති ගසට අවශ්‍ය වන්නේ යම්සේ ද එලෙසින් ම කෘෂිකර්මයේ විවිධ ක්ෂේත්‍රයන් සියල්ලක්ම ඒ හා බැඳී පවතින්නේ ගසට පොත්ත මෙන් වූ අවියෝජනීය බැඳීමකිනි. විශේෂයෙන් අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රය යනු කෘෂිකාර්මන්තයට විශාල ජවයක් ලබාදෙන සුවිශේෂී ක්ෂේත්‍රයකි. අපටම අනන්‍ය වූ වගා රටාවකට හිමිකම් කියමින් සමස්ත රටේ ජනතාවට ජීවනෝපාය සපයන අපනයන කෘෂි ක්ෂේත්‍රය වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ විෂය පථයට එක්වීම පිළිබඳව ඛෙහෙවින් සතුටට පත්වන බව ද‚ ගරු දුමින්ද දිසානායක මැතිතුමා මෙහිදී සඳහන් කළේය.රාජකාරිය උපරිමයෙන් සිදුකරන අතරතුර ඔබට බලපාන ගැටළු හමුවේ ඒවා වෙනුවෙන් වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමාත්‍ය‚ නියෝජ්‍ය අමාත්‍ය සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් සිටින බැවින් නොබියව රාජකාරිය ඉටුකරන ලෙස නවක පත්වීම් ලාභීන් අමතමින් ගරු අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශයේ ලේකම් බී විජයරත්න මහතා, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර රූපසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ.

2015/01/23 - දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් වැඩ කරමු

වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අමතමින් ගරු අමාත්ය දුමින්ද දිසානායක මැතිතුමා සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය රටේ දුප්පත් අහිංසක ජනතාව වෙනුවෙන් සේවය කරන අමාත්‍යාංශයක් බවය. මා සේවය කළ සෑම අමාත්‍යාංශයක්ම සියලූම දෙනා ක්‍රියා කළේ එකම අරමුණක් වෙනුවෙනි. එම නිසා කිසිම සේවකයෙක් අවිශ්වාස නොකර නව ගමන වෙනුවෙන් ඔවුන්ව සම්බන්ධ කර ගැනීම මාගේ අභිප්‍රායයි. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය කන්න දෙකක් නොව තුනක් වගා කළ හැකි තත්ත්වයක් නිර්මාණය කළ යුතු බවයි. තුන්වේලම බත් කන රටක් වශයෙන් අවශ්‍ය වන්නේ ආහාර නිෂ්පාදනය වර්ධනය කිරීමයි.

දුක් කම්කටොඵ විවිධ පීඩා මධ්‍යයේ මෙතැනට පැමිණි පිරිසක් වශයෙන් අප නැවත අපගේ සේවය ලබාදිය යුත්තේ එවැනිම පිරිසකට බව සිහිතබා ගැනීම වැදගත්ය. ඔබේ දෙමාපියන් දුක් මහන්සියෙන් උපයාගත මුදලින් ඔබට යම් අධ්‍යාපනයක් ලබාදුන්නේ එම දුක්ඛිත තත්ත්වයෙන් යම් පමණකට හෝ අස්වැසිල්ලක් ලබාගැනීම සඳහාය. එම නිසා ඉදිරි පරපුරට එම ප්‍රතිලාභ ලබාදීම සඳහා ඔබේ උපරිම සේවය කැපවීමෙන් ලබාදිය යුතුය. තමන්ට මුල මතකනම් අප ප්‍රතිඋපකාර කළ යුත්තේ අප වැනිම කණ්ඩායමකට බැවින් ඔවුන්ට උපරිමයෙන් සේවය කිරීම අපගේ වගකීමකි. තමන්ගේ රාජකාරිය නිවැරදිව සිදු කරන පිරිසක් වශයෙන් ඔබ සැම කෙරෙහි විශ්වාසයක් මා තුළ පවතී. රාජකාරියේ දී ඔබ අතින් මීට පෙර නොකළ යුතු දෙයක්ල වැරදි දෙයක් සිදු වූවා නම් එය නිවැරදිව ඉදිරියට කරගෙන යාම වඩා වැදගත්ය. දේශපාලඥයින් වශයෙන් අප අපේක්ෂා කරන්නේ ජනතාව වෙනුවෙන් සහන ලබාදීමය. මිනිසුන් රස්තියාදු නොකරනල හැකි ඉක්මනින් ඔවුන්ගේ කාර්යයන් ඉටුකර දිය හැකි රාජ්‍ය සේවයක් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක වගකීම් භාරගත හැකි ආකාරයේ වටපිටාවක් නිලධාරියා තුළ තිබිය යුතුය. සෑම අවස්ථාවකදීම ඉහළ නිලධාරීන්ගේ නියෝග ලැබෙන තුරු නොසිට සේවය වෙනුවෙන් කැපවෙන නිලධාරීන් සිටීනම් එය ජනතා සේවය කඩිනමින් ලබාදීමට හොඳ අවස්ථාවකි.

රටේ බහුතර ජනතාවගේ කැමැත්ත අනුව තේරී පත් වූ ජාතික ආණ්ඩුවක් යටතේ අලූත් ගමනක් ආරම්භ කිරීමට අප සැවොම එකට අත්වැල් බැඳගත යුතුය. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සියලූ ආගම් සහ ජාතීන් සමඟ එක්ව රට එක්සේසත් කළේ අලූතින් ගමනක් ආරම්භ කිරීම සඳහාය. ඔබේ දේශපාලන මතය කුමක් වුවත් මෙතැන් සිට ඔබ රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කිරීමට එකතු විය යුතුය.

රාජ්‍ය සේවකයින් වශයෙන් ඔබ නීති අණපනත් වලට අවනතව රාජකාරී කළ යුතු වුවත්ල එම නීතිමය වපසරිය තුළ වුවද උපරිමයෙන් රාජකාරී වෙනුවෙන් කැප වී අවසානයේ රටට බත සපයන ගොවීන් වෙනුවෙන් ඔබගේ සේවය සැලසීම වඩාත් වැදගත්ය. රාජ්‍ය සේවකයින් වශයෙන් මේ සියල්ල පිළිබඳව ඔබට අවබෝධයක් තිබුණත් මා සිහිපත් කරන්නේ අප අතින් ගිලිහී යා හැකි කාරණා පමණි. කුමක් කළත් අවසාන ප්‍රතිඵලය විය යුත්තේ ජනතා සහය උපරිමයෙන් ලබාදීමයි.

දැන් මැතිවරණය අවසන්ය. එකම අරමුණක් වෙනුවෙන් තමන්ගේ දේශපාලන පසෙකලා එකම අරමුණක් වෙනුවෙන් පවතින රජයට සහයෝගය දැක්විය යුතු කාලය දැන් එළඹ තිබේ. තමන් පෞද්ගලිකව දරන දේශපාලන මතවාදය වෙනුවටල රටේ අපේක්ෂාවන් තහවුරු කරන සාමාජිකයින් වශයෙන් නිරවුල් මනසින් නව ගමනක කොටස්කරුවන් වීමට වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට ආරාධනා කරන බව ගරු අමාත්ය දුමින්ද දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

නව රජය යටතේ වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්ය වශයෙන් පත් වූ ගරු දුමින්ද දිසානායක මැතිතුමා අමාත්‍යාංශයේ නිලධාරීන් ඇමතීමේ අවස්ථාව 2015.01.23 වන දින ගොවිජන මන්දිර පරිශ්‍රයේ දී පැවැත්විණ. මෙම අවස්ථාවට වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියොජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මැතිණිය ද සහභාගී විය.

මේ අවස්ථාව සඳහා වාරිමාර්ග අමාත්‍යාංශයේ සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රැුසක් සහභාගී වූහ.

2015/01/20 - අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා රථ පෙළපාලිය

වාරි මාර්ග අමාත්‍යය ලෙස අභිනවයෙන් පත් වූ දුමින්ද දිසානායක අමාත්‍යයවරයා ඊයේ (19) සිය ගම් පියස වන අනුරාධපුරයට පැමිණි අවස්ථාවේ ඔහුගේ ආධාරකරුවන් ඉතා උණුසුම් අයුරින් ඒ මහතා පිළිගත්හ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන අවස්ථාවේදී ඒ මහතා සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අධ්‍යාපන සේවා අමාත්‍යය ධූරයද හැරදා පැමිණි දුමින්ද දිසානායක මහතාට ඉහළ ජනතා ප්‍රසාධයක් ලැබිණි.නව වාරී මාර්ග අමාත්‍යයවරයාට බුලත් හුරුළු දී, මල් මාලා පළදවා ජය ඝෝෂා නගමින් ජනතාව සිය සතුට ප්‍රකාශ කර සිටියේය.

දුමින්ද දිසානායක මහතා වාරි මාර්ග අමාත්‍යයවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඊයේ (19) කොළඹ සිට පාදෙනිය මාර්ගය හරහා අනුරාධපුරට පැමිණි අතර, කළා ඔය පාලම අසලින් ඒ මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව පිළිගත්හ.අනතුරුව බුදුන් වැද,ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් කඩවර දෙවියන්ට වූ භාරයක් ඔප්පු කරමින් කිරි ඉතිරවීම සිදු කළ අතර ඉන් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා රථ පෙළපාලියකින් අමාත්‍යයවරයා ඇතුළු පිරිස ගමන් කළහ.මෙම රථ පෙළපාලියේ රථ වාහන 500 ක් පමණ ගමන් කළ අතර, සෑම ප්‍රධාන නගරයකම අමාත්‍යයවරයා පිළි ගැනීම සදහා උත්සව සංවිධානය කර ති බිණි. මාධ්‍යට අදහස් දක්වමින් නව වාරි මාර්ග අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ

“ මා හට අනුරාධපුර දිස්ත්‍රික්කයට සේවය කළ හැකි හොද අමාත්‍යංශයක් ලැබිලා තියනවා.අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එතුමාත් සමග එකට ඇමති ධූර අතහැර දා පැමිණි මම අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු ලෙස සතුටු වෙනවා.මේ රටට මෙන්ම උතුරු මැද පළාතට අපිට සාධාරණයක් ඉටු කිරීමට හැකි වෙලා තියෙනවා. ඉතිහාසයේ පළමු වතාවට තමයි වාරි මාර්ග අමාත්‍ය ධූරය අනුරාධපුර දිස්ත්‍රික්කයට ලැබෙන්නේ.වාරී මාර්ග අමාත්‍යංශය මගින් මුළු ලංකාවේම වගේම උතුරු මැද පළාත තුළ ක්‍රියාත්මක වෙන විශාල ව්‍යාපෘති ගණනක් තිබෙනවා.එම ව්‍යාපෘති ඉදිරියට සාර්ථකව කර ගෙන යාමට මම බලාපොරොත්තු වෙනවා.

ජනාධිපතිවරණය සමයේ අධික වර්ෂාවත් සමග ගංවතුර තත්වයක් ඇති වුණා එම ගංවතුරින් ජනතාවට පීඩාවට ලක් වුණා.ඒ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට බළාපොරොත්තු වෙනවා.ඒ වගේම අමාත්‍යංශය පමණක් නෙමෙයි මුළු රටම ඉදිරියට ගෙන යන්න අපිට වගකීමක් තියෙනවා.අපි ජනාධිපතිවරණයේදී ජනතාවට කිව්වේ මේ රට ඉස්සරහට ගෙන යනවා කියලා, ඒ සදහා පක්ෂ බේද, පාට බේද අමතක කරලා එක් වෙන්න කියලා අපි ආරාධනා කළ, ජනතාව ඒ සදහා අවශ්‍යය ශක්තිය අපට ලබා දුන්නා.ඒ අනුව අපිට දැන් අමාත්‍යයවරුන් ලෙස ලොකු වගකීමක් තියෙනවා අපේ මැතිවරණ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට.ඒ වෙනුවෙන් අපි රජයක් ලෙස මේ වන විට කටයුතු සිදු කරමින් සිටිනවා

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ මැති ඇමතිවරුන් අපේ ගමනට ශක්තියක් වන්න අපිත් සමගින් අත් වැල් බැදගනිමින් සිටිනවා.මේ සියළු කණ්ඩායම් එක්ක අපි ජනතාව බලාපොරොත්තු වන දේ ලබා දීමට කටයුතු කරනවා

ඒ වගේම මේ ජනාධිපතිවරණයේදී විශේෂ සිදුවීමක් සිදු වුණා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සභාපතිවරයා හා මහ ලේකම්වරයා තරග කරලා, මහ ලේකම්වරයා ජයග්‍රහණය කරලා ඔහූ සභාපති ධූරයට පත් වුණා.වෙන මැතිවරණ වලින් පස්සේ නම් වෙන්නේ පරාජය වුණ කණ්ඩායම ඊළග මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන එක.හැබැයි මේ මැතිරවරණයේ වෙනසක් තියෙනවා.පරාජය වුණ කණ්ඩායම දිනපු කණ්ඩායමේ පොරොන්දු ඉටු කරන්න ශක්තිමත් කරන්න එකතු වෙලා සිටිනවා.අද සියළු ආගම්, සියළු පක්ෂ, සියළු ජාතීන් අද රට හදන්න එකතු වෙලා ඉන්නවා.අපි දැන් රට හදමු.දැන් මුළු රටම දිනලා තියෙන්නනේ.එක කණ්ඩායමක් වැජඹුණ යුගය අවසන් කර මුළු රටම වැජඹෙන යුගයකට යාමට සියළු දෙනාට ආරාධනා කරනවා යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා පැවසීය.

2015/01/19 - අපි මේ ජයග්‍රහණයේ ප්‍රථිපල තවම අරගෙන නෑ

අපි ලබපු ජයග්‍රහණය අපිත් එක්ක හිටපු අයටවත් ස්ථීර වෙලා තිබුණේ නෑ, මොකද හැමෝම මහින්ද රාජපක්ෂ කියන නමටත් භයයි. මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිවරයා පරද්දන්න පුළුවන් වෙයිද කියන කාරණාව හැමෝම හීනයක් විදිහට තමයි දැක්කේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයට අභියෝග කරන්න කවුරුත් සූදානම් වුණේ නෑ,එතුමා විධායක බලතල පාවිච්චි කරලා පෙන්නුවා මෙවැනි බලයක් තමයි මට තියෙන්නේ කියලා.ඒ බලතල වලට මේ රටේ ජනතාව ගොඩාක් භය වුණා.ඔහුට විරුද්ධ වෙන්න බොහෝ දෙනා මැලි වුණා.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පමණක් නෙමෙයි ඔහුගේ නිවසේ කෙනෙකුටවත් විරුද්ධ වෙන්න බොහෝ දෙනෙක් භය වුණා යැයි වාරි මාර්ග හා කෘෂි කර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (20) අනුරාධපුර නව බස් නැවතුම්පළෙහි පැවති ජන හමුවක් අමතමින්ය.

මේ රටේ යහපාලනයක් ඇති කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් කළ යුතුයි යන්න බහුතර ජනතාව තීරණය කළා.එය මේ මුළු රටම ලැබූ ජයග්‍රහණයක්.අපිට මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග පුද්ගලික ආරවුලක්, පෞද්ගලික තරහක් මරහක් තිබුණේ නෑ,එතුමාගේ රාජ්‍යය පාලන සමයේ මේ රට වැරදි පාරක යන විට ඒක හරි පාරට ගේන්නයි අපිට වුවමනාව තිබුණේ.අපි මේ රටේ ජනතාවට වුණ පොරොන්දු කිහිපයක් තියෙනවා.මේ රටේ යහපාලනය උදා කරන්න, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න,මේ රට පුරා සිදු වන හොරකම, දූෂණය, වංචාවට තිත තබා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න,එක කොටසක් දියුණු වෙනවා වෙනුවට සෑම නිවසකම තුන් වේල බත් කන යුගයක් බිහි කරන්නයි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පුටුවේ වාඩි කරලා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණේ.ම

සමහර වෙලාවට අපිට උදව්කරපු අයට පවා සැකයක් තියෙන්න ඇති මේ ජනාධිපතිවරණය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද කියලා.මොකද අපි හැප්පුණේ විධායක බලය තියෙන ජනාධිපතිවරයෙක් එක්ක.ඒ විතරක් නෙමෙයි නම කිව්වාම භය වෙන පුද්ගලයෙක් එක්ක.සමහර වෙලාවට පරද්දන්න බැහැයි කියලා හැමෝගෙම හිතේ තිබුණ පුද්ගලයෙක් එක්ක තමයි අපි සටන් කළේ.හැබැයි අපිට විශ්වාසයක් තිබුණා අපි කරන දේ හරි නිසා, අපේ ඉලක්කය හොද නිසා, අපේ බලාපොරොත්තුව මේ රටේ අනාගතය ගැන නිසා,මේ සටන අපි ජයග්‍රහණය කරනවා කියන විශ්වාසය අපිට තිබුණා.

මේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි බොහෝ පිරිසක් ඉන්නවා.සමහරු එළිපිට ඇවිත් ප්‍රසිද්ධියේ උදව් කළා.සමහරු පක්ෂ කාර්යාල දැම්මා. සමහරු ගෙවල් වල රැස්වීම් තිබ්බා.සමහරු හොරෙන් උදව් කළා.තව සමහරු අපිත් එක්ක වචනයක්වත් කථා නොකර ජන්ද මධ්‍යස්ථානයට ගිහින් අපිට කතිරය ගහලා උදව් කළා.ඒ නිසා අපිට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණා.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනුවෙන් මම ඒ සියළු ජනතාවට ස්තූති වන්ත වෙනවා.

අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට දිනපු අපි වගේම පැරදිච්ච කණ්ඩායමේ සහයෝගයත් ලබා ගන්න හැකි වුණා.වෙනදාට පැරදුණ කණ්ඩායම දිනපු කණ්ඩායමට ඊරිසියා කරනවා, වෛරි කරනවා, ක්‍රෝද කරනවා.කකුලෙන අදිනවා, අකුල් හෙලනවා.හැබැයි අපි අද සන්තෝෂ වෙනවා අපි කියපු දේ මේ රටේ සමස්ථ ජනතාවගේ මතය වෙද්දී පැරදිච්ච කණ්ඩායමේ සහයෝගයත් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබුණා.මේක ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට සිදු වූ දෙයක්.තමන්ගේ බලාපොරොත්තු පැත්තකින් තියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ගමන හරි ගමනක් අපි ඒ ගමනට උදව් කරනවා, ශක්තිය ලබා දෙනවා කියලා අපිත් එක්ක බොහෝ දෙනෙක් එකතු වෙලා තියෙනවා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ රටේ පැවති යුද්ධය අවසන් කරන්න නායකත්වය දුන්නා වගේම, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රට පවුල් පාලනයෙන් මුදවා ගෙන මේ රට එක්සේසත් කරන්න නායකත්වය ලබා දුන්නා.සියළු පක්ෂ, සියළු ජාතීන්, සියළු ජන වර්ග අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ගමනට ආශිර්වාද කරනවා.දැන් අපිට තියෙන්නේ මේ රට ගොඩනගන්න.අපි දුන්න පොරොන්දු ටික, අපි දුන්න බලාපොරොත්තු ටික අපි දැන් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

අපි මේ ජයග්‍රහණයේ ප්‍රථිපල තවම අරගෙන නෑ, ඒ නිසා ඒ ප්‍රතිඵල ලබා ගන්න අපිත් එක්ක තව තවත් එකතු වෙන්න.ජන්දය දීලා විතරක් හරියන්නේ නෑ,මේ රට හරි පාරට දාන්න පෙළ ගැහෙන්න.කෘෂි කාර්මික රටක් වෙන මේ රටේ ලොකුම වගකීමක් මට ලබා දීම පිළිබදව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ස්තූති වන්ත වෙනවා.මේ ගමනේදී මට ශක්තියක් ලබා දුන් , ආශිර්වාද කළ තවත් පුද්ගලයෙක් ඉන්නවා.ඒ තමයි මගේ පියා බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා.එතුමාගේ ආශිර්වාදය, ශක්තිය, බැල්ම තියෙන නිසා තමයි පක්ෂයේ ඉන්න ලාබාලම තරුණයෙක් වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ පතාක යෝධයෙක් එක්ක හැප්පෙන්න හයිය ශක්තිය ලැබුණේ.අපේ පක්ෂයේ බොහෝ අය හිටියා.හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග හැප්පුනේ නෑ, වචනයක් විරුද්ධව කථා කලේ නෑ භයට.හැබැයි දැන් නම් බොහෝ අය එතුමට බලය නැති වුණාට පස්සේ බොහෝ දේවල් කියනවා.හැබැයි මට ශක්තිය තිබ්බා එතුමට බලය තියෙද්දී එතුමත් එක්ක හැප්පෙන්න.අද බලය නැති වෙලේ තමයි ගොඩාක් අය හැප්පෙන්නේ.ඒ ශක්තිය මට ලබා දුන්නේ මගේ පියා.මගේ පියාගේ අවමංගල්‍යය දවසේ ආරම්භ කළ සටන අපි ජයග්‍රහණය කළා කියන දේත් මතක් කරන්න ඕන. යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක අමාත්‍යයවරයා පැවසීය.

2015/01/16 - වාරිමාර්ග ගරු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා වැඩ භාර ගැනීම

පසුගිය පැවති ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග‍්‍රහනයක් ලැබ අභිනවයෙන් පත්වූ අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ රජයේ වාරිමාර්ග කැබිනට් අමාත්‍ය ධූරයේන් පිදුම් ලැබු ගරු අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමන් අද දින (2015.01.16) වාරිමාර්ග අමාත්‍යාංශයේ නිල වශයෙන් රාජකාරි ඇරඹිම ඡුායාරූපයෙන් දැක්වේ.

දුමින්ද දිසානායක මැතිදුන් 2000 වර්ෂයේ ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ලාබාලතම මන්ති‍්‍රවරයා වශයෙන් අවුරුදු 21දී පාර්ලිමේන්තුවට පැමැණිම. එහිදි අධ්‍යාපන අධීක්‍ෂණ මන්තී‍්‍රධුරයද ඔහුට දෙන ලදි.

එතැන් පටන් 2004 වර්ෂයේදී කාර්මික අධ්‍යාපන සහ නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්විම.(ප‍්‍රථම ලාබාලතම නි. අමාත්‍යවරයා)


2004 ශී‍්‍ර.ල.නි.ප තරුණ සංවිධානයේ උප සභාපතිදුරයෙන් පිදුම් ලැබිම.
2005 වරාය සහ ගුවන් සේවා නි. අමාත්‍යධුරය
2007 ඛණිජ තෙල් සම්පත් කැබිනට් නොවන අමාත්‍යවරයා
2010 තැපැල් හා විදුලි සංදේශ
2011 යෞවණ කටයුතු හා නිපුණතා සංවර්ධන නි. අමාත්‍යවරයා
2013 ශී‍්‍ර ලංකාවේ ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා විම ( අධ්‍යාපන සේවා අමාත්‍යධුරය)

2015 වෙනසක් ඇති කරමින් දින 100කින් අලූත් රටක් ගොඩ නංවන ගමනේ ආරම්භයක් ලෙස ශී‍්‍ර ලංකාවේ ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා වශයෙන් වාරිමාර්ග කටයුතු පිලිබද ගරු අමාත්‍යධුරය හිමිවිම.

තම ඉවසිම, කාර්යශූරත්වය, එඩිතර කම සහ අභියෝගයන් හමුවේ ජනතා විශ්වාසය දිනාගත් අභිමානනීය තරුණ නායකයා ඔහුය.

සමාජ දේශපාලන සංස්කෘතික පුනර්ජිවයක් උදෙසා අලූත් රටක් ගොඩ නගමු.

2014/11/17 -දැනුමේ කේන්ද්‍රස්ථානයට යන මග එළි පෙහෙලි කරමින්....හොඳම දේ දරුවන්ට ලබා දුන් යුග පුරුෂයා....

යුද්ධය ජන ජීවිතය ශාපයක් වෙමින් ,අරාජිකත්වයට පත් වෙමින් තිබූ ශ්‍රී ලංකාව එක්සේසත් කර සංවර්ධනය කළ යුතුය යන්න කාගේත් සිත්වල පැන නැගි ප්‍රාර්ථනාවක් පමණක් විය. ඒ සිහිනයට පණ දිය හැකි දියසෙන් කුමරුවෙක් ජනතා මනාපයෙන් ජනාධිපති ලෙස එදා පත්විය.‍‍දෙකෝටියකට ආසන්න ජනයාගේ සිහිනය සැබෑ කළ ගිරුවාපත්තුවෙන් බිහි වූ ගැමිකමින් සුවද වත් ඒ ජන නියමුවාගේ උපන් දිනය මෙන්ම පදවිප්‍රාප්තිය මේ රට නව මානයකට යොමු කර වීමක් විය.

ඉන්දිය සාග‍රයේ මුතු ඇටයෙහි ඔපය ඉහළ නැංවූ අපරාජිත නායකයා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ය.එතුමන් 2009 වසරේ ‍ශ්‍රී ලංකා ද්වීපයම එක්සත් කිරීමේ පසු,මේ රට තුළ ඇති කළ සමාජ, ආර්ථික හා දේශපාලන ඒකාබද්ධ සහ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියෙන් රට දියුණුවෙන් දියුණුවටම පත්විය.සියවසක වැඩ දස වසක් තුළ නිම කිරීමට නිර්ව්‍යාජ ජනපතිදුන්ගේ දුරදර්ශී නායකත්වයට හැකි විය.

මහින්ද චින්තන සංවර්ධන ක්‍රමෝපාය සැලැස්ම යටතේ රට තුළ ක්‍රියාත්මක වූ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්තී මෙන්ම නව සංවර්ධන ව්‍යාපෘතීන් හේතුවෙන් ආසියාවේ නැගී එන මධ්‍යම ආදායම් ආර්ථිකයක් සහිත රටක් බවට වර්ථමානය වන විට ශ්‍රී ලංකාව පත්ව ඇත.මේ තත්වයතව තවත් ඉහළ මට්ටමට පත් කිරීමේ සංවර්ධනයේ වේගවත් ප්‍රවේශයන් ඇති කරමින් ශ්‍රී ලංකා‍ව ආසියාවේ ශක්තමත් ආර්ථිකයක් සහිත රටක් බවට පත් කරමින් ,ආසියාවේ ආශ්චර්ය කරා මේ රට ගෙන යාමේ ශක්තිමත් පදනම මේ වන විට අතිගරු ජනාධිපතිතුමන් මෙරට තුළ ස්ථාපිත කර ඇත.එය රටක් වශයෙන් අප ලැබූ විශාල ජයග්‍රහණයකි.

හොදම දේ දරුවන්ට යන තේමාව යටතේ අතිගරු ජනාධිපතිතුමන් මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින දරු පරපුර වෙනුවෙන් පසුගිය වසර කිහිපය පුරා කළ කී දේ අතිමහත්ය. රටක අධ්‍යාපනය යනු එම රටේ අනාගතය තීර්ණය කරන ප්‍රධානතම සාධකය වන බව නොරහසකි. මේ වන විට ශ්‍රී ලංකාවේ ගම් නියම්ගම් පුරා සිටින දූ දරුවන් වෙනුවෙන් සියළු පහසුකම් සහිතව නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ අප රටට ශක්තිමත් අනාගතයක් ගොඩ නැගීමේ අරමුණින්ය.

පාසල් දරු දැරියන්ගේ සාක්ෂරතාව ඉහළ නැංවීම සදහා අතිගරු ජනාධිපතිතුමන් අති විශාල කාර්යභාරයක් ඉටු කළේය. පාසල් දරු දැරියන්ගේ සාක්ෂරතාව ඉහළ නැංවීමට අමතරව ඔවුනගේ පෝෂණය ඉහළ නැංවීම සදහා දිවා අහාරය, කැඳ කෝප්පයක් මෙන්ම කිරි වීදුරුවක් ලබා දීමටද අතිගරු ජනාධිපතිතුමන් ගත් තීරණය රජරට වැනි දුෂ්කර ප්‍රදේශයක ජනතා මනාපයෙන් බිහිවූ තරුණ නායකයකු ලෙසින් මා ඉතා අගය කරමි.

පසුගිය අය වැයේදී මේ රටේ සියළුම දුෂ්කර හා අතිදුෂ්කර පාසල් වල අධ්‍යාපනය ලබන සියළුම පාසල් සිසු සිසුවියන් සදහා ඉතිහාසය ප්‍රථම වරට පාවහන් යුගලක් හා අතිරේක නිළ ඇදුමක් ලබා දීමට ජනාධිපතිතුමන් දුන් පොරොන්දුව අනුව, මේ වසරේදී එම අතිරේක නිළ ඇදුම හා පාවහන් යුගල සිසු අයිතියට පත් කිරීම සිදු විය. ඒ මගින් ‍දරුවන් පාසල් පැමිනීමේ ප්‍රවනතාවක් ඇති වූවා මෙන්ම,පාසල් දරුවන්ගේ දෙමාපියන්ටද එය විශාල සහනයක්ම විය.රට පුරා මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර දහසක් ඉදි කරමින්, පාසල් සංවර්ධනය කරමින් , පාසල් සදහා භෞතික සම්පත් ‍නොඅඩුව ලබා දෙමින් අතිගරු ජනාධිපතිතුමන් දැනුමේ කේන්‍ද්‍රස්ථානය බවට මේ රට පත් කිරීමට උත්සහ ගනිමින් මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් කරන්නා වූ අති මහත් කැප කිරීමේ අස්වැන්න වන ආසියාවේ ආශ්චර්ය මෙන්ම ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය වීම නුදුරේදීම අපට නෙලා ගත හැකි වනවා නොඅනුමානය.

සුදු පැහැති ජාතික ඇදුමත්, කුරහන් පැහැති සාටකයක් පැළඳි එඩිතර, ප්‍රතාපවත්, සෘජූ මේ මහා යුග පුරුෂයා ජනතා සිතින් කිසිවකුටත් කිසි දිනකත් අකාමාකා ලිය නොහැකි වන්නේ මේ රට සංවර්ධනය කළ නියමුවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් නිසාවනි.කොතරම් බාධක පැමිණියද මේ රටේ බිහිවූ අපරාජිත නායකයා මෙන්ම මේ ර‍ටට නව ජීවයක් ලබා දුන් නායකයා ඔහූය.තව තවත් මේ රට සංවර්ධනය කරන්නට මහින්ද රාජපක්ෂ ජනපතිතුමනි ඔබට භාරයි. ආදරණිය ජනපතිදුනි.. චිරන් ජයතු.....

දුමින්ද දිසානයක අධ්‍යාපන සේවා අමාත්‍යය

2014/09/30 -බර්ටි ප්‍රේමලාල් චරිතය මේ රටේ හැදෙන මිනිසුන්ටත්, හැදිච්ච මිනිසුන්ටත් ආදර්ශයක් - තිසර සමල් - එප්පාවල

බර්ටි ප්‍රේමලාල් චරිතය මේ රටේ හැදෙන මිනිසුන්ටත්, හැදිච්ච මිනිසුන්ටත් ආදර්ශයක්.මේ රටේ මිනිස්සු බර්ටි ඇමතිතුමාටකිව්වේ දූවිල්ලෙන් උපන් මිනිසා කියලයි.කදුලින්, දුකින්, වේදනාවෙන්, බඩගින්නෙන් නැගී සිටි මිනිසෙක් තමයි බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්.මේ මහ පොලොව සශ්‍රීක කරන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අනන්ත දුක් ගැහැට වින්ද , හිරේ විලංගුවේ වැටිච්ච අසහාය ,උදාරතර සත්පුරුෂ නායකයාගේ අභාවය අපට අමතක කරන්න බෑ යැයි උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ජයන්තී විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් පැවසීය.උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ පෙරේදා (26) උතුරු මැද ජනතාව වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කළ රජරට නායක හා උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පළමු ගුණ සැමරුම වෙනුවෙන් මහා සංඝරත්නය සිය නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරි නැමීම සැනසුම නිවසේදී සිදු කිරීමෙන් අනතුරුව අනුශාසනාවක් සිදු කරමින්ය.

බර්ටි දිසානායක මැතිතුමන්ට පිං පිණිස 26 වැනි දින පස්වරු 03.00 ට අනුරාධපුර දහයියාගම මංසන්ධියේදී ඝණ දෙවි පූජාව හා කිරි ඉතිරවීමක් සිදු කළ අතර, එදින පස්වරු 07.00 ට බර්ටි දිසානායක මැතිතුමන් දිවි ගෙවූ අනුරාධපුර සැනසුම නිවසේදී පිරිත් සජ්ජායනාවක් පැවැත් විණි. පෙරේදා (27 වැනි දින) බර්ටි දිසානායක මැතිතුමන්ට පිං පිණිස තඹුත්තේගම ශ්‍රී ලංකා නිදහප් පක්ෂ කාර්යාලයේදී පෙරවරු බත් දන්සැලක් පවත්වා, එදින පෙරවරු 11.00 ට මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරි නැමීම සැනසුම නිවසේදී සිදු කෙරිණි.

අපි කවුරුත් නොසිතු නොපැතූ අකාරයට බර්ටි ප්‍රේමලාල් දිසානායක නම් මහා උත්තුංග නායකයා අභාවප්‍රාප්ත වෙලා වර්ෂයක් ගත වෙලා.මේ පිංකමේදී වැස්සේ නැත්තන් ආයේ වහින්න කාලයක් නෑ.මේ කර්කෂ පොළව සශ්‍රීක කළ නායකයෙකුට ස්වභාව ධර්මය පුදන උතුම්ම ආශිර්වාදය හැටියට අපි දකිනවා මේ ධාරානීපාත වර්ෂාව.බර්ටි ඇමතිතුමා වැස්ස වගේමයි.වැස්ස වගේම මේ මහ පොළව සශ්‍රීක කළ මහා උත්තුංග නායකයා.මිනිසුන්ගේ දුක්ක දෝමනස්සයන් වලදී මේ ලොව්තුරා බුදු පා පහසින් පහස ලද රජරට ජය ශ්‍රී මහා බෝධීරාජයාන්න ප්‍රධාන අටමස්ථානය සුරක්ෂිත කරන්නත්, ඒ වගේම ලක් ඉතිහාසයේ ලක් රජවරුන්ගෙන් පසු දළදා පෙරහැර පටන් අරගෙන අවුරුදු 13 කට අධික කාළයක් දළදා පෙරහැර පවත්වමින් පෞරාණික සංස්කෘතිකාංග මේ මහා පොලොවේ රගදක්වන්නත් සංකල්පමය අදහසක් පහළවු එකම නායකයා බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමයි.

ඒ වගේම රජරට නොයෙක් අංශවල, නොයෙක් අයගේ අභිවෘද්ධිය උදෙසා සුවිශාල මෙහෙවරක් දිවා රාත්‍රී දෙකෙහිම බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන් සිදු කළා.උතුරු මැද පළාතේ වෙහෙර විහාර දියුණු කරන්න තම ජීවිත කාලයම කැප කළ නායකයා බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන් කිව්වොත් මම නිවැරදියි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යය මෛත්‍රීපාල සිරිසේන, අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක,යන මහත්වරුන්ද අදහස් දැක්වූහ.

බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්ගේ වර්ෂ පූර්ණ පිංකම ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සිදු වී හමාරයි.26 වැනි දින තුන් යම් රාත්‍රියේම පරිත්‍රාණ ධර්ම දේශණය දේශනා කරලා, පසුදා (28) උදේ කාලයේ බුදු පාමොක් සංඝ දක්ෂිණාවක් පූජා කරලා.සැනසුම නිවසට මහා සංඝරත්නය වඩමවා බොහෝම ප්‍රනීත ආකාරයට දානය පූජා කළා.හාමුදුරුවරු දහස් ගණනකට දානය පූජා කිරීම පුරුදු කළේ අපේ බර්ටි ප්‍රේමලාල් දිසානායක හිටපු මහ ඇමතිතුමායි.පුරාථන රාජ රාජ මහා අමාත්‍යයාදීන් අනුගමනය කළ ආකාරයට බර්ටි ප්‍රේමලාල් මැතිතුමා මහා පිංකම් කළා.මහා පෙරහැරවල් දළදා හාමුදුරුවෝ වෙනුවෙන් සිදු කළා.මහා දන් දීලා, මහා පිංකම් සිදු කරලා රජරට දුගී දුප්පත් ජනතාව නගා සිටුවන්න උදාර මෙහෙවරක් සිදු කළ ඒ සත්පුරුෂ මහා දානපතියා අපෙන් වෙන්වෙලා අවුරුද්දක් ගත වෙලා අවසන්.ලොකු කුඩා සෑම කෙනෙකුගේම ගෞරවයට ආදරයට පාත්‍ර වූ ජනතා නායකයා බර්ටි ප්‍රේමලාල් දිසානායකයන්ය.මිනිසුන්ගේ දුකේදී,සැපේදී සිටි සංවේදී නායකයා බර්ටි දිසානායක මහ ඇමතිතුමයි.

ඒ වගේම රජරට වෙහෙර විහාර දියුණු කරන්න මහා සංඝරත්නයේ නිරන්තර අභිවෘද්දිය වෙනුවෙන් ප්‍රධාන දායකයා ලෙස එතුමා කටයුතු කළා.ඒ වගේම එතුමා සම්මා සම්බුද්ධ ශාසනයේ ලැබිය යුතු සම්මාන රැසක් ලබා ගෙන තියෙනවා.එතුමා ගැන වචනයකින් දෙකකින් කියලා නිම කරන්න බෑ.ඒ ගුණ බර අසහාය නායකයා නිරන්තරයෙන් අපේ හදවත් තුළ ජීවත් වෙනවා.රූප කාය වශයෙන් බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා අප අතර නැතත්,එතුමා ජනතා හදවත් තුළ සදා කාලයෙන් සදා කාලයට ජීවත් වෙනවා.ඒ වගේම බර්ටි දිසානායක මැතිතුමන්ට පිං පිනිස එතුමන්ගේ පුත්‍ර රත්නය වන දුමින්ද දිසානායක මැතිතුමන් මාසික පිංකම් මාලාවක් සංවිධානය කරනවා.සෑම මාසයකම ප්‍රසිද්ධ දේශකයානන් වහන්සේ නමක් අනුරාධපුර දිස්ත්‍රික්කයට වැඩමවලා ධර්ම දේශනාවක් පවත්වලා දහම් පඩුරු පූජා කරලා, දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රධානය කරලා.නිවාස හදලා දීලා බර්ටි මැතිතුමන්ගේ ගුණස්කන්දය නිරන්තරයෙන් සිහිපත් කළා.

බර්ටි දිසානායක මැතිතුමා මේ පිංකම් වල නිර්මාතෘවරයා හැටියට අපි සිහිපත් කළ යුතුයි.අසහාය නායක බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන් සැපයෙන් සැපයට පත් වේවා.දුක් දුරුකර ගනීවා.සසර වසනාතුරු, නිවන් දකිනා තුරු මෙවන් රෝගාබාධයකට ලක් නොවේවා.

බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන් නවතපු තැනින් පටන් ගන්න එතුමන්ගේ ජේෂ්ඨ පුත්‍ර අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මැතිතුමන් භාර අරගෙන සිටිනවා.දුමින්ද දිසානායක මැතිතුමන් නිසා බර්ටි ඇමතිතුමා අපි අතර තවමත් ජීවත් වෙනවා කියලා හැගෙනවා.යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන් පැවසූහ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, රාජ්‍යය නිළධාරීන් හා අති විශාල ජනතාවක් සහභාගී වූහ.

2014/09/30 -බර්ටි දිසානායකයන් අනුස්මරණය කරයි

උතුරු මැද ජනතාව වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කළ රජරට නායක හා උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පළමු ගුණ සැමරුම් උත්සවය ඊයේ (28 වැනි දින) අනුරාධපුර ගුවන්තොටුපල පාරේ පිහිටි සැනසුම නිවසේදී අග්‍රඅමාත්‍යය දී.මූ ජයරත්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් සෞඛ්‍ය අමාත්‍යය මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්ගේ පිළිරුවට පුෂ්ප උපහාර දක්වමින් මෙම උත්සවය ආරම්භ කෙරිණි. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සාමාජිකයින් දෙදහසක් සදහා උපහාර පිරිනැමීම, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 160 දෙනකු හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් 80 දෙනෙකු සදහා බර්ටි දිසානායක පදනම මගින් රක්ෂණ ආවරණ පිරි නැමීමද සිදු කෙරිණි.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සාමාජිකයින්ට උපහාර පිදීම සංකේතාත්මකව අග්‍රඅමාත්‍යයතු දී,මූ ජයරත්න මැතිතුමන් හා ශ්‍රී ලංකා නිදහප් පක්ෂ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සිදු කළ අතර, ඉන් අනතුරුව පැමිණි සියළුම පැරණි සාමාජිකයින් සදහා අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මැතිතුමා අතින්ම සම්මාන පිරිනැමීම විශේෂත්වයක් විය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රඅමාත්‍යය දී.මූ ජයරත්න මහතා කියා සිටියේ දේශපාලනයේ සුළු පිරිහීමක් වර්ථමානයේ සිදුව තිබෙන බවත්,ජනතාවට ආදරය කරන බර්ටි දිසානායක මැතිතුමන් වැනි නායකයින් දැන් දුලභ බවත්,එවැනි නායකයන් කිහිපදෙනක් පමණක් සිටිනා බවත්, බර්ටි දිසානායක මැතිතුමන් දේශපාලඥයින්ට ආදර්ශයක් බවත්ය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යය මෛත්‍රීපාල සිරිසේන, අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක,යන මහත්වරුන්ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ප්‍රාදේශී්‍ය දේශපාලඥයින්, රාජ්‍ය නිළධාරීන්, මාධ්‍යවේදීන් හා ශ්‍රී ලංකා නිදහසස් පක්ෂයේ පැරණි සාමාජිකයින් පන් දහසකට ආසන්න පිරිසක් සහභාගී වූහ.

2014/09/30 -උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්ගේ අභාවප්‍රපාප්ත වී වසරක් ගතවීම නිමිත්තෙන් නිවසක් පරිත්‍යාග කිරීම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපරිමිත මෙහෙයක් සිදු කළ කෘතහස්ත දේශපාලඥයකු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජේෂ්ඨ උප සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් නායක, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්ගේ පළමු වැනි අනුස්මරණ ගුණ සැමරුම වෙනුවෙන් විලච්චිය යාය 04 ගම්මානයේ කුඩා කටු මැටි පැලක සිය දරුවන් සිව් දෙනා සමගින් දිවි ගෙවූ ඩබ්.එම් තිළකරත්නබංඩා මහතාට නිවසක් තනා පරිත්‍යාග කිරීම ඊයේ (29) සිදු කෙරිණි.

බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්ගේ 60 වැනි ජන්ම දිනය යෙදී තිබුණු පසුගිය ජූලි 15 වැනි දින විලච්චිය යාය 04 ගම්මානයේ කුඩා කටු මැටි පැලක සිය දරුවන් සිව් දෙනා සමගින් දිවි ගෙවූ ඩබ්.එම් තිළකරත්නබංඩා මහතාට නිවසක් තනා දීම සදහා මුල් ගල් තැබීම අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සුරතින් සිදු කෙරිණි.මාස 03 කට ආසන්න කාළයක් තුළ මෙම නිවස සාදා තිළකරත්න බංඩා මහතාට පරිත්‍යාග කිරීමට හැකිවීම පිළිබද තමා සන්තෝෂ වන බවත්, තම පියා මෙන්ම තමාද ජනතාවට සේවය කරන බවත්, තමා ජනතාවට සේවය කරනුයේ පෙරලා තමාට ප්‍රතිඋපකාර බලා ගෙන නොවන බවත්, තමාගෙන් උපකාර ලබා ගන්න අය නැවත තවත් කෙනෙකුට උපකාරයක් කරන්නේ නම් එය වඩා වැදගත් බවත් එහිදී අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා පැවසීය.

අපි හැමෝටම පුළුවන්කම තියෙනවා නම් එකිනෙකාට උදව් උපකාර කරන්න අපේ රට බොහෝ ලස්සන කරන්න අපිටම පුළුවන්.හැබැයි වර්ථමානය ගත්තම අල්ලපු ගෙදර මිනියක් මරා ගත්තත් මෙහා ගෙදරින් බලන්නැති යුගයක් බවට පත් වෙලා තියෙනවා.පත්තරේ බැලුවොත් රූපවාහිනිය බැලුවොත් රේඩියෝ එක ඇහුවොත් හැමදාමත් අහන්න දකින්න තියෙන්නේ අපි ආසා කරන දේවල් නෙමෙයි.බොහෝ අප්‍රසන්න දේවල් තමයි අපිට අහන්න දකින්න තියෙන්නේ. හැබැයි අපි ඒ වෙනුවට එකිනෙකාට උදව් කරන යුගයක්, එකිනෙකාට සහයෝගය දක්වන්න පුළුවන යුගයක් බවට අපේ යුගය පත් කරගත්තොත් මේ රට බොහෝ ලස්සන රටක් බවට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා.ඒ වගේම තමන්ට කෙනෙක් උදව් උපකාර කළ විට ඒ උදව්වට ප්‍රතිඋපකාර කරනවා වෙනුවට තවත් අසරණ පුද්ගලයින්ට උපකාර කරන්න.යමෙක් කෙනෙකුට උදව්වක් කරලා බලාපොරොත්තු වෙනවා හැමදාම උදව් ලබන පුද්ගලයා තමන් වෙනුවෙන් ඉදියි කියලා.හැබැයි ඒ කෙනො හැමදාමත් අපි වෙනුවෙන් ඉදියි කියලා හිතුවොත් දුකයි අපිට, බැරි වෙලා හරි අපිට පිටු පෑවොත් දුක වැඩියි අපිට.අපි කෙනෙකුට උදව් කරන්නේ ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නම් තමයි අපිට ඒ දුක වැඩි.ඒ නිසා තමන්ට ලැබෙන උදව්වට ප්‍රතිඋපකාර කරනවා වෙනුවට, තවත් කෙනෙකුට උදව්වක්, උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක බොහෝ වටිනා දෙයක් වෙයි යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය,බර්ටි දිසානායක මැතිතුමන්ගේ පුතුන් වන කාවින්ද දිසානායක, රවින්ද්‍ර දිසානායක, අමිල දිසානායක යන මහත්වරුන් ඇතුළු පවුලේ ඥාතී හිතමිත්‍රාන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

2014/09/30 -උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්ගේ අභාවප්‍රපාප්ත වී වසරක් ගතවීම නිමිත්තෙන් සාලියපුර ශාන්ති වැඩිහිටි නිවාසයෙහි සංවිධානය කළ පිංකම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපරිමිත මෙහෙයක් සිදු කළ කෘතහස්ත දේශපාලඥයකු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජේෂ්ඨ උප සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් නායක, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්ට පිං ප්‍රාර්ථනා කරමින් අනුරාධපුර සාලියපුර ශාන්ති වැඩිහිටි නිවාසයෙහි කිසිවකුගේ පිළිසරනක් නොමැතිව සැදෑ සමය ගෙවන වැඩිහිටියන් 300 කට ආසන්න පිරිසකගේ රැවුල් කොණ්ඩ කපා, නහවා , ධර්ම දේශණයක් පවත්වා ඔවුන් වෙනුවෙන් දහවල් දානය ලබා පිරිනැමීම බර්ටි දිසානායක මැතිතුමන්ගේ පුතුන් වන අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක, රවින්ද දිසානායක, කවින්ද දිසානායක, අමිල දිසානයක යන මහත්වරුන් අතින් සිදු විය .සාලියපුර ශාන්ති වැඩිහිටි නිවාසයයෙහි වැඩිහිටියන් වෙනුවෙන් සබන් හා දත් බෙහෙත් දත් බුරුසු ලබා දීමද ඔවුන් අතින් සිදු විය.මෙම අවස්ථාවට මහා සංඝරත්න, බර්ටි දිසානායක මැතිතුමන්ගේ හිත මිත්‍රාදීන්, ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

2014/09/30 - උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්ගේ අභාවප්‍රපාප්ත වී වසරක් ගතවීම නිමිත්තෙන් සංවිධානය කළ ඇස් කණ්නාඩි බෙදා දීම

බොහෝ දෙනෙක් ඉහළට ගොස් තමන් ඉහළට පැමිණි ඉනිමගට පයින් ගසන යුගයක් බවට වර්ථමානය පත්ව තිබෙන බවත්, එවැනි මිනිසුන් අතරේ තම පියාගෙන් දේශපාලනයට අත් පොත් තබා දේශපාලනයේ ස්ථාවරයන්ට පැමිණි හා තම පියාගෙන් නොයෙක් අයුරින් ස්ථාවරත්වයට පත් වූ බොහෝ දෙනෙක් තම පියා මිය ගියද පියා අනුස්මරණය කරමින් පියාගේ නම බබලවමින් කටයුතු කරන බවද අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

බර්ටි දිසානායක මැතිතුමන් අභවප්‍රාප්ත වී වසරක් ගෙවීම නිමිත්තෙන් බර්ටි දිසානායක මැතිතුමන්ට පිං අනුමෝදන් කරමින් මිහින්තලය ගෙවල් 55 රාජූ මහතා විසින් මිහින්තලය මරදන්කල්ල ප්‍රජා ශාලාවේදී එම ගම්මානයේ පුද්ගලයින් 200 කට නොමිලේ ඇස් කණ්නාඩි බෙදා දීම ඊයේ (30) සිදු කළ අතර, ඒ අවස්ථාවට එක් වෙමින් අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

මගේ පියා වන උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ ගුණ දන්නා,අගය වටිනාකම දන්නා පිරිස් එතුමන්ගේ ශ්‍රී නාමය ඉදිරියට ගෙන යාම සදහා නොයෙකුත් සිදු කරනවා,ඒ සියළු දෙනාටම තමන් ස්තූතිය පුද කරන බවත්.බර්ටි දිසානායක නාමය අද අමරණීය නාමයක් බවට පත්ව තිබෙන බවත්, බර්ටි දිසානායක මැතිතුමන් රජරට සංවර්ධනයේ පුරෝගාමියා වෙමින් එදා මාර්ග සාදමින්, ගම්මානයන්ට ජලය, විදුලිය ලබා දෙමින් ගොවියා නගා සිටුවමින් භෞතික සම්පත් දියුණු කර උතුරු මැද පළාතට අති විශාල සංවර්ධනයක් අතීතයේ රජවරුන් මෙන්ම සිදු කළ බවත්, පෙර රජ දවසින් පසු බිහි වූ රජවරයෙක් ලෙස රජරට ජනතාව බර්ටි දිසානායකයන් සිහි කරන බවත්,බර්ටි දිසානායක මැතිතුමන් රජරටට ආදරය කළ පුද්ගලයෙක් බවත්, එදා බර්ටි දිසානායකයන් උතුරු මැදට කළ සංවර්ධනය අද සිදු කිරීමට කෙනෙක් නොමැති බවත්,බර්ටි දිසානායක මැතිතුමන් බලාපොරොත්තු වූ සංවර්ධනය රජරටට ගෙන ඒමට තමා බලාපොරොත්තු වන බවත් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.දෙසිය දෙනෙකු සදහා ඇස් කණ්නාඩි බෙදා දීමෙන් අනතුරුව පැමිණි සියළු දෙනා හට දිවා ආහාරය ලබා දීමද අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මැතිතුමන් අතින් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ප්‍රාදේශීය දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

2014/09/30 - උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්ගේ අභාවප්‍රපාප්ත වී වසරක් ගතවීම නිමිත්තෙන් සංවිධානය කළ පිංකම් මාලාව

උතුරු මැද ජනතාව වෙනුවෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපරිමිත මෙහෙයක් සිදු කළ කෘතහස්ත දේශපාලඥයකු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජේෂ්ඨ උප සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් නායක, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්ගේ අභාවප්‍රපාප්ත වී වසරක් ගතවීම නිමිත්තෙන් සංවිධානය කළ පළමු ගුණ සැමරුම වෙනුවෙන් 26,27,28 ,29 හා 30 යන දිනයන්හී පිංකම් මාලාවක් බර්ටි දිසානායක පදනම මගින් සංවිධානය කර තිබිණි

ඒ අනුව පසුගිය 26 වැනි දින අනුරාධපුර දහයියාගම මංසන්ධියේදී ඝණ දෙවි පූජාව හා කිරි ඉතිරවීමක් සිදු කළ අතර, එදින (26) බර්ටි දිසානායක මැතිතුමන් දිවි ගෙවූ අනුරාධපුර සැනසුම නිවසේදී පිරිත් සජ්ජායනාවක් පැවැත්විණි. පසුගිය 27 වැනි දින තඹුත්තේගම ශ්‍රී ලංකා නිදහප් පක්ෂ කාර්යාලයේදී බත් දන්සැලක් පවත්වා, එදින (27) සැනසුම නිවසේදී මහා සංඝරත්නය සිය නමක් උදෙසා දහවල් දානය පිරිනමා, අටපිරිකර සෙසු පිරිකර පූජා කිරීමද සිදු විය. පසුගිය 28 වැනි දින බර්ටි දිසානායක මැතිතුමන්ගේ පළමු ගුණානුස්මරණ උත්සවය අග්‍රඅමාත්‍යය දී.මූ ජයරත්න මැතිතුමාගේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවතී අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සාමාජිකයින් දෙදහසක් සදහා උපහාර පිරි නැමීම හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 160 දෙනෙකු හා අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍යවේදීන් 80 දෙනකු සදහා බර්ටි දිසානායක පදනම මගින් රක්ෂණ ආවරණ පිරි නැමීමද සැනසුම නිවසේදී සිදු කෙරිණි. පසුගිය 29 වැනි දින බර්ටි දිසානායක පදනම මගින් විලච්චිය පේමඩුය යාය 04 ප්‍රදේශයේ කටුමැටි පැලක ජීවත් වූ ඩබ්.එම් තිලකරත්න මහතා ඇතුළු සිය දිලිදු දරු පවුල වෙනුවෙන් රුපියල් ලක්ෂ 05 ක පමණ වියදමින් ඉදි කළ නිවස භාර දීම සිදු වූ අතර, එදින (29) සාලියපුර වැඩිහිටි නාවාසයේ සියළු වැඩිහිටියන්ට දානය පිරිනැමීමද සිදු විය.ඊයේ (30) දින බර්ටි දිසානායක මැතිතුමන්ට පිං අනුමෝදන් කරමින් මිහින්තලය මරදන්කල්ල් ප්‍රජා ශාලාවේදී ඇස් කණ්නාඩි 200 ක් බෙදා දීමද අධ්‍යාපන සේවා අමත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම අවස්ථාවන්ට මහා සංඝරත්නය ප්‍රාදේශීය දේශපාලඥයින්,බර්ටි දිසානායක මැතිතුමන්ගේ බිරිද ජයනී තිසේරා දිසානායක, බර්ටි දිසානායක මැතිතුමන්ගේ පුතුන් වන,දුමින්ද දිසානායක, කවින්ද දිසානායක, රවින්ද්‍ර දිසානායකථ අමිල දිසානායක යන මහත්වරුන් හා බර්ටි දිසාානායකයන්ගේ නෑ හිතමිත්‍රාදීන් විශාල පිරිසක් සහභාගී වූහ.

2014/09/23 - රජරට නායක හා උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක ගුණ සැමරුම

උතුරු මැද ජනතාව වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කළ රජරට නායක හා උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පළමු ගුණ සැමරුම වෙනුවෙන් 26,27,28 සහ 29 යන දිනයන්හී පිංකම් මාලාවක් බර්ටි දිසානායක පදනම මගින් සංවිධානය කර ඇතැයි බර්ටි දිසානායක පදනමේ සභාපති අධ්‍යාපන ‍සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ අනුව 26 වැනි දින පස්වරු 03.00 ට අනුරාධපුර දහයියාගම මංසන්ධියේදී ඝණ දෙවි පූජාව හා කිරි ඉතිරවීමක් සිදු කර, එදින පස්වරු 07.00 ට බර්ටි දිසානායක මැතිතුමන් දිවි ගෙවූ අනුරාධපුර සැනසුම නිවසේදී පිරිත් සජ්ජායනාවක් පැවැත් වීමට නියමිතය.

27 වැනි දින තඹුත්තේගම ශ්‍රී ලංකා නිදහප් පක්ෂ කාර්යාලයේදී පෙරවරු 10.30 ට බත් දන්සැලක් පවත්වා, එදින පෙරවරු 11.00 ට මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරි නැමීම සැනසුම නිවසේදී සිදු කිරීමට නියමිතය.

28 වැනි දින පෙරවරු 10.00 ට බර්ටි දිසානායක මැතිතුමන්ගේ පළමු ගුණානුස්මරණ උත්සවය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සාමාජිකයින් සදහා උපහාර පිරි නැමීම සැනසුම කාර්යාලයේදී සිදු කෙරෙන අතර, එදින පෙරවරු 11.00 ට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සදහා බර්ටි දිසානායක පදනම මගින් රක්ෂණ ආවරණ පිරි නැමීමද සැනසුම කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය.

29 වැනි දින පෙරවරු 09.00 ට බර්ටි දිසානායක පදනම මගින් විලච්චිය පේමඩුවේ දිලිදු පවුලක් වෙනුවෙන් ඉදි කළ නිවස භාර දීම හා එදින පෙරවරු 11.00 ට සාලියපුර වැඩිහිටි නාවාසයේ සියළු වැඩිහිටියන්ට දානය පිරිනැමීමටද නියමිතය.

2014/08/31 - කකුල් දෙකේ අලිනම් අපි බෙල්ලෙන් අල්ලා ගෙනත් තියා ගන්නවා.කකුල් හතරේ අලි තමයි පොඩ්ඩක් අමාරු

“කකුල් දෙකේ අලිනම් අපි බෙල්ලෙන් අල්ලා ගෙනත් තියා ගන්නවා.කකුල් හතරේ අලි තමයි පොඩ්ඩක් අමාරු” යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ (නිල් බලකායේ) සභාපති හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පෙරේදා (31) අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලා ආසනයේ තරුණ සංවිධාන ප්‍රතිසංවිධාන කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඉපලෝගම ගෝණපතිරාව නගරයේ තරුණ හමුවක් අමතමින්ය.මිහින්තලා ආසනයේ මිහින්තලය, එප්පාවල, ඉපලෝගම, තිරප්පන යන නගර කේන්ද්‍ර කරගනිමින් කලාප මට්ටමින් රැස්විම් හතරක් සංවිධානය කර තිබුණු අතර, එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග තරුණ තරුණියන් දහස් ගණනක් අත්වැල් බැදගත්හ.

මේ වටේ පිටේ අලි ඉන්න නිසා කට්ටිය රෑ වෙද්දි රැස්වීම් වලටත් එන්න භයයි.අපේ ගමෙත් හයෙන් පස්සේ රැස්වීම් බෑ.මොකද අලියව නැට්ටෙන් උසස්ලා ගිහින් තියන්න පුළුවන්නම් ගිහින් තියන්න පුළුවන.අපි අලියාගේ නැට්ටෙන් අල්ලගද්දි වූ අපිව හොඩවැලෙන් අල්ල ගන්නවා.කකුල් දෙකේ අලිනම් අපි බෙල්ලෙන් අල්ලා ගෙනත් තියා ගන්නවා.කකුල් හතරේ අලි තමයි පොඩ්ඩක් අමාරු.

අපි දැක්කා 88 -89 කාලසීමාව තුළ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් තරුණයෝ ජීවත් වීමෙ අයිතිය ඉල්ලුවාම ඒ තරුණයින්ට සිද්ධ වුණේ ටයර් සෑයකට ගිහින් ජීවිතය පූජා කරන්න.ඔවුන්ට ටයර් සෑයට ගෙනියද්දි ඔවුන් වෙනුවෙන් කථා කරන්න කිසිවෙක් හිටියේ නෑ.එදා තරුණයෝ වෙනුවෙන් පෙනී සිටිනවා කියන මුවාවෙන් තම දේශපාලන අරමුණු ඉටු කරගත් පක්ෂ තිබුණා.එදා රැස්වීම් තියලා තරුණ තරුණියන් අතට අවි ආයුධ දීලා තවත් තරුණයෙක් තරුණියක් ඝාතනය කරන්න,කර්මාන්ත ශාලාවක්, කාර්යාලයක් ගිණි තියන්න තමයි දේශපාලන පක්ෂ කටයුතු කළේ.අපි ත්‍රස්තවාදය අවසන් කළා.තරුණ තරුණියන්ට ආසියාවේ ආශ්චර්ය කරා යන මේ ගමනට ශක්තියක් වන්න හැකියාව තිබෙනවා.අපි දැක්කා ලිබියාව, රුසියාව, ඉජිප්තුව වගේ රටවල් වල දරුවන් ජනතා වාදී දේශපාලන පක්ෂ සමග අත්වැල් බැද නොගැනීම නිසා බටහිර අධිරාජ්‍යයවාදින්ගේ අතකොළු බවට පත් වුණා.යුක්රේනය වැනි රටවල් ඒ නිසා එක රැයට පොළවට සමතලා වුණා.ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සෑම අවස්ථාවකදීම නොයෙක් දේශපාලන පක්ෂ තරුණ සංවිධාන රටේ ජීවත් වන තරුණයන් තමන්ගේ හෙට දවස වෙනුවෙන් හඩ නැගුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි ජනතා වාදී පක්ෂයත් සමග අද තරුණ තරුණියන් සන්ධාන ගත කිරීම ආරම්භ කරලා තියෙනවා.එදා ඊරිෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වෙනුවට අද දයාව, කරුණාව, මෛත්‍රිය තුළින් සමාජයෙහි තරුණයින්ට දෙපයින් සිටගෙන මේ මාතෘ භූමිය ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීමේ මූලික අඩිතාලමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය පිහිටුවීම.

ඉදිරියේදී තරුණයින් වෙනුවෙන් නායකත්ව වැඩමුළු, ආගමික, සංස්කෘතික, දේශපාලන, පොදු කටයුතු වලදී තරුණ ශක්තිය ලබා දීමට තරුණ සංවිධාන ලෙස අපි කටයුතු කරනවා.ලෝකයේ බොහෝ රටවල තරුණ තරුණියන් දේශපාලන වශයෙන් අසරණ වන යුගයක ශ්‍රී ලංකාවේ මිලියන 20 ක් වූ ශ්‍රී ලාංකීය ජාතියේ එකම හද ගැස්ම බවට නිල් බලකාය බවට පත් කරන්නට අපිත් එක්ක එකතු වන්න යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සම්මේලනයේ උප සභාපති, අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මෙසේ අදහස් දැක්වීය.

අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත් ආකර්ශණීය පක්ෂයක්,කථා කරද්දින් බඩගින්නේ හරි අහගෙන ඉන්න පුළුවන්.මමත් තරුණයෙක් විදිහට ආසයි ජනතා විමුක්ති පෙරමුණේ කථා අහන්න.හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ කියන දේවල් බොහෝමයක් ඇත්ත වුණාට ප්‍රායෝගකව කරන්න පුළුවන්කමක් නෑ.එක්සත් ජාතික පක්ෂය ගත්තම බොහෝ දේවල් කියනවා.හැබැයි අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයේ කිසිම නායකයකුට පුළුවන්කම ලැබුනේ නෑ මේ රටේ ජනතාවට අවශ්‍යය කරන මේ රටේ අනාගතය යහපත් වෙන කිසිම වැඩක් කරන්න ලැබුනේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තම මේ සියලු දේ තියෙනවා.හොද දේවල් තියෙනවා.අඩු අඩුපාඩූ තියෙනවා.අපිට වැදගත් වෙන්නේ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ හොද, ප්‍රායෝගික දේවල් නම් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ මේ රටේ අනාගතයට යහපත් දේවල් නම් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ අපේ දරුවන්ගේ අනාගතයට සුභවාදී දේවල් නම් අපි මේ සියළු පක්ෂ ටික එක පෙළට පෙළ ගස්වලා බැලුවොත් එහෙම අපි මොන පක්ෂයේ සාමාජිකයෙක් වෙන්න ඕනද කියලා අද සියළු තරුණයින්ට තේරෙනවා.කැත නැතිව අපි හිට ගන්න ඕන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කියලා හැමෝටම තේරෙනවා.

අතීතයේ හා වර්ථමානයේ අතිප්‍රභලම පක්ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් වෙලා තිබෙනවා.මේ පක්ෂය මේ තැනට ආවේ කොහොමද. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපේ වැඩිහිටියෝ කළ කැපකිරීම් නිසා තමයි මේ පක්ෂය ප්‍රභලම පක්ෂයක් බවට පත් වෙලා තියෙන්නේ.නාමල් රාජපක්ෂ මැතිතුමාගේ පියා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, එතුමාගේ පියා ඩී.ඒ රාජපක්ෂ මැතිතුමා වගේ ඔබේ අම්මා, තාත්තා,ආච්චි, සීයා එදා මේ පක්ෂය වෙනුවෙන් කැපකිරීම් කළා.අද ඔබට පැවරිලා තියෙනවා ඒ වගකීම.හැබැයි අපි දැක්කා පහුගිය කාල සීමාව තුළ අම්මලා, තාත්තලා දේශපාලනය කළාට තරුණ තරුණියෝ දේශපාලනයෙන් ටිකක් ඈත් වෙලා කම්මැලිව සිටියා.

අපි සියළු දෙනාම අම්මාගේ, තාත්තගේ උරුමයෙන් ලැබිච්ච මේ පක්ෂය ,අපිට කෙලින් හිටගන්න පුළුවන් , අපට යමක් සිදු කළ පක්ෂය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.ඒ නිසා අපේ දරුවන් වෙනුවෙන් අපිට පංගුවක් තියෙනවා ඉෂ්ඨ කරන්න.අපිට ගමනක් තියෙනවා යන්න.අම්මාගෙන් තාත්තගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමක්කාරයෝ වෙච්ච අපි රටේ අනෙකුත් පක්ෂ සමග සංසන්ධනය කරන කොට වඩාත්ම හොද පක්ෂය කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තොර ගත්ත අපි, අනාගතයේ මේ රට විශාල සංවර්ධනයක් කරා ගෙන යන පක්ෂය මේ පක්ෂය.ඒ නිසා ඒ සදහා අපි නායකත්වය ලබා දිය යුතුයි වගේම ඒ පක්ෂයත් සමග අත්වැල් බැද ගත යුතුයි.

තරුණ තරුණියෝ ජන්ද පොලේදි අපිට කතිරේ ගැහුවට රැකියාවක් ලබා ගන්න එන්නේ දෙමාපියෝ එහෙම දෙමාපියෝ තමන්ගේ දරුවාට රැකියාවක් ලබා ගන්න එද්දී මම ඒ අයදුම්පත්‍ර භාර නොගත්ත අවස්ථා තිබුණා.මොකද දෙමාපියෝ කරපු දේශපාලනය දරුවන්ට කරන්න දුන්නේ නැත්තන් දරුවන්ගේ අනාගතයට මොකද වෙන්නේ? අද සියළු දෙනාම දන්නවා පොලීසියෙන් ඇල්ලුවත් දේශපාලනය ඕන.අපි එහෙම නෑ කිව්වට ඒක තමයි ඇත්ත.එහෙම නම් අම්මලා තාත්තලා තමන්ගේ දේශපාලන හයියෙන් ගම සංවර්ධනය කර ගත්තා නම් දරුවන්ටත් තියෙනවා වගකීමක්, තමන්ගේ දෙමාපියෝ කළ දේශපාලනය තමන්ටත් කළ යුතුව තිබෙනවා.දේශපාලනයත් සමග ක්‍රියාකාරීව සම්බන්ධ වීම තුළින් තරුණ තරුණියන්ගේ බොහෝ කටයුතු සිදු කර ගැනීමේ හැකියාව තිබෙනවා. ගමේ ඉදන් කතිරේ ගැහුවා කියලා ශ්‍රී.ල.නි.ප හයිය ගමට ගේන්න වෙන්නනේ නෑ.මේ රටේ අනාගතය භාර ගන්න ඉන්න තරුණ පිරිස තමන් ගමට නායකයෙක් කියලා ඔප්පු කරන්න ඕන.තමන්ගේ ශක්තිය රටට පෙන්වන්න ඕන.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හරහා තරුණ සංවිධාන, කාන්තා සංවිධාන, පැවිදි සංවිධාන, ගොවි සංවිධාන ඇතුළු සියළු සංවිධාන ප්‍රතිංසවිධානය වෙමින් අලුත් වෙනවා වෙනස් වෙනවා.නාමල් රාජපක්ෂ මැතිතුමන් තරුණ සංවිධානයේ සභාපති ධූරය දැරීම නිසා තරුණ තරුණියන්ට විශාල තැනක් අද ලැබිලා තියෙනවා.තරුණයින්ගේ වටිනාකම එදාට වඩා අද අපේ පක්ෂයට දැනිලා තියෙනවා.ඒ සියල්ල සිදු වුණේ නාමල් රාජපක්ෂ මැතිතුමා නිසයි.

තාත්තයි පුතයි එකට දේශපාලනය කරද්දින් ගම්වල තියෙන ප්‍රශ්න වටේ ගිහින් තාත්තට කියනවාට වඩා පුතාට කිව්වම එක රැයින් තාත්තට කියන්න පුළුවන්කම තියෙනවා.ඒ වගේම තාත්තාට පුතා ප්‍රශ්නයක් කිව්වම තාත්තා ඒ ප්‍රශ්නයට විසදුම් දෙන්නත් ටිකක් ඉක්මන් වෙනවා.මගේ පියා ජීවතුන් අතර ඉද්දින් ඒදේ මමයි පියයි අතර සිද්ධ වුණා වගේම නාමල් රාජපක්ෂ මැතිතුමා තරුණ සංවිධානයේ සභාපති ධුරය දැරීම නිසා රටේ නායකයා , ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට තරුණයින්ගේ ගැටළු ප්‍රශ්න අවශ්‍යතාවයන් සියල්ල දැනුවත් කිරීමට නාමල් රාජපක්ෂ මැතිතුමන්ට හැකියාව තියෙනවා.නාමල්ලා දුමින්දලා නායකයෝ හැටියට බිහි වුණා වගේ ඔබේ දෙමාපියන්ගෙන් පස්සේ තරුණ තරුණියන් නායකත්වය ලබා ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

අද මේ අපි එකතු වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් ප්‍රතිසංවිධානය කිරීමේදී මෙම පක්ෂයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් තරුණ තරුණියන්ට මෙම පක්ෂයේ කටයුතු භාර දෙන්න.අපිට දෙමාපියෝ කළ කැපකිරීම් වලට වඩා අඩු කැපකිරීමක් දේශපාලනය වෙනුවෙන් කරන්න තියෙන්නනේ.එදා කොළ කොඩි තමයි හැමතැනම අපි දැක්කේ.එදා නිල් තොප්පියක් දාගෙන ගියොත් ඇවිත් කණට ගහන්න එක්සත් ජාතික පක්ෂයේ අය හිටියා.නමුත් අපේ දෙමාපියෝ ඒ තත්වය වෙනස් කලා.ගමේ අඩුපාඩු හදාගන්න වගේම රැකියාවන් ලබා ගන්නත් පක්ෂ තිබිය යුතුයි නමුත් මේ පක්ෂයේ ඔබ සිටිය යුත්තෙ රැකියා බලාගෙන නෙමෙයි.

මේ අභියෝගය භාර ගන්න බැරි නම් භාර ගන්න එපා කියලත් මම තරුණයින්ගෙන් ඉල්ලනවා.අපිට නායකයෝ අලුතින් හදන්න බෑ.නායකයෝ මැටි ගහලා හදන්න පුළුවන්කමක් නෑ.නායකකමට පත් වෙන්න නම් ඒ නායකත්වය ඔබේ ඇගේ තියෙන්න ඕන.හොද දැක්මක්, අභියෝග භාර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන.

මෙම අවස්ථාවන්ට මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තාරානාත් බස්නායක, එරික් වීරවර්ධන, පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් , මන්ත්‍රීවරුන්, තරුණ තරුණියන් හා ඔවුනගේ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වූහ.

2014/08/31 - ගනේවල්පොල ජල ව්‍යාපෘතිය ජන අයිතියට

අතිගරු ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව තමයි විදුලිය 98% ක් 99% ක් ලබා දී අවසන් කෙරුවා වගේම 2015 වන විට ලංකාවේ සෑම නිවසකටම පිරිසිදු පානීය නල ජලය ලබා දීම යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පෙරේදා (31) අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මැතිතුමන්ගේ ආරාධනයෙන් “සැමට පානීය ජලය ලබා දීමේ මහින්ද චින්තන ඉදිරි දැක්ම” පෙරදැරිව රුපියල් ලක්ෂ 310 ක වියදමින් ගනේවල්පොල ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්ය.මේ මගින් පවුල් 300 කට පානීය ජල පහසුකම් සැපයේ.

ගමට පානීය ජලය ලැබෙන දවස තරම් සතුටු දවසක් නෑ කියලා මම දන්නවා.මමත් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන පුද්ගලයෙක් විදිහට අපේ ගම්වලත් එක කාලසීමාවක් තිබ්බා පොඩි නියගයටත් බොන්නවත් වතුර නැතිව.නමුත් දැන් ඒ යුගය අවසන්.ඒ වගේම අධ්‍යාපනය විශාල දියුණුවක් සිදු වෙනවා,මාර්ග,ගොඩනැගිලි, නව කර්මාන්ත ශාලා වගේම ආණ්ඩුව ජනතාවගේ අවශ්‍යතාවයන් සොයා බලා ඒ අවශ්‍යයතාවයන්ට සෑම විටම සෘජුවම මැදිහත් වෙමින් පසුගිය වසර කිහිපයේම කටයුතු කළා.

ගංවතුර ආවත්,නියගයක් ආවත් ආණ්ඩුව මැදිහත් වෙනවා.ගංවතුර ආවම වහින එක නවත්තනයි, නියගෙ ආවම වස්සවන්නයි ආණ්ඩුවට බෑ.හැබැයි ජනතාවගේ ජීවිතය අරගෙන යන්න.පුළුවන් සහනයක් ලබා දෙන්න අපි රජයක් විදිහට කටයුතු කරලා තියෙනවා.ඔබ විශ්වාස කරන්න අතිගරු ජනාධිපතිතුමන්ව.ඉදිරි වසර කිහිපය තුළ ඔබේ ගම්මාන වල අඩුපාඩු හදුනාගෙන ඒවාට විසදුම් ලබා දීලා සංවර්ධනය දිගින් දිගටම සිදු කරමින්.මේ රටට සුභ අනාගතයක් ඇති කරන්නට අපි කටයුතු කරනවා යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මැතිතුමන් පැවසීය.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මැතිතුමන්,

මේ දිනවල ජලය පිළිබද බොහෝ දෙනක් කථා කරනවා.සමහරු ජලය එකතු කරනවා සමහරු ජලය බෙදනවා.සමහරු ජන්දේ ගන්නත් වතුර බෙදනවා.ජලය පිළිබදව හැමෝම කතා කරන මොහොතක, ගනේවල්පොල පවස නිවන්න හැකි වීම පිළිබද සන්තෝෂ වෙනවා.පවුල් 300 ක් සදහා ජලය ලබා දීමට රුපියල් ලක්ෂ 310 ක් පමණ වැය වෙලා තියෙනවා.මේ ආණ්ඩුවෙන් පානීය ජලය ලබා දෙන්න පමණක් එක පවුලට පමණක් රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වියදම් කරලා තියෙනවා.

මේ රටේ ජනතාව ආණ්ඩු හදන්නේ, පළාත් සභා ප්‍රාදේශීය සභා පිහිටුවන්නේ, අපිට ජන්දය ලබා දෙන්නේ අපෙන් මේවා කරගන්න.එහෙම නම් ඒ ඉල්ලීම් ටික ඉටු කිරීම අපේ වගකීම හා යුතුකම.ඉතින් මට අද සන්තෝෂයි එවැනි ඉල්ලීමක් අද මට ඉටු කරන්න හැකි වීම.ඒ වගේම මේ රජරට ජනතාව පුරුදු වෙලා හිටියා ජන්දේ කාලෙට බෙදන බඩුවට කොච්චර එපා කිව්වත් මනාපය ලබා දෙන්න.ඒක නවත්තන්න අපිට පුළුවන්කම ලැබුණා.අද මේ ආසනයට ආණ්ඩුවේ, පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවේ මුදල් ටික එනවා.

එදා මිහින්තලය ආසනයේ 40% ක් වෙලා තිබුණ විදුලිය පහසුකම අද 90% දක්වා ඉහළ දැමීමට අපට හැකි වුණා.ඒ වගේම ජල පහසුකම්, මාර්ග පහසුකම් දියුණු කරන්න අපට හැකි වුණා.ජනතාවගේ ඕන එපාකම් ඉටු කරන ආණ්ඩුවක් කවදාවත් ජනතාවට එපා වෙන්නේ නෑ.ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග හැමදාමත් එ.ජා.පයෙන් ඇතුළු අනෙක් පක්ෂ වලින් ජනතාව අත්වැල් බැදගන්නේ.

අපි කිසි දිනක මේ රට දියුණු කරද්දින්, පහසුකම් ලබා දෙද්දින් බැලුවේ නෑ පාට පක්ෂ මොකක්ද කියලා? ඒ නිසා යුතුකම දන්නා පිරිස් මේ ආණ්ඩු පක්ෂයේ ගමන ශක්තිමත් කරන්න ආණ්ඩු පක්ෂයත් සමග අත්වැල් බැදගන්නවා කියා අපි දන්නවා.ඒ නිසා ඒ කෙළෙහෙගුණ යුතුකම දක්වන්න ඉදිරියේදී ඔබට හැකි වෙනවා.යැයිද පැවසීය.

මෙම අවස්ථාවට මුස්ලිම් පූජකවරුන්,අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මැතිතුමන්, ප්‍රාදේශීය දේශපාලඥයින්, රජයේ නිළධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

2014/08/18 - තරුණයෝ අපිත් එක්ක හිටියට,තරුණයින්ගේ ක්‍රියාකාරී දේශපාලනය හරිම අඩුයි.

“පොලීසියෙන් ඇල්ලුවත් මන්ත්‍රීතුමා කථා කරොත් තමයි බේරෙන්න පුළුවන්, ඉස්කෝලෙට ළමයා දාගන්නත් දේශපාලඥයා ඕන.ඕක තමයි ඇත්ත.හැම දේකටම දේශපාලඥයා නැතුව බෑ.”යැයි අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (21) අනුරාධපුර තිරප්පනයෙහි පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලා ආසන ප්‍රධාන කාර්යාලයේදී අනුරාධපුර මිහින්තලා ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බලකායෙහි ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් පවැත්වීමට නියමිත තරුණ සම්මේලන පිළිබදව තරුණ ක්‍රියාකාරීන් දැනුවත් කරමින්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ සාමාජිකත්වය වැඩි කර ගැනීමේ සිට අපේ දෙමාපියෝ මේ පක්ෂය කොහොමද රැක්කේ මේ පක්ෂය කොහොමද ආරක්ෂා කර ගත්තේ අපිට අනාගතයේදී මේ පක්ෂයට නායකත්වය දෙන්න කොහොමද බොහෝ බරක් ඇද්දේ , කොහොමද දුක් වින්දේ කියලා අපි දන්නවා.පැමිණි සියළු බාධාවන් ඉවත් කර ගෙන 1994 අපිට පුළුවන්කම ලැබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් හදන්න.මේ වන විට අවුරුදු 20 ක් වෙනවා අපි ආණ්ඩුව පිහිටුවලා.

තරුණයෝ අපිත් එක්ක හිටියට,තරුණයින්ගේ ක්‍රියාකාරී දේශපාලනය හරිම අඩුයි.රස්සාවක් ගන්න ආවත් අම්මයි, තාත්තයි තමයි එන්නේ.තරුණ තරුණියෝ එන්නේ නෑ.ඒකට හේතුව අවුරුදු 20 ක් අපි ආණ්ඩු කරනකොට ඒ අවුරුදු 20 ඇතුළත ඉපදිච්ච තරුණියක් තරුණයෙක් ඉන්නවා නම් ඒ ගොල්ලෝ මේකේ අමාරුකම දන්නේ නෑ.මේ පක්ෂය කොහොමද හැදුනේ, මේ පක්ෂය කොහොමද රැකුනේ ,පක්ෂය කොහොමද මේ තැනට පත් වුණේ කියන කාරණා පිළිබදව දන්නේ නෑ.සමහර තරුණ තරුණියෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පටන් ගත්තේ කවුද ? පටන් ගත්ත අවුරුද්ද මොකක්ද කියලවත් දන්නේ නැතුව ඇති.නමුත් අනාගතයේදී මේ රට භාර ගන්න ඉන්නේ මේ තරුණ පරපුර ,මේ දෙමාපියෝ කවුරුත් සදාකාලිකව ජීවත් වෙන්නේ නෑ.දෙමාපියන් ගෙන ආපූ දේ අපිට ඉස්සරහට ගෙනයන්න සිද්ධ වෙනවා.ඒ සදහා අපි හොද කණ්ඩායමක් විදිහට සූදානම් වෙන්න ඕන, ඒකරාශ්‍රී වෙන්න ඕන, අපි අත්වැල් බැදගන්න ඕන. අපි තරුණයෝ විදිහට එළියට ආවේ නැත්තන්, ගමේ රටේ වගකීම භාර ගත්තේ නැත්තන්, තරුණයෝ විදිහට නායකත්වය සදහා සූදානම් වුණේ නැත්තන් අපේ දරුවන්ට තමයි ප්‍රශ්න එන්නේ.මේ රටේ තරුණයෝ දේශපාලඥයෝ අදුරන්නේ නැත්තන්,පක්ෂයේ නායකයොත් එක්ක නැත්තන්, ගමේ ශාඛා සමිති එක්ක නැත්තන්, ගමේ මන්ත්‍රීවරයා එක්ක නැත්තන් කිසිම දෙයක් ඉදිරියේදී කරගන්න බැරි වෙනවා.

අපි හැමෝම ලංකාවේ ක්‍රමවේදය ගැන දන්නවා නේ.පොලීසියෙන් ඇල්ලුවත් මන්ත්‍රීතුමා කථා කරොත් තමයි බේරෙන්න පුළුවන්, ඉස්කෝලෙට ළමයා දාගන්නත් දේශපාලඥයා ඕන.ඕක තමයි ඇත්ත.හැම දේකටම දේශපාලඥයා නැතුව බෑ.ඒ නිසා අපි යෝජනා කරනවා තරුණ තරුණියන්ට මීට වඩා ක්‍රියාශ්‍රීලීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බල මුළුවත් එක්ක එකතු වුණොත් අපට පුළුවන්කම තියෙනවා විශාල වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරන්න.

දැන් අපි මිහින්තලා ආසනය තුළ ක්‍රියාත්මක තරුණ තරුණියන්ට රියදුරු බලපත්‍ර ලබා දෙන්න, තරුණ තරුණියන් සදහා තරුණ කදවුරු වැනි දේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.හැබැයි මතක් කරන්න ඕන රස්සා බලාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙන්න එපා, දුමින්ද ඇමතිතුමාගෙන් වෙන උදව්වක් බලාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බල මණ්ඩලයේ සාමාජිකයෙක් සාමාජිකාවක් වෙන්න එපා.එහෙම වුණොත් ඒ ගමන තාවකාලිකය.හැබැයි අවබෝධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක අත්වැල් බැදගත්තොත් අපිට බොහෝ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්කම තියෙනවා.අපි තිස් අවුරුදු ශාපලත් යුද්ධයෙන් මේ රට ගලවාගන්න පුළුවන්කම ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වුණ නිසා, ඒ සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නායකත්වය ලබා දුන් නිසා, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු තිබුණා, තව බොහෝ කණ්ඩායම් නායකත්වය දැරුවා නමුත් යුද්ධය ජයග්‍රහණය කරන්න බැරි වුණා.ජයග්‍රහී පක්ෂයක සාමාජිකයකු වීම තුළ අපිට දිනාගන්න බොහෝ දේ තියනවා.පුද්ගලික දිනා ගැනීම් මෙන්ම, රටක් විදිහට, ගමක් විදිහට, සමාජයක් විදිහට දිනාගත හැකි බොහෝ දේත් තියෙනවා.යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක අමාත්‍යයවරයා පැවසීය.

මෙම අවස්ථාව නිල් බලකාය සම්බන්ධීකාරක හා මාධ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් වීරවර්ධන, ප්‍රාදේශීය දේශපාලඥයින්, අමාත්‍යය ජී.එල් පීරිස් මහතාගේ සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ තරුණ කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරන ගම්ලත් මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බළ මණ්ඩලයේ කලාප නියෝජිතයින් ලෙස කටයුතු කරන තරුණ තරුණියන් හා ඔවුනගේ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වූහ.

2014/08/18 - විශ්ව විද්‍යාල සිසුන් විශ්ව විද්‍යාලයේ ගත කරන අවුරුදු කිහිපය අරගල කරනවා. අවසානයේ රැකියාවක් හොයාගනෙ නතර වෙන්නේ දේශපාලඥයෙක්ගේ මේසයක් ඉස්සරහා.

“විශ්ව විද්‍යාල සිසුන්ට උපාධිය ගත්තත් රැකියාවක් සොයා ගෙන දේශපාලඥයින්ගේ මේසේ ඉස්සරහට එන්න සිද්ධ වෙලා තියෙනවා.සමහරු උපාධියක් අරන් ඇවිත් කියනවා අතු ගාන්න හරි කමක් නෑ ආණ්ඩුවේ රස්සාවක් දෙන්න කියලා“ යැයි අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (18) අනුරාධපුර සී.ටී.සී උත්සව ශාලාවේදී පැවති සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම් ණය දෙන සමිතිය මගින් 2011/2012 වර්ෂයන්හී විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින්ය.අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම් සහ ණය දෙන සමිතිය මගින් අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ දුවා දරුවන්ට විශ්ව විද්‍යාලයට තේරී පත්වීමේදී ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමක් සිදු කරයි, 2011 හා 2012 වර්ෂයන්හී විශ්ව විද්‍යාලයට තේරී පත්වූ 1750 ක් වූ සිසු සිසුවියන් ප්‍රමාණයකට රුපියල් මිලියන 60 කට ආසන්න මුදලක් ලබා දීමට නියමිතය.ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ දූ දරුවන් 270 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව ප්‍රධානය මෙහිදී සිදු කෙරණි.

අද විශ්ව විද්‍යාල සිසුන්ට උපාධිය ගත්තත් රැකියාවක් සොයා ගෙන දේශපාලඥයින්ගේ මේසේ ඉස්සරහට එන්න සිද්ධ වෙලා තියෙනවා.අපේ කාර්යාල වලට සමහරු උපාධියක් අරන් ඇවිත් කියනවා අතු ගාන්න හරි කමක් නෑ ආණ්ඩුවේ රස්සාවක් දෙන්න කියලා.ඒ වෙලාවට මම ඒ දරුවන්ගෙන් අහන්නේ ඇයි අවුරුදු ගණනක් ඉගෙන ගත්තේ, ඇයි අවුරුදු ගණනක් කාළය කෑවේ, ඇයි අවුරුදු ගණනක් පාඩම් කළේ කියලා.ආණ්ඩුවේ කාර්යාලයක අතු ගාන්න යන්න අවුරුදු ගානක් ඉගෙන ගන්න ඕන නෑ.ඇයි මේ ආණ්ඩුවේ රස්සාවක් කියන තැනම ඉන්නේ, අද පෞද්ගලික අංශය ගොඩාක් දියුණු වෙලා තියෙනවා.රජයේ සේවකයින්ගේ වැටුප් වලට වඩා වැටුප් ගෙවන පෞද්ගලික රැකියා අවස්ථා අද බිහි වෙලා තියෙනවා.ඒ රැකියා අවස්ථා සදහා අද යොමු වීම අඩු වෙලා තියෙනවා.ඒ නිසා විශ්ව විද්‍යාල සිසුන් තමන්ගේ පාඨමාලා තොරා ගැනීමේදී පවා හොදට හිතලා බලලා තමන්ගේ අනාගතය ගැන සිතා කටයුතු කිරීම වැදගත්.

විශ්ව විද්‍යාලය කියලා කියන්නේ තවත් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගන්න තැනක් විතරයි,මේක බොහෝ විශ්ව විද්‍යාල සිසුන්ට වැටහිලා නෑ.සමහර සිසුන් හිතාගෙන ඉන්නවා විශ්ව විද්‍යාලය කියන්නේ රට හදන තැනක් කියලා.නමුත් විශ්ව විද්‍යාලය කියලා කියන්නේ රට හදන්න නායකයෝ, බුද්ධිමතුන්, විද්වතුන් බිහි කරන තැනක් කියලා මම විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට මතක් කරලා දෙන්න කැමතියි.අරගල කරන, ගහ මරා ගන්න තැනක් බවට විශ්ව විද්‍යාල පත් කර ගන්න එපා.විශ්ව විද්‍යාල කිව්වම අද හැමෝටම මතක් වෙන්නේ උද්ඝෝෂණයක්.එවැනි වටපිටාවක් ගොඩ නගා ගත්තේ සරසවි සිසුන්ම තමයි.

දෙමාපියෝ තම දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දෙන්න බොහෝ වෙහෙස මහන්සි වෙනවා, ගොඩාක් දෙමාපියෝ ළමයා පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කරද්දින්ම තමන්ගේ දරුවා ශිෂ්‍යත්වයට සූදානම් කරවනවා.ශිෂ්‍යත්වය අද දෙමාපියන්ගේ විභාගයක් බවට පත් වෙලා තියෙන්නේ දෙමාපියන් දරුවන්ට උගන්වන්න ගන්න මහන්සියේ ප්‍රතිඵලයක් නිසයි.සාමන්‍ය පෙළ , උසස් පෙළ කියන විභාගත් අපේ රටේ සිසු දරුවන්ට අධ්‍යාපනයේ කඩඉම් වෙලා තියෙනවා.මේ විභාග උසස් ලෙස සමත් වෙලා දක්ෂ, බුද්ධිමත් දරුවෝ විශ්ව විද්‍යාලයට පැමිණෙනවා.හැබැයි ඒ එන ඇතැම් දරුවෝ හිතනවා විශ්ව විද්‍යාලය රට හදන තැනක් කියලා.ඒක ඒ දරුවන්ගේ නොදැනුවත්කම.විශ්ව විද්‍යාල දරුවන්ට විශාල වගකීමක් තියෙනවා.ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් තමන්ගේ දෙමාපියන්, රජය අති විශාල මුදලක් කැප කරලා තියෙනවා.ඒ නිසා තමන්ගේ පවුලට, ගමට, රටට විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් දැනුමින් හැකි උපරිම අයුරින් සේවයක් කිරීමට විශ්ව විද්‍යාල සිසුන්ට වගකීමක් වගේම යුතුකමකුත් තියෙනවා.

විශ්ව විද්‍යාල සිසුන් වැරදි කණ්ඩායම් වලට රැවටිලා, සමහරු කැමැත්තෙන්, සමහරු අකමැත්තෙන්, සමහරු භයට, සමහරු රැල්ලට අරගල වලට, උද්ඝෝෂණ වලට සම්බන්ධ වෙනවා.විශ්ව විද්‍යාල වල අරගල කරන ඇතැම් සිසු සිසුවියන් තමන්ගේ අතේ තියන බැනරයේ, විරෝධතා පුවරුවේ මොකක්ද තියෙන්නේ කියලවත් දන්නේ නෑ.

වැරදි නායකත්වයන්, වැරදි මග පෙන්වීම් යටතේ විශ්ව විද්‍යාල සිසුන් නොයෙක් වරදි දේ වලට පොළඹවා ගැනීම් සිදු වෙනවා.ඒ නිසා අවුරුදු 04 න් 05න් ගන්න තියෙන උපාධිය ගන්න අවුරුදු 07 ක් 08ක් ඉන්න සිද්ධ වෙනවා.මේක විශාල ඛේදවාචකයක්, විශ්ව විද්‍යාල දරුවන් යොදා ගෙන අරගල කරවන දේශපාලන පක්ෂ හා විවිධ පුද්ගලයින්ට මේ විශ්ව විද්‍යාල දරුවන්ගේ දෙමාපියන්ගේ දුක තේරෙන්නේ නෑ.ඇතැම් සරසවි සිසුන්ගේ දෙමාපියන් ඒ සිසුන්ට උගන්වන්න මාසික වියදම යවන්නේ කුළි වැඩ කරලා, සමහරු ගෙදර තියෙන වී ගෝණිය විකුණනවා.විකුණන්න වී ගෝණියක් නැත්තන් තමන්ගේ දුවට පුතාට හොදට උගන්වන්න සමහර අම්මලා කරේ තියන කරාබු ජෝඩුව උකස් කරනවා.ඒ නිසා දෙමාපියන්ගේ අහිංසක හීන බලාපොරොත්තු බොද කරලා දාන්න විශ්ව විද්‍යාල සිසුන් කටයුතු කරන්න එපා.

විශ්ව විද්‍යාලයට ගිහින් ගන්න තියෙන දැනුම ලබා ගන්න.ඒ ලබා ගන්නා දැනුම තුළින් තමන්ගේ පවුල ශක්තිමත් කරන්න පළමුව.අපි දන්නවා සමහර වෙලාවට විශ්ව විද්‍යාල සිසුන් විශ්ව විද්‍යාලයේ ගත කරන අවුරුදු කිහිපය අරගල කරනවා.හැබැයි විශ්ව විද්‍යාල සිසුන් අවසානයේ රැකියාවක් හොයාගනෙ නතර වෙන්නේ දේශපාලඥයෙක්ගේ මේසයක් ඉස්සරහා.

උපාධිය ගත්තට පස්සේ අර කියපු මතවාද නෑ, අරගල කරපුවා මතක නෑ,මේදේ වෙන්න ඕනකමක් නෑ,විශ්ව විද්‍යාල දරුවන්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් නියමිත කාළයට ලබා ගෙන ඒ සුදුසුකම් වලට අනුව රැකියාවක් ලබා ගෙන තමන්ගේ අනාගතය සාර්ථක කර ගන්න.යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යය කේ.එච් නන්දසේන, සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම් ණය දෙන සමිතියෙහි සභාපති විශ්‍රාමලත් නියෝජ්‍යය පොලිස්පති ගාමිණි ගුණතිලක මහතා ඇතුළු නිළධාරීන්, උතුරු මැද පළාත් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂීකාව ඇතුළු කොට්ඨාශ,කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්,ශිෂ්‍යාධාර හිමි සිසු සිසුවියන් හා ඔවුනගේ දෙමාපියන් විශාල පරිසක් සහභාගී වූහ.

ධම්මික පීරිස්

ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්

2014/07/26 - තිරප්පනය ඇඩ්ඩින් ගම්මානයට විදුලිය

“විපක්ෂය අද විහිලුවක් බවට පත් වෙලා” යැයි අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පෙරේදා (26) තිරප්පනය ඇඩ්ඩින් ගම්මානයට විදුලිය පහසුකම් ලබා දීමේ අවස්ථාවට එක් වෙමින්ය.විදුලමු ලංකා ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 15 ක වියදමින් ඇඩ්ඩින් ගම්මානයෙහි පවුල් රැසකට විදුලිය පහසුකම් ලබා දීම සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා “ අද විපක්ෂයට කියන්න සටන් පාඨයක් නැති වෙලා, පෙන්වන්න ආණ්ඩුවේ වරදක් නැති වෙලා, බො‍රු බේගල් කිය කිය, විවේචන කර කර ජනතාව මුලා කරමින් විපක්ෂය විහිළුවක් බවට පත් වෙලා තියෙනවා.වත්මන් ආණ්ඩු පක්ෂයත් එක්ක කිසිම දේශපාලන පක්ෂයකට හැප්පෙන්න බෑ.හැප්පෙන්න තියා ලං වෙන්නවත් බෑ.මොකද මේ ආණ්ඩුවත් සමග ජනතාව සැමදාම සිටිනවා.මේ ආණ්ඩුවට දවසින් දවස ජනතාව එකතු වෙනවා.ඒ මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල ඔවුන් අනුමත කරන නිසාවෙන්.අද විපක්ෂයට ගමට යන්න විදිහක් නෑ.මොකද විපක්ෂයේ කටින් බතල විතරයි.හැමදාම මාධ්‍ය සාකච්ජා තිය තිය , රැස්වීම් තිය තිය බොරු බේගල් ඇද බානවා විතරයි.කවදාවත් ගමේ සංවර්ධනය ගැන හිතලා කටයුතු කරලා නෑ.ගමේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන්නේ ආණ්ඩු පක්ෂය විතරයි.වත්මන් ආණ්ඩුව තරම් ගමේ සංවර්ධනයට මුදල් ලබා දුන් කිසිදු ආණ්ඩුවක් නෑ.එක ගමට එක වැඩක්, ගම නැගුම, පුර නැගුම,දිවි නැගුම, විදුලමු ලංකා කියලා මෙකී නොකී බොහෝ ව්‍යාපෘතීන් වලින් එක ගමට වැඩ ගොඩක් කළේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ නිසා වත්මන් ආණ්ඩුවත් සමගින් ජනතාව එක් රොක් වෙනවා.ඒක කිසිවකුටත් නවතා ලිය නොහැකියි.

අද ගම්මාන රැසකට විදුලිය පහසුකම් ලැබිලා, මාර්ග රැසක් සංවර්ධනය වෙලා, පාසල් දියුණු වෙලා, ආගමික පුනරුදයක් ඇති වෙලා මේ හැම දේම සිදු වුණේ වත්මන් ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘතීන් හරහායි.එදා කොළඹට කිරි අපට කැකිරි යැයි කියූ කියමන පුස්සක් කරමින් අද කොළඹට මෙන් අපටද සංවර්ධනයේ කිරි ඉතිරෙමින් පවතිනවා.යැයි පැවසීය

මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් -එප්පාවල

2014/07/07 - අධ්‍යාපන හදාරන දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන දරුවන් වගේම මරුවන් පිරිසකුත් සිටිනවා- අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා

“විශ්ව විද්‍යාල තුළ හැබෑවට අධ්‍යාපනය හදාරන දරුවෝ වගේම , අධ්‍යාපන හදාරන දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන දරුවන් වගේ මරුවන් පිරිසකුත් සිටිනවා.” යැයි අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (07) මැදවච්චිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පෙර පාසල් අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් පෙර පාසල් සදහා අත්‍යවශ්‍යය උපකරණ ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන්ට මේ බව ප්‍රකාශ කර සිටියේය.අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මැදවච්චිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පෙර පාසල් පහලොවක අඩුපාඩූ නිරීක්ෂණය කර එම පෙර පාසල් සදහා අවශ්‍යය වන පොත් රාක්ක, සෙල්ලම් මිදුල්, ක්‍රීඩා උපකරණ, ඩෙස් පුටු ආදී භාණ්ඩ ප්‍රදානය කළේය.

පසුගිය දා ඇති වූ සිද්ධියක් මුල් කර ගනිමින් මිහින්තලේ පිහිටි රජරට විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වහලා දැම්මා.මේකට වරදකරුවෝ කවුද? ඇයි මෙහෙම වුණේ ? කියන එක හෙව්වත්,හොයලා එයට සම්බන්ද අයට දඩුවම් කළත් අන්තිමේදී සුළු පිරිසක් කළ දෙයක් නිසා අහිංසක දුප්පත් දෙමාපියන්ගේ දරුවන් බහුතරයකට අධ්‍යාපනය හදාරන්න තිබුණ වටිනා කාළ සීමාව නැති වෙලා අවසන්. රජරටට විශ්ව විද්‍යාලයක් ලබා ගත්තේ බොහෝම අමාරුවෙන්,රජරට විශ්ව විද්‍යාලය මගින් අහිංසක දුප්පත් දූ දරුවන්ගේ සිහින සැබෑ කිරීමට හැකියාව තියෙනවා.රජරට විශ්ව විද්‍යාලය අපේ රටේ අනෙකුත් විශ්ව විද්‍යාල මට්ටමටම දියුණු වෙලා තියෙනවා.නමුත් අද වන විට අපේ දරුවන්ට අධ්‍යාපනය හදාරන්න තිබුන වටිනා කාළය නැති වෙලා තියෙනවා දින නියමයක් නැතිව රජරට විශ්ව විද්‍යාලය වසා දැමීම නිසා.මේකට “වරදකරුවෝ කවුද ? ”කියන එක නෙමෙයි ප්‍රශ්නය.ඇයි මෙහෙම වෙන්නේ කියන එකයි ප්‍රශ්නය.මේ විශ්ව විද්‍යාලයේම ඉගෙන ගන්න, රටේ අනාගතය භාර ගන්න ඉන්න, විද්වතුන්, වියතුන් බවට පත් වෙන්න ඉන්න දරුවන්ගේ අඩු පාඩුවක් නිසා අද විශාල ගැටුමක් නිර්මාණය වෙලා, දරුවන්ටම විශාල පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා.

දෙමාපියෝ බොහෝ දුක් මහන්සිවෙලා දරුවෙක් විශ්ව විද්‍යාලයට යවන්නේ විශ්ව විද්‍යාලයට ගිහින් අරගල කරන්න නෙමෙයි,විශ්ව විද්‍යාල තුළ හර්තාල් කරන්න නෙමෙයි.විශ්ව විද්‍යාලය කියන්නේ අධ්‍යාපනය ලබන ස්ථානයක්.විශ්ව විද්‍යාලය කියන්නේ රට හදන තැනක් නෙමෙයි, විශ්ව විද්‍යාලය කියන්නේ රට හදන්න උගතුන් බුද්ධිමතුන් බිහි කරන තැනක්,ඒ ස්ථානයේදී ලබා ගන්න තියෙන දැනුම ලබා ගෙන ඒ ලබා ගන්නා දැනුමින්, ඥානයෙන් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න , තමන්ගේ, තමන්ගේ පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්න කල්පනා කරන්න ඕන.විශ්ව විද්‍යාල දරුවෝ කීප දෙනෙක්ගේ හෝ ශිෂ්‍ය සංගමයක නොමනා ක්‍රියා නිසා අවසානයේ සමස්ථ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටම යන්න බැරි වෙන්න රජරට විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වැහිලා තියෙනවා.දෙමාපියෝ හිතන්න එපා දරුවා හොදට ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා, දැන් හොද නරක තේරෙනවා දැන් දරුවා ගැන හොයලා බලන්න ඕන නෑ කියලා.තමන්ගේ දරුවා පෙර පාසල් ගිහින් කරන්නේ මොනවාද? තමන්ගේ දරුවා පාසල් ගිහින් කරන්නේ මොනවාද? තමන්ගේ දරුවා පන්ති ගිහින් කරන්නේ මොනවාද? තමන්ගේ දරුවා දහම් පාසල් ගිහින් කරන්නේ මොනවාද? ඒ වගේම තමන්ගේ දරුවා විශ්ව විද්‍යාලයට ගිහින් කරන්නේ මොනවාද කියලා හොයලා බලන්න අද දෙමාපියන්ට සිද්ධ වෙලා තියෙනවා.විශ්ව විද්‍යාල වලින් උගතුන්, බුද්ධිමතුන් බිහි කළාට විශ්ව විද්‍යාල කාළය තුළ දරුවෝ , දරුවෝ විදිහට අධ්‍යාපන කටයුතු සිදු කරනවාද කියලා සොයා බැලිය යුතුයි.විශ්ව විද්‍යාල තුළ හැබෑවට අධ්‍යාපනය හදාරන්න එන දරුවෝ වගේම , අධ්‍යාපන හදාරන දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන දරුවන් වගේ මරුවන් පිරිසකුත් සිටිනවා.

විශ්ව විද්‍යාල කාළයේ අරගල කළත් යම් සීමාවක් තියෙන්න ඕන, තරුණ කාලේ ඉල්ලීම් දිනාගන්න අරගල කරන බව ඇත්ත නමුත් එහි සීමාවක් තිබිය යුතුයි.රජරට විශ්ව විද්‍යාලය කියන්නේ බොහෝ දුෂ්කර පළාතක පිහිටලා තියෙන අනෙක් විශ්ව විද්‍යාල වලට පස්සේ ආරම්භ කළ විශ්ව විද්‍යාලයක් ඒ නිසා රජරට විශ්ව විද්‍යාලයේ අඩු පාඩු තියෙන්න පුළුවන් ඒ අඩුපාඩු හදාගන්න උත්සහ දරනවා වෙනුවට අරගල කරන්න ගියොත් තියෙන තත්වයටත් වඩා පහලට රජරට විශ්ව විද්‍යාලය ඇද වැටීමට පුළුවන් යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා සභාපතිතුමන් ඇතුළු මන්ත්‍රීවරුන්, පෙර පාසල් පාලිකාවන්, පෙර පාසල් දරු දැරියන් හා දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් - එප්පාවල

2014/06/27 - අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පසුගියදා (27) එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය

අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පසුගියදා (27) එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.ඒ එම පාසලේ පන්ති කාමර හිගයක් පවතින බවට පාසල් බළධාරීන් විසින් අමාත්‍යයවරයා දැනුවත් කර තිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමටය.

හදිසියේ පාසලට පැමිණි අමුත්තා දැක පාසල් සිසු සිසුවියන් අමාත්‍යය දුමින්ද දිසානායක මහතා වට කර ගත් අතර,එහිදී අමාත්‍යයවරයා සිසු සිසුවියන්ගෙන් පාසලේ වත්මන් තත්වය හා අඩුපාඩු සම්බන්ධයෙන් විමසා සිටියේය.එහදී පාසල් දරු දැරියන් පන්ති කාමර හිගයක් පවතින බවට අමාත්‍යයවරයාට පැවසීය.

අනතුරුව එම පාසලේ විදුහල්පතිවරයා හා ගුරුභවතුන් සමග පාසලේ ඇති අඩුපාඩූ සම්බන්ධයෙන් සාකච්ජා කරමින් එම අඩුපාඩූ නිරීක්ෂණය කළ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා, එම පාසලේ ඇති ප්‍රධාන ගැටළුවක් වූ පන්ති කාමර හිගයට විසදුමක් ලෙස නව පන්ති කාමර කිහිපයක් ලබා දීමට කටයුතු කළේය.ඊට අමතරව අධ්‍යාපන සේවා අමාත්‍යංශය මගින් ලබා දිය හැකි සියළු පහසුකම් එප්පාවල ශ්‍රී රාහුල විදුහලට ලබා දෙන බවටද දුමින්ද දිසානායක අමාත්‍යයවරයා පොරොන්දු විය.

තඹුත්තේගම- මංජුල සේනානායක

2014/06/26 - උත්සවයේ මුල් තැන ගන්න දුමින්ද දිසානායක ඇමතිට තමුසේ කිව්ව උතුරු මැද මහ ඇමති

මට මේ පළාතේ පුද්ගලයෙක් තමුසේ කියලා කථා කරා, ඉතින් මම ඇහුවා ඔබ තුමා කරත්ත කාරයෙක්ද කියලා ඊට පස්සේ එයා කථාව නවත්ත ගත්තා .ඒක තමයි එක එක්කෙනාගේ අධ්‍යාපන මට්ටම.ඉතින් අපි ඒකට කළබල වෙන්න ඕනකමක් නෑ.ඒ වැනි අය නිසයි උතුරු මැද පළාත පහතට වැටිලා තියෙන්නේ යැයි අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (26) එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ ඉදි කිරීමට නියමිත මහින්දෝදය විද්‍යා පීඨයට මුල් ගල් තැබීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්ය.මෙම උත්වයෙදී මහින්දෝදය විද්‍යා පීඨයට මුල් ගල් තැබීමට ප්‍රථම අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන මහතා අතර මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා කවුරුන්ද යන්න පිළිබදව ඇතිවූ වචන හුවමාරුව සම්බන්ධයෙන් පැමිණ සිටි පිරිස දැනුවත් කරමින් අමාත්‍යයවරා මේ බව පැවසීය.

මෙම උත්සවයේ මැතිඇමතිවරුන් පිළිගැනීමෙන්අනතුරුව මුල් ගල් තැබීමට යන අවස්ථාවේදී අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා හා උතුරු මැද පළාත් එස්.එම් රංජිත් සමරකෝන් මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූයේ එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් සමගින්ය.එහීදී අමාත්‍යයවරුන් අතර මෙසේ වචන හුවමාරුවක් සිදු විය.

ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන් මහතා -මට මේවා ජනාධිපතිතුමා භාර දීලා තියෙන්නේ,

අධ්‍යාපන සේවා ඇමති දුමින්ද දිසානායක - ඔයාට මොනවද භාර දීලා තියෙන ඉස්කෝල.කැබිනට් ඇමතිවරයෙක් ඉද්දින් එයා තමයි උත්සවයක ප්‍රධාන ආරාධිතයා වෙන්නේ.දන්න දෙයක් කථා කරන්න.

ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන් මහතා - ඔයාලනේ මේවා වෙනස් කරන්නේ.

අධ්‍යාපන සේවා ඇමති දුමින්ද දිසානායක - මොනවද, අපි කොහෙද වෙනස් කලේ, වැරදි දේ හරි ගස්ස ගන්නයි ඔයාට කියන්නේ.

ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන් මහතා - තමුසේලානේ වැරැද්දුවේ.... මිනිස්සු ඉස්සරහා .....

අධ්‍යාපන සේවා ඇමති දුමින්ද දිසානායක - කථා කරන්න ඉගෙන ගන්න, තමුසේ කියන්න කරත්ත කාරයෙක්ද? කරත්ත කාරයෙක්ද?

යැයි එම උණුසුම් වචන හුවමාරුව සිදු විය.අනතුරුව අමාත්‍යවරුන් දෙපළ සුභ මොහොතින් මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැද එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ ඉදි කිරීමට නියමිත මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨයට මුල් ගත් තැබූහ.අනතුරුව මෙම උත්සවයෙහි , උත්සව සභාව එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත් වූ අතර එහිදී උතුරු මැද පළාත් අධ්‍යාපන ඇමති කේ.එච් නන්දසේන, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන් යන මහත්වරුන් අදහස් දක්වමින් වත්මන් රජයේ අධ්‍යාපන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දැක්වීය.අනතුරුව එස්.එම් රංජිත් සමරකෝන් මහතා එම උත්සවයෙන් පිටව ගියේය.

අනතුරුව අදහස් දැක්වූ අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

අද දරුවෝ ලබා ගන්නා අධ්‍යාපනය එදා දෙමාපියන්ට ලබා ගන්න බැරි වුණත් දෙමාපියෝ ගොඩාක් සන්තෝෂ වෙනවා තමන්ට ලබා ගන්න බැරි වුණ අධ්‍යාපනය තමන්ගේ දරුවන්ට ලබා ගන්න පුළුවන්කම ලැබෙන කොට, කවුරුහරි හිතුවොත් එහෙම මට වඩා මගේ එකා ඉගෙන ගන්න ඕන නෑ කියලා අපිට මේ රට දියුණු කරන්න ලැබෙන්නේ නෑ.මේ රට ආසියාවේ ආශ්චර්ය බවට පත් කර ගන්න පුළුවන්කමකුත් නෑ.සෑම දෙමාපියෙක්ගෙම බලාපොරොත්තුව දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දීමයි.දැන් අදත් ඒ වගේම සිද්ධියක් වුණා.අපි මේ පාසලට ඇවිල්ලා මුල් ගල තියන්න යන කොට මට මේ පළාතේ පුද්ගලයෙක් තමුසේ කියලා කථා කරා, ඉතින් මම ඇහුවා ඔබ තුමා කරත්ත කාරයෙක්ද කියලා ඊට පස්සේ කථාව නවත්ත ගත්තා .නමුත් ඒක තමයි එක එක්කෙනාගේ අධ්‍යාපන මට්ටම.ඉතින් අපි ඒකට කළබල වෙන්න ඕනකමක් නෑ. මොකද අපට කාවවත් බලහත්කාරයෙන් තැනකට ගේන්න බෑ.තැනකට උස්සන්න බෑ.කරේ තියාගෙන යන්න පුළුවන්.එත් බුද්ධිය, දැනුම දෙන්න බෑ.මනුස්සයොන්ගේ බොහෝ දේවල් ඇති කරගන්න ඕන නිහතමානීකමෙන් , හික්මීමෙන් .හැබැයි සමහරු කට ඇරියොත් නා ගන්නවා.ඉතින් ඒකට අපිට කරන්න දේකුත් නෑ යැයි පැවසීය.

මෙම අවස්ථාවට අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකොන්, උතුරු මැද පළාත් සභා සභාපති ටී.එම්.ආර්. සිරිපාල පළාත් අධ්‍යාපන අමාත්‍යය කේ.එච් නන්දසේන, ප්‍රාදේශීය දේශපාලඥයින්, අධ්‍යාපන කාර්යාල නිළධාරීන්, විදුහල්පතිවරුන්,ගුරුභවතුන්, දෙමාපියන් , සිසු දරු දැරියන් විශාල පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් - එප්පාවල

2014/06/19 - පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම සදහා පෝෂදායි කැඳ වීදුරුවක රජය මගින් ඉදිරියේදී ලබා දෙනවා

පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම සදහා පෝෂදායි කැඳ වීදුරුවක රජය මගින් ඉදිරියේදී ලබා දෙනවා.දිවා ආහාර ලබා දෙන පාසල් වල සතියට දින දෙකක් කැද ලබා දීම සිදු වනවා.සමහරු හිතනවා ඇති සල්ලි නැති නිසා දැන් කැඳ දෙන්න පටන් අරන් කියලා.නෑ එහෙම නෙමෙයි.අපේ පාසල් දරුවන්ගේ සෞඛ්‍ය පැත්තෙන් පෝෂණය පැත්තෙන් මහා පරිවර්ථනයක් කරන්නයි කැඳ ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරන්නේ යැයි අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අධ්‍යාපන සේවා අමාත්‍යංශයත්, සෞඛ්‍ය අමාත්‍යංශයත්, පෝෂණ ලේකම් කාර්යාලයත්, හෙළ සුවය සංවිධානයත්,කොළඹ රාජකීය විද්‍යාලය එක්ව, රජය මගින් දිවා අහාරය ලබා දෙන පාසල් වල දරු දැරියන්ට කැඳ වීදුරවක් ලබා දීම පිළිබදව අනුරාධපුර දිස්ත්‍රික් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, අධ්‍යාපන නිළධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, ආහාර සැපයුම්කරුවන්, දෙමාපියන් හා සිසු දරුවන් දැනුවත් කිරීමේ හමුවකට ඊයේ (19) එක් වෙමින් අමාත්‍යයවරයා මේ බව පැවසීය.මෙම හමුව අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේදී පැවැත්විණි.මෙහිදී පාසල් දරු දැරියන්ට ඉදිරියේදී ලබා දීමට නියමිත කැඳ පාසල් දරු දැරියන් කිහිප දෙනෙකුට ලබා දීමද, එම කැඳ සෑදීමට ගන්නා දේශීය සහල් සාම්පල් විදුහල්පතිවරුන්ට ලබා දීමද අධ්‍යාපන සේවා අමාත්‍යයතුමන් අතින් සිදු විය.

කොළඹ රාජකීය විද්‍යාලය හා හෙළසුවය සංවිධානය එක්ව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙ ඉදන් ආරම්භ කළා කොළඹ රාජකීයේ දරුවන්ට කැඳ ලබා දීමේ වැඩසටහනක්.එම වැඩසටහන සාර්ථකවීමත් සමගින් මුළු රටේම දරුවන්ගේ පෝෂණය ඉහළ තැනකට ගෙන ඒම සදහා ඔවුන් අධ්‍යාපන සේවා අමාත්‍යංශයත් සමගින් එකතු වුණා.එම වැඩ පිළිවල පළමුව උතුරු මැද පළාත තුළ ක්‍රියාත්මක කිරීමට අප තීරණය කළා.

හෙළ සුවය සංවිධානය සොයා ගෙන තියෙනවා තෙල් පොහොර භාවිතා නොකර වගා කරන දේශීය සහලින් පෝෂණීය කැඳ ලබා දීමට.පච්චපෙරුමාල්, සුවදැල් වැනි පැරණි සහල් යොදා ගනිමින් පාසල් දරුවන්ට කැඳ වීදුරුවක් ලබා දීමට අප ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.මේක අලුත් දෙයක් නෙමෙයි, අපට අමතක වෙච්ච දෙයක්, අපට මගහැරිච්ච දෙයක් නැවතත් සමාජ ගත කිරීම තමයි අපේ අරමුණ.

මේ සදහා අවශ්‍යය දේශීය සහල් හෙළ සුවය සංවිධානය හරහා පාසල් වල ආහාර සැපයුම් කරුවන්ට ලබා දී පාසල් දරුවන්ට කැඳ වේල ලබා දීමට නියමිත බවද , මෙම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීම සදහා වස විස නැති දේශීය සහල් නිෂ්පාදනයට ගොවීන් යොමු කර වන බවත්, එම නිෂ්පාදනයන් අධ්‍යාපන සේවා අමාත්‍යංශය මගින් මිලදී ගන්නා බවත් දුමින්ද දිසානායක අමාත්‍යයවරයා එහිදී පැවසීය.

මේ වැඩසටහන පාසල් වල ක්‍රියාත්මක කිරීමට පෙර පර්යේෂණ සිදු කිරීම සදහා පාසල් කිහිපයක් තොරා ගෙන දින 05 ම මෙම කැද වේල ලබා දීලා,පාසල් දරුවන් අතර පරීක්ෂණයක් පවත්වලා මෙහි ප්‍රථිපලයක් තිබෙන නිසයි මෙම වැඩසටහන පාසල්වල ක්‍රියාත්මක කිරීමට තීරණය කලේ.

මේ කැඳ කියලා කිව්වට නිකම්ම කැද නෙමෙයි.මමත් ඒ කැඳ බීලා බැලුවා.මේ කැඳ වලින් බත් කෑවට වඩා ශක්තියක් එනවා.කැඳකියන වචනයේ කැඳ නෙමෙයි අපි දෙන්නේ.සාමාන්‍යය කැඳ වලට වඩා බොහෝ පෝෂණයක් තියෙන කැඳ වර්ගයක් තමයි අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ අමාත්‍යංශයට මුදල් ලැබෙනවා කියලා එක වේලක් දරුවකුට කෑම ලබා දීලා, එක කිරි වීදුරවක් දීලා දරුවකුගේ පෝෂණය ඉහළ දාන්න බෑ.පාසල් දරුවන්ට දිවා ආහාර ලබා දීමට හා කිරි වීදුරුවක් ලබා දීමට ආණ්ඩුව වර්ෂයකට රුපියල් මිලියන 4000 ක් වියදම් කරන්නේ පණිවිඩයක් ලබා දෙන්න විතරයි .

අපි බලාපොරොත්තු වෙනවා ආහාර වේලක් කිරි වීදුරුවක් නොමිලේ ලබා දීම මගින් දරුවන් අතරත්, දෙමාපියන් අතරත් නිසි පෝෂණය සම්බන්ධයෙන් පණිවිඩයක් ලබා දීමට, පෝෂණයේ වටිනාකම දරුවන් සමග සාකච්ජා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.ඒ වගේම දෙමාපියන් හැකි සෑම විටකම දරුවන්ට පෝෂදායි ආහාර වේලක් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

අද එක වසරේ ඉන්න දරුවන්ටත් සීනී තියෙනවා. ඉතින් අපේ දරුවෝ දැන් ලෙඩ වෙලා.අපි මෙම වැඩසටහන් තුළින් රෝගී දරුවන් නීරෝගී දරුවන් බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා.අපි ලෙඩ වෙන එකට මූලික අපේ කට,මොකද අපි ගන්නා ආහාර නිසා අපි ඉක්මනින් ලෙඩ වෙනවා.ඒ නිසා නිසි පාලනයකින් අපි ආහාර ලබා ගැනීම සිදු කළ යුතුයි.

ලංකාවේ ගත්තොත් පාසල් හත්දහස් හත්සිය හතලිහක ළමයි දස ලක්ෂයකට පමණ දිවා ආහාරය ලබා දෙනවා.ඒ වගේම කිරී වීදුරුවක් ලබා දෙනවා පාසල් දාහක පමණ ළමුන් ලක්ෂ දෙකකට.මේ සදහා මිලියන හාර දහසක් පමණ වර්ෂයකට වැය වෙනවා.අතිගරු ජනාධිපතිතුමා හොදම දේ දරුවන්ට ලබා දීමේ බලාපොරොත්තුවෙන් , හොද පෝෂදායී,ශක්තිමත් දරු පරපුරක් අනාගතයට දායද කිරීමටත්, ශාක්ෂරතාවෙන් ඉහළ දරු පරපුරක් බිහි කිරීමේ බලාපොරොත්තුවත් පෙර දැරිව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ.අපි විදපු දුක් අපේ දරුවන්ට දෙන්න හොද නෑ.අපි අපේ දරුවන්ට හොද අනාගතයක් බිහි කිරීමටයි මේ සියල්ල සිදු කරන්නේ.

අද අපි කන්නේ මොනවද, බොන්නේ මොනවද කියන එක තීරණය කරන්නේ මාධ්‍යයි, මාධ්‍යය මගින් අලෙවි නොවන භාණ්ඩ අලෙවි කරවන්න දැන්වීම් දානවා.ඒ දැන්වීම් දකින අපි ඒ භාණ්ඩ මිලදී ගන්න පෙළඹෙනවා කිසිම සොයා බැලීමකින් තොරව.මේක මහා ව්‍යසනයක්.අද කාන්තාවන් වැඩිපුරම මිලදී ගන්නා භාණ්ඩය බවට පත් වෙලා තියෙන්නේ සුදු වෙන ක්‍රීම්.වෙළද පොලේ සුදු වෙන ක්‍රීම් වර්ග කියලා නොයෙකුත් ක්‍රීම් වර්ග තියෙනවා.මාධ්‍ය මගින් මේවට විශාල ප්‍රචාරයක් ලබා දෙනවා.අද මාධ්‍ය මගින් ජනතාව මුළා කරමින් සිටිනවා යැයිද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යයවරයා පැවසීය.මෙම අවස්ථාවටකළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු අධ්‍යාපන නිළධාරීන්,විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, පාසල් වලට ආහාර සපයන සැපයුම්කරුවන් , පාසල් දරුවන් හා ඔවුනගේ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වූහ.

තඹුත්තේගම මංජුල සේනානායක

2014/06/19 - තමන්ගේ ජාතියට ආදරය කිරීම ජාතිවාදය නොවේ

“තමන්ගේ ජාතියට ආදරය කිරීම ජාතිවාදය නොවේ.තමන්ගේ ආගමට ආදරය කිරීඹ ආගම්වාදයත් නොවේ.නමුත් එහි අන්තයට යාම ඉතා භයානක ප්‍රථිපල ඇතිවන්නට හේතු වෙනවා. ජාති භේද ආගම් බේද වපුරා මේ රට තුළ ආයෙත් යුද්ධයක් ඇති කර ගත යුතු නෑ” යැයි අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අමාත්‍යයවරයා මේ බව කියා සිටියේ ඊයේ (19) මහින්ද චින්තන ඉදිරිදැක්මට අනුව දැනුම කේන්ද්‍රීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කරනු වස් ප්‍රාථමික පාසල් පන්දහසක් පෝෂණය කිරීම සදහා වූ ද්වීතීයික පාසල් දහසක් ප්‍රතිනිර්මාණ කිරීම වෙනුවෙන් පාදුක්ක සිරිපියරතන මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකෙරෙන මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යය බන්දුල ගුණවර්ධන, අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක, සිවිල් ගුවන් සේවා නියෝජ්‍යය අමාත්‍යය ගීතාංජන ගුණවර්ධන, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහේෂ් අල්මේදා යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් රැසක් එක් වූහ.මෙහිදී පාදුක්ක සිරිපියරතන විද්‍යාලයේ මෙවර උසස් පෙළ සමත් අඩුආදයම්ලාභි දැරියකගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සදහා පියරතන විද්‍යාලීය ආදී ශිෂය සංගමය මගින් රුපියල් 10 000ක මුදලක් පරිත්‍යාග කළ අතර, එම මුදල් ත්‍යාගය අධ්‍යාපන සේවා අමාත්‍යයතුමන් අතින් එම දැරියට ප්‍රධානය කෙරිණි.

1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ ජාති බේදයක් තිබුනේ නෑ, සිංහල සනත් ජයසූරිය, දමිල ජාතික මුරලිදරන්, ක්‍රිස්තියානි ආගමේ චමින්ද වාස් වැනි පුද්ගලයින් එකතු වෙලා ආගම් භේද නොතකා කටයුතු කළ නිසා ශ්‍රී ලංකාවට අතිවිශාල ජයග්‍රහණයක් ලබා දුන්නා.එදා ඔවුන් ජාති බේද ආගම් බේද ගැන සිතා කටයුතු කළා නම් ඒ ජයග්‍රහණය අප රටට ගෙන එන්න වෙන්නේ නෑ.

අධිරාජ්‍යයවාදීන්ගෙන් මේ රට බේරා ගන්න පිළිප් ගුණවර්ධන ඇතුළු නායකයින් සටන් කරද්දි දෙමළ ජාතික පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන් වැනි අය වගේම මුස්ලිම් ජාතික එම්.සී සිද්දි ලෙබ්බේ වැනි නායකයින් කටයුතු කළා.ඒදා ඒ විදිහට ජාති බේද ,ආගම් බේද ආදී, භේද අමතක කර කටයුතු කළ නිසා අපේ රටට විශාල ජයග්‍රහණයන් ලැබුණා.

ඇතැම් අන්තවාදීන් දෙමළ නිජ භූමි, මුස්ලිම් කලාප ගැන කථා කරනවා.මෙකක්ද මේ විහිළුව, මේ රටේ සෑම පුරවැසියකුටම රටේ ඕනෑ තැනක ජීවත් වෙන්න නිදහස තිබෙනවා.මේ වැරදි අදහස් දරුවන්ගේ මනසට ලබා දී නැවත යුද්ධයක් ඇති කිරීමට ඇතැමුන් කටයුතු කරනවා.මේ ගැටුම වැරදි ලෙස අර්ථ කථනය කරමින් මුළු ලෝකය මේ ගැටුම් ආයුධයක් කරනවා.ඒ තුළින් මේ රටට අපකීර්තියක් ඇති කිරීමට ඇතැමුන් කටයුතු කරනවා යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ප්‍රාදේශීය දේශපාලඥයින්, විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, සිසු සිසුවියන් හා ඔවුනගේ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් - එප්පාවල

2014/06/13 - සමහර දෙමාපියෝ හිතාගෙන ඉන්නවා ළමයි හදන එක විතරයි එයාලගේ රාජකාරිය කියලා

පොසොන් පුර පසලොස්වක පෝය දිනය කියන්නේ මේ රටේ ඉන්න ජනතාවට ඉතාමත් වටිනා ආගමක්, වටිනා සභ්‍යත්වයක්, සංස්කෘතියක් ඇති කරපු උදාර දායදයක් හිමි කර දුන්නු දිනයක්,ඒ දිනය කේන්ද්‍ර කරගෙන මේ අනුරාධපුර නගරයට එන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් විවිධ දන්සැල් පැවැත්වෙනවා.ඒ අයුරින් බර්ටි දිසානායක පදනමත් අනුරාධපුරය වැද පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ කුසගින්න නිවන්න බත් දන්සැලක් දෙවැනි වරටත් පැවැත්වීම සම්බන්ධයෙන් ස්තූතිය පුද කරනවා යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක පොතානේ ධම්මානන්ද නා හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා(13) බර්ටි දිසානායක පදනම හා වන්නිතම්මැන්නාව ගම්වාසීන් එක්ව දෙවන වරටත් සංවිධානය කළ පොසොන් මහා කහ බත් දන්සැල මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමේ අවස්ථාවෙහි අනුශාසනාව සිදු කරමින්ය.මෙම බත් දන්සැල අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.මෙම දන්සැල මහජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබුවේ බර්ටි දිසානායක පදනමේ සභාපති අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙනි. ඓතිහාසික අනුරාධපුර වන්දනාමාන කිරීඹට පැමිණි බැතිමතුන් විශාල පිරිසක් මෙම දන්සැලෙන් කුස ගිනි නිවා ගැනීමට පැමිණ සිටියහ.

ඉතාමත් පිරිසිදුවට,ඉතාමත් ලස්සනට, සෝභා සම්පන්න විදිහට අනුරාධපුර නගරයේ මේ වගේ දන්සලකින් ආහාර ගන්නට මේ අනුරාධපුර වැද පුදා ගන්න එන පින්වතුන්ට හැකියාව ලැබෙනවා නම් ඒක මහා වටිනා දෙයක්.මම මෙහෙම කිව්වට මෙතන ඉන්න අය අමනාප වෙන් නැතිවෙයි.ජීවත් වෙලා හිටිය බර්ටිට වඩා මැරුණු බර්ටි බළවත් කියලා මට හිතෙනවා.මොකද අද හැම තැනකම බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්ගේ අගය කියැවෙනවා.අද මේ රටේ හැම කෙනෙක්ම කියනවා “ජාතියට වටින, තව බොහෝ කාළයක් මේ රටට සේවය කරන්නට ජීවත් විය යුතු චරිතයක් වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන් අභවප්‍රාප්ත වීම මේ රටට විශාල පාඩුවක් කියලා”.අපේ රටේ පිළිගැනීමක් තියන සියළුම පක්ෂ වල මැති ඇමතිවරු පිළිඅරගෙන තියෙනවා උතුරු මැද පළාතට පමණක් නෙමෙයි මුළු රටටම අමාත්‍යයවරයකු ලෙස බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන් කටයුතු කළ බව.

බර්ටි දිසානායක මැතිතුමන් ජීවතුන් අතර සිටියදී බොහෝ පිංකම් කළා, අද එතුමන් මිය ගිය පසු එතුමන්ට පින් අනුමෝදන් කරමින් එතුමන්ගේ පවුලේ ඥාතීන් පින්කම් රැසක් සිදු කරනවා.බර්ටි ප්‍රේමාලාල් මැතිතුමන් ඉන්නා තැනක සිට එතුමන්ගේ පවුලේ සියළු දෙනාට ආශිර්වාද කරනවා ඇති.ඒ වගේම බර්ටි දිසානායක පදනම මගින් සිදු කරන්නා වූ මේ පිංකම් වල සියළු පින් බර්ටි දිසානායක මැතිතුමන්ට අනුමෝදන් වේවා.ඒ වගේම බර්ටි දිසානායක මැතිතුමන් අද ජීවතුන් අතර නැතත්, එතුමන්ගේ රූපය, එතුමන්ගේ ගතිගුණ වලට සමාන බර්ටි දිසානායක මැතිතුමන්ගේ ජේෂ්ඨ පුත්‍ර රත්නය වන වත්මන් අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මැතිතුමන්ට බර්ටි දිසානායක මැතිතුමන් කර ගෙන ආ දේශපාලන කටයුතු ඔස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයට, උතුරු මැද පළාතට, මේ මුළු රටට ඇතුලුව මේ රටේ මහජනතාව විශාල සේවයක් ඉදිරියට කරගෙන යාමට ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ බර්ටි දිසානායක පදනමේ සභාපති අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මෙසේ පැවසීය, පසුගිය වර්ෂයේ පොසොන් උත්සවය මගේ පියාගේ ඉල්ලීමකට අනුව පොසොන් දන්සැලක් පැවැත්වීම ආරම්භ කළා.ඒ වෙද්දින් මගේ පියා අසනීප වෙලා රෝහලේ හිටියේ.මගේ පියා රෝගී වෙලා හිටියත් ඕනකම තිබුනා මේ අනුරාධපුර ජනතාවට කන්න බොන්න දෙන්න, උදව් උපකාර කරන්න.ඒ නිසා රෝගාතුර වෙලා ඇදේ සිටියත් බර්ටි දිසානායක මැතිතුමා මගෙන් ඉල්ලීමක් කලා පොසොන් පෝයට අනුරාධපුරයට එන ජනතාව වෙනුවන් දන්සැලැක් පවත්වන්න කියලා.එදා මේ දන්සැල ආරම්භ කරපු දවසේ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ මගේ පියා මේ දන්සැලේ සියළු දේ රෝහලේ ඇදේ ඉදගෙන නැරඹුවා.ඒත් අද මේ දෙවැනි වරට පවත්වන දන්සැල දකින්න එතුමා අපි අතර නෑ. නමුත් ඒ කටයුත්ත එතුමාගේ ඉල්ලීමට අනුව අපි සෑම වර්ෂයකම සිදු කරනවා.ඒ පිං වල බලයෙන් එතුමා ඉන්න තැනක ඉදලා මේ උතුරු මැද පලාත ශක්තිමත් කරන්න, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂීකයින් ශක්තිමත් කරන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ, පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් , රාජ්‍යය නිළධාරීන්,ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

තිසර සමල්- එප්පාවල

2014/06/12 - එප්පාවල කටියාව යාය 09 විහාරස්ථානයෙහි චෛත්‍යයරාජයාණන් අභියස බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම

දිවංගත උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට පිං පිණිස එතුමාගේ ළාබාලතම පුත්‍ර රත්නය වන නීතීඥ අමිල එරන්ද දිසානායක මහතාගේ 27 වැනි ජන්ම දිනය නිමිත්තෙන් එප්පාවල කටියාව යාය 09 විහාරස්ථානයෙහි චෛත්‍යයරාජයාණන් අභියස බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම පසුගිය පොසොන් පෝදා (12) සිදු කෙරිණි.මෙම පිළිමය තැන්පත් කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය, බර්ටි දිසානායක මැතිතුමන්ගේ පුතුන් වන අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක, කාවින්ද දිසානායක, නීතීඥ රවින්ද්‍ර දිසානායක, නීතීඥ අමිල දිසානායක යන මහත්වරුන් ඇතුළු කටියාව ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.නීතීඥ අමිල එරන්ද දිසානායක මහතාගේ 27 වැනි ජන්ම දිනය පසුගිය (14) වැනි දිනට යෙදී තිබිණි.

තඹුත්තේගම- මංජුල සේනානායක

2014/06/11 - ඉඹුල්ගොඩ ප්‍රදේශවාසීන් 56 වැනි වරටත් සංවිධානය කළ මහා බත් දන්සැල

ඉඹුල්ගොඩ ප්‍රදේශවාසීන් 56 වැනි වරටත් සංවිධානය කළ මහා බත් දන්සැල ඊයේ (12) අනුරාධපුර සාම විහාර පරිශ්‍රයේදී පැවැත්විණි.මෙම දන්සැල මහජනතාව සදහා විවෘත කිරීමේ අවස්ථාවට අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ඇතුළු ආරාධිතයන් සහභාගී වූහ.

තිසර සමල් - එප්පාවල

2014/06/11 - අනුරාධපුර ග්‍රෑන්ඩ් සමූහ ව්‍යාපාරය මගින් සංවිධානය කළ පොසොන් මහා බත් දන්සැල

අනුරාධපුර ග්‍රෑන්ඩ් සමූහ ව්‍යාපාරය මගින් සංවිධානය කළ පොසොන් මහා බත් දන්සැල පෙරේදා (11) රාත්‍රියෙහි අනුරාධපුර නව නගරයේදී පැවැත්විණි.මෙම දන්සැල මහජනතාව සදහා විවෘත කිරීමේ අවස්ථාවට අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා, බර්ටි දිසානායක පදනමේ උප සභාපති නීතීඥ රවීන්ද්‍ර දිසානායක මහතා ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් - එප්පාවල

2014/06/10- මහින්දෝදය තාක්ෂණ පීඨ දෙසීය පණහක් (250) දිවයින පුරා ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය

මහින්දෝදය තාක්ෂණ පීඨ දෙසීය පණහක් (250) දිවයින පුරා ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 80 ක වියදමින් මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසැලේ ඉදිකිරීමට නියමිත තාක්ෂණ පීඨය සඳහා මුල්ගල තැබීම පසුගියදා (10) සිදුකෙරිණි.

අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක,ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද , උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන් යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් මහින්දෝදය තාක්ෂණ පීඨ දෙසීය පණහක් මේ වසර නිමවීමට පෙර ඉදිකිරීමට නියමිත ය. ඒ අනුව මේ සඳහා එක් තාක්ෂණ පීඨයක් වෙනුවෙන් රුපියල් මිලියන අසුව බැගින් සමස්ථ ව්‍යාපෘතිය සඳහා රජය විසින් රුපියල් මිලියන විසිදහසක් (20000) වැය කරයි.

අනාගත දරු දැරියන් දැනුමින් සන්නද්ධ කරමින් නව ලොවට ප්‍රවිශ්ඨ වීම සහ අනාගත ‍ලෝකය ජය ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම දැවැන්ත ව්‍යාපෘතිය යටතේ උතුරුමැද පළාතේ තාක්ෂණ පීඨ විසි දෙකක් ඉදි කෙරේ.

මහල් තුනකින් සමන්විත මෙම නව තාක්ෂණ පීඨ ගොඩනැඟිල්ල තුළ ජෛව විවිධත්ව තාක්ෂණ විදුලි පරිපථ, විදුලි කාර්මික, සිවිල් ඉංජිනේරු හා කාර්මික ශිල්පීය ඒකකයන් ස්ථාපිත කිරී‍මට නියමිත ය. උතුරුමැද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා කල්යානි කරල්ලියද්ද මන්ත්‍රීනී , උතුරුමැද පළාත්සභා මන්ත්‍රී සුසිල් ගුණරත්න, මැදවච්චිය ජාතික පාසලේ විදුහල්පති එම්.ජී අමරවංශ මහතා ඇතුළු විද්‍යාපෘඨ ආචාර්‍ය මණ්ඩලය සහ සිසු දරු දරියන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

තිසර සමල් - එප්පාවල

2014/06/10 - අපට කෙනෙක් උදව්වක් කළාම ස්තූතියි කියනවාට වඩා අපට පුළුවන්කම තියෙනවා නම් ඒ උදව්වෙන් තවත් කීපදෙනෙක්ට උදව්වක් කරන්න ඒක තමයි හොදම දේ

අපට කෙනෙක් උදව්වක් කළාම ස්තූතියි කියනවාට වඩා අපට පුළුවන්කම තියෙනවා නම් ඒ උදව්වෙන් තවත් කීපදෙනෙක්ට උදව්වක් කරන්න ඒක තමයි හොදම දේ , ඒතුලින් මේ සමාජය යහපත් කරන්න පුළුවන්කම තියෙනවා.අපට කරන උදව්වට අපි පෙරලා තවත් කිහිප දෙනෙකුට උදව් කරන්න අධිෂ්ඨාන කර ගමු. යැයි අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.අමාත්‍යයවරයා මේ බව කියා සිටියේ එප්පාවල මැඩියාව පදිංචි කාන්ති කන්ස්ට්‍රක්ෂන් අධිපති ව්‍යාපාරවේදී නිපුන්, සමාජ සුභ සාධන,මානවහිතවාදී , අසරණ සරණ, ශ්‍රී ජනරංජන දේශමාන්‍යය, මෙල්වින් ජෝන්ස් නාමධාරී සිංහ රත්නසිරි දිසානායක මැතිදුන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් එප්පාවල ඇදගල ගම්මාන අංක 03 ශ්‍රී විදුමිණ භාවනා මධ්‍යස්ථානයේ රුපියල් කෝටියක මුදලින් අභිනවයෙන් ඉදි කළ අංග සම්පූර්ණ ධර්ම ශාලාව සතර පේරුවේ දායක සභාව සතු කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.

කාන්ති කන්ස්ට්‍රක්ෂන් අධිපති ව්‍යාපාරවේදී නිපුන්, සමාජ සුභ සාධන,මානවහිතවාදී , අසරණ සරණ, ශ්‍රී ජනරංජන දේශමාන්‍යය, මෙල්වින් ජෝන්ස් නාමධාරී සිංහ රත්නසිරි දිසානායක මැතිදුන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් එප්පාවල ඇදගල ගම්මාන අංක 03 ශ්‍රී විදුමිණ භාවනා මධ්‍යස්ථානයේ ඉදි කෙරුණ ධර්ම ශාලාවේ සන්නස් පත්‍රය අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානාක මහතා හා රත්නසිරි දිසානායක මහතා විසින් සගසතු කිරීමෙන් අනතුරුව පැමිණි මහා සංඝරත්නය වෙත අටපිරිකර පූජා කිරීමද සිදු විය.එප්පාවල ලියාපදිංචි වෙලද සංගමය සදහා රත්නසිරි දිසානායක මැතිතුමන් ලබා දුන් බෞද්ධ කොඩි හා පතාක ප්‍රධානය කිරීමද මෙහිදී අධ්‍යාපන සේවා අමාත්‍යයතුමන් විසින් සිදු කළේය.මෙම අවස්ථාවට ආරාධිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් - එප්පාවල

2014/06/05 - කාන්තාවන්ට ස්වයං රැකියා සදහා රුපියල් ලක්ෂ දෙක හමාරක ණය මුදලක් පොලී රහිතව ලබා දෙන වැඩසටහන

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය අයවැයේදී කාන්තාවන්ට ස්වයං රැකියා සදහා රුපියල් ලක්ෂ දෙක හමාරක ණය මුදලක් පොලී රහිතව ලබා දෙන වැඩසටහනක් ආරම්භ කළා,එක්සත් ජනතා නිදහස් සන්ධානය හැමදාමත් ගමේ ආර්ථිකය ශක්තිමත් කළා, ගමේ ආර්ථිකය දියුණු කළා.එහි තවත් එක් පියවරක් ලෙස තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා කාන්තාවන් දිරි ගන්වන්න කාන්තාවන් ශක්තිමත් කරන්න,ගෘහ ආර්ථිකය ශක්තිමත් කරන්න,ගම දියුණු කරන්න ණය යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කළේ යැයි අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පෙරේදා (05) මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව කාන්තා ව්‍යවසායකයින්ට පොලී රහිත ණය ලබා දීමේ වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තාවන් දැනුවත් කිරීම වෙනුවෙන් අනුරාධපුර මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමක් අමතමින්ය.

ශ්‍රී ලංකා මහ බැංකුව හා බර්ටි දිසානායක පදනම එක්ව අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. මෙහිදී පොලී රහිත ණය ලබා ගැනීමට බලාපොරොත්තු වන කාන්තාවන්ට එම ණය මුදල් ලබා දෙන ආකාරය හා ස්වයං රැකියා සදහා යොමු විය යුතු ආකාරයන් පිළිබද දැනුවත් කිරීමද සිදු විය.මෙහිදී අත්කම් උපදේශිකා බී.ඊ කුසලා පියුමිකා මහත්මිය ඇතුළු විදාතා සම්පත් නිළධාරීන් ස්වයං රැකියා සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කිරීම සිදු කළේය.

කෘෂි කර්මාන්තය ඇතුළු ස්වයං රැකියාවන්ට තුළින් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍යයතාව තියෙනවා නම් මේ ණය සදහා ඉල්ලුම් කළ හැකියි.අපි ණය මුදලක් දෙනවා පුළුවන්නම් ගන්න කියලා විතරක් නෙමෙයි කියන්නේ, අපි ස්වයං රැකියා සාර්ථකව සිදු කර ගැනීම සදහා දැනුමත් ලබා දීමට කටයුතු කරනවා.ඒ තුළින් මේ රටේ ජනතාවගේ ආර්ථික ශක්තිමත් කිරීමයි අරමුණ වී තිබෙන්නේ.

ඒ වගේම මතක් කරන්න ඕන, ස්වයං රැකියාවන් තෝරා ගැනීමේදී කාන්තාවන් කීප දෙනෙක්ම එකම ස්ව‍යං රැකියාව තොරා නොගෙන විවිධ වූ ස්වයං රැකියා තෝරා ගැනීම තුළින් හොද වෙලදපළක් හැමෝටම නිර්මාණය කර ගත හැකියි.ප්‍රදේශයේ අවශ්‍යයතාව, වුවමනාව, වැඩි වෙළදපලක් තියෙන භාණ්ඩ හා සේවාවන් සැපයීම සදහා ස්වයං රැකියා තොරා ගත හොත් ආර්ථිකය ශක්තිමත් කර ගත හැකියි.ගෙවල් ලග කෙනා ඇදුම් මහනවා මමත් ඇදුම් මහනවා කියලා හැමෝම ස්වයං රැකියා විදිහට ඇදුම් මහන්න එපා.සමහර ළමයි උසස් පෙළට විශයන් තෝරා ගන්නෙත් එහෙම තමයි.බස් එකේ තනියම යන්න බෑ කියලා.යාළුවා තෝරා ගන්න විෂයන් තමයි සමහර ළමයි තොරගන්නේ උසස් පෙළට. සමහර ගෙවල් වල කන්න බොන්න සල්ලි නෑ.හැබැයි අල්ලපු ගෙදරට ලොකු රූපවාහිනියක් ගෙනාවා කියලා මෙහා පැත්තෙ ගෙදරටත් ලොකු රූපවාහිනියක් ගේනවා.මේ විදිහට නිකරුනේ මුදල් නාස්ති කරන වැඩ කරන්න එපා.හොද දැක්මක්, හොද වැඩ පිළිවෙලක් යටතේ ස්වයං රැකියාවක නිරත වී ආර්ථිකය ශක්තිමත් කර ගන්න යැයි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක අමාත්‍යයවරයා පැවසීය.

මෙම අවස්ථාවට අධ්‍යාපන සේවා අමාත්‍යයතුමන්ගේ පෞද්ගලික ලේකම් කාවින්ද දිසානායක, ශ්‍රී ලංකා මහ බැංකු නිළධාරීන්, විදාතා සම්පත් මධ්‍යස්ථාන නිළධාරීන්, බර්ටි දිසානායක පදනමේ නිළධාරීන් හා පොලී රහිත ණය ලබා ගැනීමට අපේක්ෂා කරන කාන්තාවන් හාරසියයකට ආසන්න පිරිසක් සහභාගී වූහ.

තඹුත්තේගම - මංජුල සේනානායක

2014/06/02 - අනුරාධපුර ශ්‍රාවස්තිපුර කුඩා නෙළුබෑව ශ්‍රී පද්මගිරි රාජමහා විහාරස්ථාන භූමියේ ඉදි කිරීමට යෝජිත නව සංඝාවාස ගොඩනැගිල්ල

අනුරාධපුර ශ්‍රාවස්තිපුර කුඩා නෙළුබෑව ශ්‍රී පද්මගිරි රාජමහා විහාරස්ථාන භූමියේ ඉදි කිරීමට යෝජිත නව සංඝාවාස ගොඩනැගිල්ලට අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සුරතින් පසුගියදා (02) 9.34 ට යෙදුණු නැකතින් මුල්ගල් තැබිණි.

බෞද්ධ පුස්ථකාලයක්, කාර්යාලයක්, පූජා භාණ්ඩ කාමරයක්, සිය දෙනෙකුට එකවර භාවනා කිරීම සදහා ශාලාවක්, වාහන නැවතුම්පළක්, ස්වාමීන් වහන්සේලාට වැඩ සිටීම සදහා ආවාස කුටි කිහිපයක් මෙම නව සංඝාවාස ගොඩනැගිල්ලෙහි ඉදි කිරීමට නියමිතය.මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් - එප්පාවල

2014/05/11 - මිහින්තලය නගරයත් වෙසක් අසිරියෙන් බබලවනවා

මිහින්තලය නගරයත් වෙසක් අසිරියෙන් බබලවනවා.කෙනෙක් කියන්න පුළුවන් මිහින්තලේ සමරන්නේ පොසොන්නේ කියලා.නමුත් බුදුන්ගේ තෙමගුලත් මිහින්තලේ සැමරිය යුතු යැයි අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ මිහින්තලය ශ්‍රී මහින්දෝදාරාමය, අධ්‍යාපන සේවා අමාත්‍යංශය,අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, නියෝජ්‍යය පොලිස්පති කාර්යාලය, පළාත් පාලන ආයතන,මිහින්තලය සම්බන්ධීකරණ කමිටුව හා අපේ ගම එක්ව මැයි මස 14,15, 16,17, 18 යන දින පහ පුරා පැවැත්වීමට නියමිත මිහින්තලාවට වෙසක් නම් වෙසක් කළාපයේ මූලික සාකච්ජාවකට පසුගියදා (09) මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සහභාගී වෙමින්ය.

මෙම වෙසක් කළාපයේ වෙසක් පහන් කූඩූ තරග, බැති ගී තරග, චිත්‍ර තරග, සර්වඥ ධාතූ ප්‍රදර්ශණ, වෙසක් තොරන් ,රූකඩ සංදර්ශන,බොදු ගී ප්‍රසංග, බෞද්ධ නාට්‍ය,ශීල සමාදාන වැඩසටහන් හා බෞද්ධ සංස්කෘතික වැඩසටහන් රැසක් ඇතුළත් බවද අධ්‍යාපන සේවා අමාත්‍යයවරයා එහිදී පැවසීය.

ප්‍රථම වතාවට වෙසක් උත්සවය වෙනුවෙන් මිහින්තලා නගරයෙහි වෙසක් කළාපයක් පැවැත්වීමට අප තීරණය කළා, මෙතාක් ඉතිහාසයේ මිහින්තලාවේ පැවැත්වුනේ පොසොන් උත්සවය පමණයි.ඒ දේ වෙනස් කරමින් මිහින්තලාවට වෙසක් නමින් වෙසක් කළාපයක් පැවැත් වීමට අප තීරණය කළා.බුදුන්ගේ තෙමගුළ මිහින්තලාවේ සැමරීම අපේ බලාපොරොත්තුවයි.මිහින්තලාවත් වෙසක් අසිරියෙන් බැබලවීම අපේ අපේක්ෂාවයි.නමුත් අපි මෙය සැණකෙළි ලෙස පවත්වන්නේ නෑ,ආගමික උත්සවයක් ලෙස පමණයි පවත්වන්නේ.අප මෙම වෙසක් කළාපය, කොළඹ පැවැත්වෙන වෙසක් කළාපයන්ට නොදෙවෙනිව පැවැත්වීමට අපේක්ෂා කරනවා.මෙ වන විට අපගේ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට විවිධ ආයතන , විවිධ පුද්ගලයින් උදව් උපකාර කරනවා.ඒ සියළු දෙනාට ස්තූතිය පුද කර සිටිනවා.මෙම උත්සව සාර්ථක කර ගැනීමට සියළු දෙනාගේ ශක්තිය ධෛරය අවශ්‍යයි. යැයිද එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක අමාත්‍යයවරයා පැවසීය.

මෙම අවස්ථාවට මිහින්තලය මහින්දෝදාරාම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, අධ්‍යාපන සේවා අමාත්‍යයතුමන්ගේ පෞද්ගලික ලේකම් කාවින්ද දිසානායක, මිහින්තලය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන නිළධාරීන් ඇතුළු මිහින්තලාවට වෙසක් කළාපයේ සංවිධායකයින් සහභාගී වූහ.

2014/05/02 - සමහර දෙමාපියෝ හිතාගෙන ඉන්නවා ළමයි හදන එක විතරයි එයාලගේ රාජකාරිය කියලා

සමහර දෙමාපියෝ හිතාගෙන ඉන්නවා ළමයි හදන එක විතරයි එයාලගේ රාජකාරිය කියලා.හදලා ටිකක් ලොකු මහත් කරලා පාසලට එවලා ළමයාගේ සම්පූර්ණ වගකීම භාර දෙනවා ගුරුවරුන්ට.මේ වැඩේ හරියන්නේ නෑ.තමන්ගේ දරුවා පස්සෙන් දෙමාපියෝ නොහිටියොත් , ළමයා කරන්නේ මොනවාද කියලා හොයලා බැලුවේ නැත්තන්, ළමයාගේ අධ්‍යාපනය පැත්ත හොයලා බැලුවේ නැත්තන් දරුවා නොමග ගියාට පස්සේ කාටවත් දොස් කියලා වැඩක් නෑ.දරුවෙක් නොමග ගියොත් ලොකුම පාඩුව තියෙන්නේ දෙමාපියන්ටයි යැයි අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.අමාත්‍යයවරයා මේ බව කියා සිටියේ පසුගියදා (02) අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයට අසූ වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වුණු උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින්ය.1934 වර්ෂයේ මැයි මස 01 වැනි දින අති පූජ්‍ය බූස්සේ ධම්මරක්ඛිත නාහිමියන් විසින් එක් ගොඩනැගිල්ලකින් සිසුන් 05 දෙනෙකුගෙන් ආරම්භ කළ නිවත්තකචේතිය මහා විද්‍යාලය මේ වන විට ගොඩනැගිලි රැසකින් සමන්විත සිසුන් 3000 කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන විද්‍යාලයකි.නිවත්තකචේතිය විදු මෑණියන්ට වසර 80 ක් පිරීම නිමිත්තෙන් පසුගියදා (02) මහා සංඝරත්නය අසූ නමක් මූලික කර ගනිමින් පිරිත් පිංකමක් හා හීල් දානය ලබා දීම හා ලේ දන් දීමේ පිංකමක් ආදී පිංකම් රැසක් පැවැත් විණි.

ඉරිදා දවසේ දහම් පාසල් තියෙන වෙලාවේ ටියුෂන් පන්ති තියන එක තහනම් කරන්න අධ්‍යාපන සේවා ඇමති විදිහට මට පුළුවන් වුණත් මම තහනම් කරන්නේ නෑ.මොකද ළමයා යහපත් පුරවැසියෙක් කරන්න උවමනාව තියෙන්න ඕන දෙමාපියන්ටයි.ළමයෙක් දහම් පාසල් යවනවද නැද්ද කියලා දෙමාපියෝ තීන්දු කරන්න ඕන.එහෙම නැතිව ඒක තීන්දු කරන්න ඕන මේ රටේ ජනාධිපතිවත්, අධ්‍යාපන සේවා ඇමතිවත් නෙමෙයි.දෙමාපියෝ තමන්ගේ දරුවට හොදම දේ දෙන්න වගබලා ගත යුතුයි.දෙමාපියෝ දැන් ළමයි ගැන හොයා බලනවා අඩුයි.ඒ නිසා දෙමාපියෝ මීට වඩා පාසලත් එක්ක සම්බන්ධ වෙන්න, දරුවෝ ගැන නිරන්තරයෙන් සොයා බලන්න ඒ තුළින් අපට මේ සමාජය යහපත් කර ගන්න පුළුවන් වෙයි.

වර්ථමානයේ සමහර වෙලාවට ගුරුවරුන්ට, පාසලේ දරුවෝ දරුවෝ කියලා අමතක වෙච්ච වෙලාවල් තියෙනවා.දරුවොන්ටත් තමන්ට උගන්වන ගුරුවර ගුරුවරියෝ, ගුරු මෑණිවරු පියවරු කියලා අමතක වෙච්ච වෙලාවල් තියෙනවා.පහුගිය දවස් වලත් මම දැක්කා, මම ඒවා කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ, ඒවා කියන්න කියන්න ඒවට තියන ප්‍රසිද්ධිය වැඩි වෙනවා.සමහර වෙලාවට ඇහෙන එක වැඩි වුණාම, දකින එක වැඩි වුණාම එවැනි දේවල් කරන්න පෙලඹෙනවා වැඩියි.ඒ නිසා ඒ අමිහිරි මතකයන් නැවත මතක් කරන්න අකමැතියි

සියළු ගුරු මෑණිවරු පියවරු මතක තියාගන්න ඕන, තමන්ගේ රාජකාරිය මොකක්ද කියන එක. අතීතයේ ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට මතක ඇති ඒ කාලේ ළමයින්ට සැලකුවේ තමන්ගේම ළමයෙක්ට වගේ.හැබැයි වර්ථමානය වෙනකොට හොද දේවල් අපෙන් ඈත් වෙලා යනවදෝ කියලා මට හිතෙනවා.ඒ කෙසේ වෙතත් අපට මේ දේවල් වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා.අපි හිතුවොත් වෙනස් කරන්න බැරි දෙයක් නෑ.ඒ නිසා සියළු ගුරු මෑණිවරු ගුරු පියවරු අදහන ගුරුභවතුන් බවට පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම අපි අපිට උගන්වපු ගුරුවරයෙක් දැක්කම සර්, මැඩම් කියලා කථා කරනවා.හැබැයි වර්ථමානයේ දරුවෝ ගුරුවරුන්ට ගරු කරන්නේ නෑ.මේ රටේ ඉගෙන ගන්න දරුපරපුරට හැකියාවක් තියෙනවා නම් තමන්ට උගන්වන ගුරුභවතුන්ට නිසි තැන දෙන්න , ගරු කරන්න , සැලකිල්ල ලබා දෙන්න මේ සමාජය බොහෝම යහපත් සමාජයක් බවට පත් වෙයි.දැන් විභාග මූලික වෙච්ච සමාජ ක්‍රමයක් තියෙන නිසා දැන් ළමයි හුරු කරන්නේ පාඩම් පොතට විතරයි.ගුරු මෑණිවරු පියවරුත් දැන් පෙළ පොත විතරක් කියලා දෙන්න පුරුදු වෙලා ඉන්නවා.මේ පෙළ පොතේ පාඩම් වලට අමතරව දරුවන්ට හොද නරක, ගුණ යහපත්කම්, සමාජයේ ජීවත් වෙන හැටි, ප්‍රශ්න වලට මුහුණ දෙන හැටි පුරුදු පුහුණු කරන්න, කියලා දෙන්න ගුරුවරු උනන්දු වෙන්න.එතකොට ආසියාවේ ආශ්චර්යේ හිමිකරුවෝ වෙන අනාගත දරුපරපුරට ඒ ආශ්චර්ය රැක ගන්න පුළුවන්කම ලැබෙනවා.එහෙම නොවුනොත් ගිරවු ටිකක් හැදුවා වගේ වෙයි.විභාග ටික පාස්වෙයි කට පාඩම් කරලා හැබැයි එතනින් පස්සේ සමාජයේ ජීවත් වෙන්න දන්නේ නැති වෙයි යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, විදුහල්පතිවරුන්, ගුරුභවතුන් ඇතුළු සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගී වූහ.

2014/04/30 - කරවිල කෑ පවුලේ ස්වාමීයාට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පත්වීමක්

කුසගින්න නිසා දින පහක් තිස්සේ කරවිල කෑ පවුලට හැකි උපරිම අයුරින් උපකාර කරන බව අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අහේනිය හා කුසගින්න හේතුවෙන් පීඩාවට පත්ව තම දරු පවුලත් සමඟ කරවිල තම්බාගෙන කෑ බව කියන සිවලාපිටිය ගම්මානයේ දුප්පත් දරු පවුලේ කඳුළු කතාව පිළිබඳ පුවත සම්බන්ධයෙන් සත්‍ය තත්වය සොයා බලා කරවිල තම්බා කෑ බව කියන සිව්දරු කාන්තාවගේ ස්වාමීයා වන නොච්චියාගම, දුණුමඩලාව සිවලාපිටිය ලිපිනයේ පදිංචි ඩබ්.ඩබ්.ඩබ් ලසන්ත මහතාට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් ආරක්ෂක භටයකු ලෙස පත්වීම් ප්‍රධානය කරමින්ය.

පසුගිය ජනවාරී මස අග භාගයේ කුස ගින්න නිවා ගැනීමට අහරක් නොමැතිව දරුවන් සිව් දෙනකුගේ මවක් වන ඇලයාපත්තුව, සිවලාපිටිය දුණුමඩලාව ලිපිනයේ පදිංචි ආර්. විනීතා සෙනවිරත්නායක (33) මහත්මිය තම ගෙවත්තේ තිබූ කරවිල වැලක කරවිල තම්බා ආහාරයට ගෙන රෝගාතුර වී රෝහල් ගත කර ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුවත මාධ්‍ය මගින් සැලවීමෙන් අනතුරුව අධ්‍යාපන සේවා අමාත්‍යයවරයා එම නිවසට ගොස් කරුණු සොයා බැලීය.එම නිරීක්ෂණ චාරිකාවේදී එම නිවසට අවශ්‍යය වියළි ආහාර ද්‍රව්‍යයද අමාත්‍යයවරයා රැගෙන ගොස් තිබිණි.

එම පවුල කුසගින්නට කරවිල කෑ පුවත සැලවීමෙන් අනතුරුව මැති ඇමතිවරුන්, රාජ්‍ය සංවිධාන, රාජ්‍යය නොවන සංවිධාන හා විවිධ පුද්ගලයින් වියළි ආහාර හා මුදල් පරිත්‍යාගයන් සිදු කර තිබුණද ඔවුනට ස්ථීර ආදායම් මාර්ගයක් නොතිබීම හේතුවෙන් අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කරවිල කෑ බව කියන කාන්තාවගේ ස්වාමී පුරුෂයා වන කුලී වැඩකරමින් දිවි සරිකරගත් ඩබ්.ඩබ්.ඩබ් ලසන්ත මහතාට වෙනත් ස්ථීර රැකියාවක් කිරීමට හැකිදැයි විමසීය, එවිට ඔහු කියා සිටියේ දරු පවුල දමා ඈතක ගොස් රැකියාවක් කිරීමට නොහැකි බවත්, හැකි නම් නිවසේ සිට කළ හැකි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලබා දෙන ලෙසත්ය.

ඒ අවස්ථාවේදීම අමාත්‍යයවරයා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් රියල් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාට දුරකථන ඇමතුමක් ගෙන එම පවුල සම්බන්ධයෙන් තොරතුරු පවසා, ලසන්ත මහතාට සිවිල් ආරක්ෂක භට පත්වීමක් ලබා ගැනීම සදහා සෘජුව මැදිහත්වීමක් විය.ඒ අනුව ඩබ්.ඩබ්.ඩබ් ලසන්ත මහතා අප්‍රේල් මස 01 වැනි දින සිට බල පැවැත්වෙන පරිදී T96680 යටතේ සිවිල් ආරක්ෂක භටයකු ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බදවා ගෙන ඇති අතර ඔහුට හිමි පත්වීම් ලිපිය ඊයේ (30) පෙරවරුවෙහි අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අතින් පිරිනැමීම අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

ඩබ්.ඩබ්.ඩබ් ලසන්ත මහතගේ වැඩිමහල් දියණිය වන සෙනාරා සත්සරණි (13) දුණුමඩලාව විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඇයට උපතින්ම ශ්‍රවන ආබාධයක් පවතියි.ඒ හේතුවෙන් ඇය 6 වතාවක්ම ශෛල්‍ය කර්මයන්ට භාජනය කර ඇත. තවද පස්හැවිරිදි පිරිමි දරුවකු හා නිවුන් දරුවන් දෙදෙනකුද ඔහුට සිටින අතර, මෙම නිවුන් දරුවන් මෙම දරුවන් ප්‍රසූත කළ ලසන්ත මහතාගේ බිරිද වන විනීතා මවුතුමියට පෝෂණීය ආහාරයක් නොමැතිකමින් දින 05 ක් තිස්සේ වට්ටක්කා හා කර විල තම්බා ආහාරයට ගෙන ඇත.ඒ හේතුවෙන් අසාධ්‍යය වූ ඇය නොච්චියාගම රෝහලෙහි නේවාසිකව දින 04 ක් ප්‍රතිකාර ලබා ගෙන තිබුණු අතර,ඉන් අනතුරුව අලයාපත්තුව රෝහලෙන්ද ප්‍රතිකාර ලබා ගෙන තිබිණි.

2014/06/17 - අධ්‍යාපන සේවා ඇමතිට ආයෙත් පාසල් යන්න ආසාවක් ඇති වෙලා...

පාසල් දරුවෙක් විදිහට ඉන්න කාළයේ පාසල් දරුවෙක් විදිහට කටයුතු කරන්න.මේ රටේ දරුවන්ගේ අධ්යාවපනය නගා සිටුවන්න මේ රටේ අහිංසක දුප්පත් මහජනතාවගේ මුදල් වැය වෙනවා.පාසලක ඉන්න සියළු ගුරුවරුන්ට පඩි ගෙවන්නේ, ඒ වගේම පාසලේ ගොඩනැගිලි ඇතුළු සියළු සම්පත්, පාසල් පෙළ පොත්, නිළ ඇදුම්, දිවා අහාරය, කිරි වීදුරුව ලබා දෙන්නේ මේ රටේ ජනතාවගේ මුදල් වලින්,පාසල් දරුවන්ගේ අහිංසක , දුප්පත් දෙමාපියන් ඒ නිසා ඒ සදහා සාධාරණයක් ඉෂ්ඨ කිරීමට සමස්ථ පාසල් දරු දැරියන්ට වගකීමක් හා යුතුකමක් තියෙනවා යැයි අධ්යාණපන සේවා අමාත්යපය දුමින්ද දිසානයක මහතා සමස්ථ සිසු පරපුරටම අවවාදාත්මකව පැවසීය.

අමාත්ය යවරයා මේ බව කියා සිටියේ ඊයේ (17) මහින්දෝදය තාක්ෂණ පීඨ දෙසීය පණහක් (250) දිවයින පුරා ස්ථාපිත කිරීමේ ව්යාිපෘතිය යටතේ රුපියල් මිලියන 25 ක වියදමින් කෑගල්ල යටියන්තොට ඇන්.ඇම් පෙරේරා මධ්යේ මහා විද්යා ලයේ ඉදිකිරීමට නියමිත තාක්ෂණ පීඨය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වෙමින්ය.

අධ්යා පන සේවා අමාත්ය ය දුමින්ද දිසානායක, විද්යා් කටයුතු පිළිබද ජේෂ්ඨ අමාත්යදය තිස්ස විතාන යන මහත්වරුන් අතින් සෙත් පිරිත් සජ්ජායනා මධ්ය්යේ මුල්ගල් තැබීම සිදු විය.මෙහිදී අමාත්යදය දුමින්ද දිසානායක මහතා විසින් කෑගල්ල යටියන්තොට ඇන්.ඇම් පෙරේරා මධ්යි මහා විද්යාදලයේ තූර්ය වාදක භාණ්ඩ කට්ටල, කෘෂි උපකරණ කට්ටල හා ඩුප්ලෝ යන්ත්රුයක් ප්රදධානය කිරීමද සිදුවිය.

අපි දැකලා තියෙනවා සමහර වෙලාවට සමහර ළමයි රජය මගින් නොමිලේ ලබා දෙන පාසල් නිළ ඇදුම් රෙදි වලින් මහන ඇදුම් වල මෝස්තර දානවා.හැබැයි අවසානයේ විදුහල්පතිවරයාට, ගුරුවරුන්ට දෙමාපියෝ බනිනවා අපේ දුවගේ ගවුම කොටයි කියලා ඇල්ලුවා, අපේ පුතාගේ කලිසම ලෙහුවා කියලා.තමන්ගේ දරුවට ආදරය කරන්න පටන් ගන්න ගෙදරදී, තමන්ගේ දරුවා කොණ්ඩේ හරියට කපන්නේ නැත්තන්, පාසල් ඇදුමේ නොයෙකුත් මොස්තර කරනවා නම් ඒ දේ ඉස්සරලම පේන්න ඕන දෙමාපියන්ට . දරුවන්ගේ අඩුපාඩුව වෙන කෙනෙක්ට හදන්න තියන්න එපා.දරුවෙක් තමන්ගේ ගෙදරදීම හදන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ රාජකාරිය තමන්ට කරන්න පුළුවන්කම තියෙනවා නම් මේ රට ආසියාවේ ආශ්චර්ය බවට ඉක්මනින් පත් කර ගත හැකියි.

පහුගිය කාළයේ පාසල් දරු දැරියන් සම්බන්ධයෙන් බොහෝ ප්රෙශ්න ගැටළු ඇති වුණා, ඇතැමුන් ජීවිත වලින් වන්දි ගෙව්වා.මේ හැම දේම පත්තර පිටු ගණනින් පිරවුනා.ඒ පත්තර වලින් විවිධ පාර්ශව ඒ සිද්ධින්ගේ වැරදි කරුවන් බව ප්ර කාශ කළා.නමුත් මතක් කරන්න ඕන ඒ ගැටළු වලට ප්ර ශ්න වටල වැරදි කාරයෝ මේ රටේ ජනාධිපතිවත්, අධ්යා පන ඇමතිවත් , විදුහල්පතිවත්, ගුරුභවතුන්වත් නෙමෙයි.ඒ සිද්ධියට සම්බන්ධ ළමයාගේ ඉදළා ඒ ළමයාගේ දෙමාපියෝගේ ඉදළා අපි හැමෝම වග කියන්න ඕන. අපේ රටේ පාසල් වල සිසුන්ට අතීතයේ උසස් පෙළ සදහා කළා, වාණිජ, ගණිත, විද්යාට කියන විෂයන් කාණ්ඩය තමයි තිබුනේ, නමුත් දැන් තාක්ෂණික දැනුමත් සිසුන්ට ලබා දෙමින් තාක්ෂණය කියන විෂය කාණ්ඩයත් උසස් පෙළට ඇතුළත් වෙලා තියෙනවා.ලංකාවේ දරුවන්ට දැනුමින් හොද ගමනක් යන්න පුළුවන් කියලා තේරුම් ගත් නිසා මේ රට යුද්ධයෙන් බේරා ගත්තා වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්ර මුඛ සන්ධාන රජය මේ රටට ගැලපෙන ආකාරයෙන් අධ්යානපනයේ වෙනසක් සිදු කළා.

ඒ අනුව සෑම ප්රා්දේශීය ලේකම් කොට්ඨාශයකම අංගසම්පූර්ණ පාසල් 03 ක් නිර්මාණය වෙනවා, එසේ පාසල් 03 ක් නිර්මාණය වන විට අපි බලාපොරොත්තු වෙනවා ඒ වටා තියෙන ප්රාපථමික පාසල් ජාලයත් ඒ අයුරින්ම සංවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

අපි ගණන් පාස් වෙන්න කිව්වට පාසල් වල ගණන් ගුරුවරු නෑ, අපි විද්යා ව පාස් වෙන්න කිව්වට පාසල් වල විද්යාෙව ගුරුවරු නෑ,ඒ නිසා පාස් වෙන්න කියලා කිව්වට වැඩක් නෑ ඒ සදහා අවශ්යටය පහසුකම් ටික අපි හදලා දෙන්න ඕන.ඒ නිසයි වත්මන් රජය අධ්යාවපනයට මුල් තැනක් දෙමින් සැබෑම නිදහස් අධ්යාලපනය අපේ රටේ දරුපරපුරට ලබා දීමට කටයුතු කරන්නේ.

වර්ෂයකට පළමු වසරට ලක්ෂ 03 ක් දරුවන් ඇතුළත් වූණාට එයින් විසි පන් දහසයි විශ්ව විද්යාටලයට සුදුසුකම් ලබන්නේ.දෙලක්ෂ හැත්තෑ පන්දහසක් වූ සිසුන් සංඛ්යාවවක් නොයෙකුත් අවස්ථාවලදී, නොයෙකුත් හේතූ මත අධ්යා්පනය අතහැර දාලා යන්වා.මේ ගැටළුවට විසදුමක් ලෙස මහින්දෝදය තාක්ෂණ විද්යාෙගාර පාසල් වල ඉදිකිරීම සමගින් තාක්ෂණ විෂය දරුවන්ට හැදෑරීමට අවස්ථාව ලැබෙනවා.ඒ විෂය හැදෑරීමත් සමගින් තාක්ෂණික දැනුම උපයෝගී කරගෙන තමන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමේ හැකියාව දරුදැරියන්ට තිබෙනවා.ඉංජිනේරුවෙක් වෙන්න බැරිවුණ පුද්ගලයාට ඉන්ජිනේරුවෙක්ට සහය වෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්කම තියෙනවා.ඒ වගේම තාක්ෂණික විෂය හදාරණ දරුවකුට NVQ 4 සහතිකය ලැබෙනවා.ඒ සහතිකය මගින් හොද රැකියාවකට ප්ර විශ්ඨ වීමටද තාක්ෂණික විෂය හදාරණ දරුවන්ට අවස්ථාව ලැබෙනවා.මේ තුළින් දරුවකු විශ්ව විද්යානලයට නොගියත් පවුල ශක්තිමත් කරන්න පුළුවන් දරුවකු තැනීමට හැකියාව ලැබෙනවා.

අපි මානව සම්පත දියුණු කරන්න ඕන,එසේ මානව සම්පත දියුණු කළ යුත්තේ රටට වැදගත් විදිහට , රටට වැඩදායි විදිහටයි.එහි ආරම්භය තමයි මේ, මේ වැඩසටහන් ක්රිතයාත්මක කරද්දින් අපට බොහෝ ප්රරශ්න ගැටළු එනවා.ඒකට හේතුව තමයි අධ්යා,පනයේ දියුණුව වෙනුවෙන් මීට වසර ගණනාවකට පෙර කරන්න තිබුණ දේවල් දැන් කරන්න ගියාම ඒ ප්රඅශ්න එන්නේ.ආණ්ඩුවක් විදිහට මේ සෑම අභියෝගයකටම, ප්රැශ්නයකටම විසදුම් සොයමින් හොදම දේ දරුවන්ට ලබා දීමට කටයුතු කරනවා.

අපි සමහර වෙලාවට හොද දේ භාර ගන්නේ නෑ, හැබැයි ටිකක් කල් ගත වෙලා ඒ දේට අපි හුරු වෙනවා.ඒ නිසා තමයි අපිට යුද්ධය දිනන්න පුළුවන් වුණේ,බොහෝ අය හිතුවා යුද්ධය දිනන්න බෑ කියලා.බොහෝ අය භය වුණා.සමහර වෙලාවට යුද්ධයෙන් මිය ගිය කෙනෙක්කේ දේහයක් ගමට ගේන කොට අපිටත් මේ දේ උදාවෙයිදෝ කියලා හිතුවා.බෝම්බ පුපුරණ කොට සමහරු කිව්වා ඇයි මේ යුද්ධ කරන්නේ අපි මේ රටට එල්.ටී.ටී එකට දීලා දාමුකෝ කියලා.හැබැයි සමස්ථ සමාජයම මේ රුදුරු ත්ර ස්තවාදය අවසන් කළ යුතුයි කියන දේ වැලද ගත්තාම ඉතා කෙටි කාළයකින් යුද්ධය අවසන් කිරීමට හැකි වුණා.ලෝකයේ බොහෝ රටවලට අද යුද්ධය ප්රැශ්නයක් වන විට ලංකාවට යුද්ධය ප්රමශ්නයක් නෙවෙයි.

අපි හැමෝටම පාසල් යන්න කාලයක් තියෙනවා.අපිට හැමදාම පාසල් යන්න නෑ.අපිට අවුරුදු 13 ක් පමණයි පාසල් යන්න තියෙන්නේ.හැබැයි පාසල් කාළයේදී පාසල් දරුවෝ වැඩිහිටියෝ කරන දේවල් කරන්න ගියොත් වැඩිහිටියෝ වෙලා කරන්න දෙයක් නැති වෙනවා.

පාසල් නිළ ඇදුම ඇදන් පාසල් යන්න මට හරි ආසයි.මට ආයෙත් ඉස්කොලේ එන්න පුළුවන් කම තියෙනවා අධ්යාමපන සේවා ඇමති නිසා, තව මට පාසලට යන්න අවස්ථාවක් තියෙනවා මට දුවෙක් ඉන්න නිසා දුවව පාසලට අරලින්න.හැබැයි මට ආයේ කවදාවත් සුදු ඇදුම ඇදගෙන පාසල් දරුවෙක් විදිහට පාසල් ගිහින් පන්තියේ ඩෙස් පුටු වල වාඩිවෙලා ඒ අත්දැකීම ගන්න පුළුවන්කමක් නෑ. පාසලේ ගෙවන්න තියන සුන්දර කාළය ආයෙත් ගත කරන්න ආසයි.

මෙම අවස්ථාවට ප්රානදේශීය දේශපාලඥයින් මහා සංඝරත්නය, විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සිසු දරුදැරියන් හා ඔවුනගේ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වූහ.

අධ්යාකපන සේවා අමාත්යනයතුමන්ගේ මාධ්ය ලේකම්
ධම්මික පීරිස්

2014/06/12 - අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන පාසල් දරුවන්ට දිවා අහාරය හා කිරි ලබා දීම පිලිබද මහජනතාව දැනුවත් කිරීම සදහා අනුරාධපුර නගරයේ ඉදි කර තිබූ දැන්වීම් පුවරුවක් කිසියම් පුද්ගලයකු හෝ සංවිධානාත්මක පිරිසක් විසින් කපා දමා ඇත

අතිගරු ජනාධිපතිතුමන්ගේ, අග්රකඅමාත්ය්යතුමන්ගේ හා අධ්යාසපන සේවා අමාත්යිය දුමින්ද දිසානායක මැතිතුමන්ගේ ජායා රූප සහිතව අධ්යා පන සේවා අමාත්යංපශය මගින් ක්රි්යාත්මක කරන පාසල් දරුවන්ට දිවා අහාරය හා කිරි ලබා දීම පිළිබදව දැනුවත් කිරීම සදහා අනුරාධපුර මාර්කට් පෙදෙසේ ඉදි කර තිබූ දැන්වීම් පුවරුවක් මෙසේ කපා දමා ඇත.පසුගිය අප්රේසල් මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ , අග්රුඅමාත්යමයතුමන්ගේ හා අධ්යාහපන සේවා අමාත්යාය දුමින්ද දිසානායක මැතිතුමන්ගේ අළුත් අවුරුදු සුභපැතුම් ඇතුළත්ව අනුරාධපුර දහයියාගම හංදියේ සහ අනුරාධපුර ජයන්ති වටරවුම අසල ඉදිකර තිබූ දැන්වීම් පුවරු දෙකක්ද කිසියම් පිරිසක් විසින් කපා දමා තිබිණි.

අනුරාධපුර දිස්ත්රි ක්කයේ එකම පක්ෂයේ දේශපාලඥයින් අතර පවතින අභ්යඉන්තර ගැටුම් හේතුවෙන් මෙලෙස දැන්වීම් පුවරු කපා දමා ඇතැයි අවට ප්රපදේශවාසීන් පවසති.

අධ්යාිපන සේවා අමාත්යංවශය මගින් ඉදි කර තිබූ දැන්වීම් පුවරු කිසියම් පිරිසක් කපා දමා තිබීම පිළිබදව අධ්යාිපන සේවා අමාත්යඅය දුමින්ද දිසානායක මැතිතුමන්ගේ අදහස අප විමසූ අතර එහිදී අමාත්යකයවරයා කියා සිටියේ “ රජය මගින් ක්රිංයාත්මක කරන පාසල් දරුවන්ට දිවා අහාරය හා කිරි වීදුරු ලබා දීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ දැන්වීම් පුවරුවක් තමා කපලා තියෙන්නේ,මේවා කරලා තියෙන්නේ මේ රජයේ වැඩ පිළිවෙලට විරුද්ධ කවුරු හරි, මාත් එක්ක මූණට මූණ ඇවිත් තමන්ට තියෙන ගැටළුව කියලා කෙලින් කථා කරන්න බැරි කෙනෙක් තමා මේවා මේ කපන්න උපදෙස් අනුශාසනා දෙන්නේ,මේවා කරන්නේ පිරිමියෙක් විදිහට ඉන්න ගෑණූ කෙනෙක් කියලයි මම නම් හිතන්නේ.යැයි පැවසීය.

මෙම අවස්ථාවට අනුරාධපුර නීතීඥ සංගමයේ සභාපති නීතීඥ මහේෂ් කොටුවැල්ල මහතා ඇතුළු නීතීඥවරුන් ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

2014/04/27 - දුමින්දගේ ලේ ගන්න බැ- වෛද්‍යවරිය පවසයි

අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ඊයේ (27) අනුරාධපුර නීතීඥ සංගමය සංවිධානය කළ ලේ දන් දීමේ පිංකමක ලේ පරිත්‍යාග කිරීමට ගිය අවස්ථවේදී එම ලේ දන්දීමේ කදවුරෙහි සිටි වෛද්‍යයවරිය අමාත්‍යයවරයාගෙන් ලේ ලබා ගත නොහැකි බව පැවසීම හේතුවෙන් අමාත්‍යයවරයාට ලේ පරිත්‍යාග කිරීමට නොහැකි විය.ලේ පරිත්‍යාග කිරීම සදහා අයදුම් පත්‍ර පුරවා වෛද්‍යයවරිය හමුවීමට ගිය අවස්ථාවේදී අමාත්‍යයවරයාට ලේ පරිත්‍යාග නොකරන ලෙස වෛද්‍යයවරිය උපදෙස් ලබා දුන්නේය.

පසුගිය පෙබරවාරී 23 වැනි දින අධ්‍යාපන සේවා අමාත්‍යයරයා හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් පාදයක් බිදීමට ලක්ව මේ වන විට අත්වාරුවෙන් ගමන් කරමින් සිටින බැවින් ලේ පරිත්‍යාග කිරීමෙන් අමාත්‍යයවරයාගේ ශරීර සෞඛ්‍ය පහත වැටේ යැයි සැකයක් තිබෙන බැවින් වෛද්‍යවරිය අමාත්‍යයවරයාගෙන් ලේ ලබා ගත නොහැකි බව පැවසීය.අනතුරුව අමාත්‍යයවරයා වෛද්‍යවරියට කියා සිටියේ තමාට ලේ ලබා දීමට අවශ්‍යය බවත් ,ලේ බිදක් දන් දී තමාට ජීවිතයක් බේරා ගැනීමට අවශ්‍යය බවත්,තමා මේ වන විට සුව වෙමින් සිටින බවත්ය.නමුත් වෛද්‍යවරිය අමාත්‍යයවරයාගේ සෞඛ්‍ය තත්වය ගැන සිතා ලේ ලබා නොදෙන ලෙසත් අමාත්‍යයවරයාගෙන් ඉල්ලා සිටියේය.බෑම නම් කමක් නෑ කියා අමාත්‍යයවරයා සිනා මුසුව පැමිණි අතර, වෛද්‍යයවරිය කියා සිටියේ අමාත්‍යයවරයාගේ චේතනාව හොද බැවින් අමාත්‍යයවරයාට ඉක්මන් සුවය ලැබේවි කියාය.

අනතුරුව එම ලේ දන් දීමේ පිංකමට පැමිණ සිටි පිරිස අමතමින් අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේඅනුරාධපුර දිස්ත්‍රික් නීතීඥ සංගමය මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුප්පත් අහිංසක ජනතාව වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා.ඒ අනුව ලේ දන් දීමේ පිංකමක් වාර්ෂිකව සිදු කිරීම සම්බන්ධයෙන් මා ඔවුන්ට ස්තූතිය පළ කර සිටිනවා.මොකද ලේ කියන්නේ රෝගීන්ට අත්‍යවශ්‍යය දෙයක්, එය අපට කෘතීමව නිෂ්පාදනය කර ගත නොහැකියි.ලේ පරිත්‍යාග කරන්නෙක්ගෙන් ලේ ලබා ගැනීම පමණයි කළ හැක්කේ .ඉස්සර යුද්ධය කාලේ ලේ විශාල වශයෙන් අවශ්‍යය වුණා.දැන් නොයෙකුත් ලෙඩ රෝග වැලදී සිටින රෝගීනට ලබා දීමට ලේ අවශ්‍යයි.ලේ බිදක් දන් දී ජීවිතයක් ජීවත් කරවීමට ශක්තිය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා යැයි පැවසීය.මෙම ලේ දන් දීමේ පිංකමේදී පරිත්‍යාගශීලීන් විශාල පිරිසක් ලේ පරිත්‍යාග කළහ.

මෙම අවස්ථාවට අනුරාධපුර නීතීඥ සංගමයේ සභාපති නීතීඥ මහේෂ් කොටුවැල්ල මහතා ඇතුළු නීතීඥවරුන් ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

2014/04/16 - නිදහසේ අවුරුදු සැමරීමට අවස්ථාව දුන් ජනපති තුමන්ට ජාතියේ ප්‍රණාමය හිමිවන බව අධ්‍යාපන සේවා ඇමති පවසයි..

නිදහස් හා නිවහල් ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයින්ට අවුරුදු සැමරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දුන් ජනාධිපතිතුමන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. නෙස්ටමෝල්ට් සමාගම හා අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ අනුග්‍රහයෙන් පසුගියදා (16)ඉපලෝගම කඩියන්ගල්ල මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වූ නෙස්ටමෝල්ට් බක් මහ උළෙලෙහි ප්‍රධාන අරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යයවරයා මේ බව පැවසීය.

වසර 30 කට ආසන්න කාළයක් මෙරට ත්‍රස්තවාදය වෙලාගෙන තිබූ අවදියෙහි අවුරුදු උත්සව පමණක් නොව කිසිදු උත්සවයක් පැවැත්වීමට ‍හෝ උත්සවයකට සහභාගී වීමට ජනතාව තුළ බියක් තිබූ බවත්, බියට හා සැකයට තිත තබමින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වය යටතේ කුරිරු යුද්ධය නිමා කිරීමෙන්පසු මෙරට සැණකෙලි පැවැත්වෙන බවත්, ඊට අමතරව මේ වන විට ශ්‍රී ලංකාව තුළ යෝධ සංවර්ධනයක් සිදු වන බවත්, නිදහස් නිවහල් ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයින්ට අවුරුදු සැමරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දුන් ජනාධිපතිතුමන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බවත්, එහිදී අදහස් දැක්වූ දුමින්ද දිසානායක අමාත්‍යයවරයා පැවසීය.

මෙම අවුරුදු උත්සවයේ තරග වලට සහභාගී වි ජයග්‍රහණය කළ ජයග්‍රහක ජයග්‍රාහිකාවන්ට අමාත්‍යයවරයා අතින් තිළින ප්‍රධානය කිරීමද සිදු විය.

2014/04/16 - තඹුත්තේගම සමගි සුභසාධක සංගමය මගින් සංවිධානය කළ බක්මහ උළෙල

තඹුත්තේගම සමගි සුභසාධක සංගමය මගින් සංවිධානය කළ බක්මහ උළෙලක් පසුගියදා (16) දවස පුරා තඹුත්තේගම ළමා උයනේදී පැවැත්විණි.මෙම බක් මහ උළෙලහි අවුරුදු ජන ක්‍රීඩා රැසක් සංවිධානය කර තිබූ අතර, මෙම බක්මහ උළෙලහි ප්‍රධාන අරාධිතයා ලෙස මිහින්තලා ආසන සංවිධායක අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතාද සහභාගී විය.මෙම අවුරුදු උත්සවයේ සංවිධානය කෙරුණු තරගයන්ට සහභාගී වී ජයග්‍රහණය ලැබූ තරගකරුවනට අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ අතින් ත්‍යාග ප්‍රදානය කිරීමද සිදු විය.මෙම අවස්ථාවට තඹුත්තේගම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

2014/04/05 - මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසල - ඇඳුරු ස්වර මියැසිය

මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසලෙහි බටහිර තූර්ය වාදක කණ්ඩායමට අවශ්‍යය සංගීත භාණ්ඩ ලබා ගැනීම සදහා අරමුදල් රැස් කිරීමට එම පාසලෙහි දැනට සේවයේ නියතු ගුරු භවතුන්ගේ නැටුම්, ගැයුම් ඇතුළත් ඇදුරු ස්වර දැහැන ප්‍රසංගය පසුගියදා (04) එම විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.මෙහිදී වයස් භේදයකින් තොරව ගුරුභවතුන් සිය හැකියාවන් ප්‍රදර්ශණය කරන අයුරු අපට දැක ගත හැකි විය.

බටහිර තූර්ය වාදක කණ්ඩායමට අවශ්‍යය සංගීත භාණ්ඩ ලබා ගැනීම සදහා අරමුදල් රැස් කිරීමට මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසලෙහි ප්‍රසංගයක් පැවැත්වෙන බවට අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතාට සැලවීමෙන් අනතුරුව හදිසියේම අමාත්‍යයවරයා එම ප්‍රසංගය නැරඹීමට එම විද්‍යාලයට පැමිණියේය.

ගුරු භවතුන් විසින් බටහිර තූර්ය වාදක කණ්ඩායමට අවශ්‍යය සංගීත භාණ්ඩ ලබා ගැනීම සදහා හා පාසලේ දියුණුව වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට මෙවැනි ප්‍රසංගයක් පැවැත්වීම සම්බන්ධයෙන් සිය සතුට හා ස්තූතිය පළ කර සිටින බවත්, අධ්‍යාපන සේවා අමාත්‍යංශයට 2013 වර්ෂයේ ලැබුණු රුපියල් මිලියන 140 ක් වූ මුදල් ප්‍රතිපාදනයන්ගෙන් ජාතික පාසල්හී ඩෙස් පුටු, ක්‍රීඩා උපකරණ, විද්‍යා උපකරණ, සෞන්දර්ය උපකරණ හා ගණිත උපකරණ ආදී භෞතික සම්පත් සැපයීම මේ වන විට ආරම්භ කර ඇති බවත් එම වැඩසටහනට සමගාමීව මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක විද්‍යාලයෙහි බටහිර තූර්ය වාදක කණ්ඩායමට අවශ්‍යය සියළු සංගීත භාණ්ඩ කඩිනමින් සැපයීමට තමන් පොරොන්දු වන බවත් අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඉදිරි වසර 05 ක කාළය තුළදී මෙරට සියළු පාසල් හී භෞතික සම්පත් සපුරමින් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට සිය උපරිමට ඉටු කරන බවද මෙරට පවතින පාසල් පද්ධතියට භෞතික සම්පත් එකතු කරමින් පාසල් දියුණුවෙන් දියුණුවට පත් කිරීම තුළින් , ලක්ෂ හතලිස් පහක් පමණ වූ පාසල් දරුවන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සිය අරමුණ බවත්, පාසල් දරුවනට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා භෞතික සම්පත් හිග බව තමන්ට පෙනී ගිය බැවින් එම භෞතික සම්පත් කඩිනමින් සපයමින් ඉදිරි වසර 05 තුළදී සියළු පහසුකම් සහිත පාසල් පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම තම අරමුණ බවද දුමින්ද දිසානායක අමාත්‍යයවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

2014/04/01 - පිළිමයේ ධාතු තැන්පත් කිරීම

අද හාමුදුරුවරු බොහෝ දෙනෙක් බණ කියනවා කියලා කියන්නේ බණ නෙමෙයි, බණ කියනවා කියලා කියන්නෙත් දේශපාලනේ ගැන හරි එක එක දේශපාලඥයින්ගේ ගුණ දොස් ගැන යැයි අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (31) අනුරාධපුර යහලේගම අග්‍රාරාම විහාරස්ථානයෙහි අභිනවයෙන් ඉදිවන විහාර මන්දිරයේ ධාතු තැන්පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්ය.මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ අමාත්‍යයවරයාගේ සුරතින් ධාතු තැන්පත් කිරීම මෙහිදී සිදු විය.

මම මහා සංඝරත්නයට අපහාසයක් කරනවා නෙමෙයි.ආගම දහමට අනුව කටයුතු කරන, පක්ෂ පාට භේදයකින් තොරව මහා සංඝරත්නයේ කාර්ය ඉටු කරන බොහෝ දැහැමි ස්වාමීන් වහන්සේලා මේ රටේ ඉන්නවා.නමුත් බුදු දහම පැතිරී තිබෙන රටක් වුණත් අපේ රට දැන් දැන් බුදු දහමින් ඈත් වෙලා කියලා මට හිතෙනවා.අද අපි පන්සලෙන් ඈත් වුණ එකේ පල විපාකා මාධ්‍ය මගින් හැමදාම අහන්න ලැබෙනවා. මිනී මැරුම්, දූෂණ , මං කොල්ලකෑම් වගේ දේවල් දවසකට මේ රට පුරා කෙතරම් සිද්ධ වෙනවා?.ඇයි මේ රටට මෙහෙම වුනේ කියලා හිතෙනවා.තාමත් අපට මේක තේරෙන්නේ නෑ, හැබැයි අපි ලොකු අවධානමක තමයි ඉන්නේ.ගමේ පාර හැදෙනවා, ලයිට්- වතුර ලැබෙනවා,වරාය- ගුවන්තොටුපළ හැදෙනවා, මේ රට සංවර්ධනයේ හිනි පෙත්තටම යමින් ආසියාවේ ආශ්චර්ය වෙන්නත් අපි සූදානමින් ඉන්නවා.හැබැයි මේ රටේ මිනිස්සුන්ගේ මනුස්සකම් නැති වෙමින් යනවා.

දැන් වෙනසක් ඇති කළ යුතුයි, ජනතාව ආගමට දහමට ලං කර තබා ගැනීම අවුරුදු දහස් ගණනක් බුදු දහම රැකගෙන ආ මහා සංඝරත්නයටම භාර කටයුත්තක්.ඒක කවදාවත් වෙනත් කිසිවකුට කරන්න බෑ.ඒ සදහා මේ රටේ ජනතාව එකතු විය යුතුයි.තමන්ගේ දරුවා දහමට හුරු කිරීමට දරුවා දහම් පාසල් වෙත යැවිය යුතුයි.දරුවකු දහම් පාසල් ඇරලා දහම් දැනුමක් ලබා ගත්තම ඇති වෙන වෙනස තේරෙන්න ඕන දෙමාපියන්ට මිසක් රටේ ජනාධිපතිටවත්, අධ්‍යාපන සේවා ඇමතිටවත් නෙමෙයි.තමන්ගේ දරුවා යහපත් දරුවෙකු බවට පත් කිරීමට පළමුව දෙමාපියන්ට කැක්කුම තියෙන්න ඕන.අල්ලපු ගෙදර අම්මයි තාත්තයි තමන්ගේ දරුවට ආදරය කරනකන් ඉන් නැතුව තමන්ගේ දරුවට තමන් ආදරය කරන්න කියලා මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

2014/03/29 - දුමින්ද දිසානායක උපන් දිනය 01

උපන් දිනයට බාල් නටන්න ළමයින්ට උගන්වන්න එපා, උපන් දිනය දවසේ තමන්ට හෝ අනුන්ට වැදගත් දෙයක් කරන්න යැයි අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානයක මහතා සිය 35 වැනි උපන් දිනය මව්පිය සෙනෙහස අහිමිව කල් ගෙවන අසරණ ළමුන් 200 ක් සමගින් පසුගියදා (28) සැමරමින් අමාත්‍යයවරයා මේ බව පැවසීය. 1979 වර්ෂයේ මාර්තු මස 28 වැනි දින උපත ලද වත්මන් අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතාට පසුගිය 28 වැනි දිනට වයස අවුරුදු 35 ක් ගෙවීම නිමිත්තෙන් ඒ මහතාගේ අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි සැනසුම නිවසට අනුරාධපුර ළමා නිවාසයන්ගේ කල් ගෙවන දූ දරුවන් 200 කට ආසන්න පිරිසක් කැදවාගෙන විත් ඔවුන් සමගින් උපන් දින කේක් කැපීම අධ්‍යාපන සේවා අමාත්‍යවරයා සිදු කළේය.එම අසරණ දරු පිරිසට කේක් කැවූ අමාත්‍යයවරයා අනතුරුව ඔවුනට දිවා අහාරය ලබා දුන්නේය.ඉන් අනතුරුව ඔවුන් සමගින් ගී, සින්දු , කවි ගායනා කරමින් අමාත්‍යයවරයා සතුටු වන අයුරු අපට දැක ගත හැකි විය.

අද කාලේ අපි දකින්නේ උපන් දිනයකට සාද පවත්වමින් මත්පැන් පානය කරමින් සතුටු වන එක, නමුත් අවුරුද්දකින් වයසට යන දිනය සමරමින් බාල් නැටීමට නොව තමන්ට හෝ අනුන්ට වැදගත් වන යමක් කිරීමට අප කටයුතු කළ යුතුයි.කුඩා දරුවන්ගේ උපන් දින උත්සව වලත් මත් පැන් පානය කරමින් සතුටු වන දෙමාපියෝ අද අපි දකිනවා.ඒ වැරදි ආදර්ශය දරුවන්ට දෙන්න එපා.ඒ වැරදි ආදර්ශ දරුවන් දරුවන්ගේ ජීවිත වලට ලබා ගන්නවා.දරුවන්ගේ ජීවිත දෙමාපියන් විසින්ම වැරදි මගට යොමු කර පසුව තමන්ගේ දරුවන් වැරදි මගට යොමු වුණා යැයි කියා පසු තැවි වැඩක් නැතැයිද, උපන් දිනය රට්ටු හිනස්වන වැඩක් බවට පත් නොකර, ආදර්ශමත් දිනයක් බවට පත් කර ගන්න යැයිච එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අනතුරුව ඔවුනට ටොෆි, චොක්ලට් පාර්සල්ද පිරිනැමූ දුමින්ද දිසානායක අමාත්‍යයවරයා ලබන වසරේදීත් තම උපන් දිනය සැමරීමට පැමිණෙන ලෙස එම දූ දැරියන්ට ආරාධනා කළේය.අධ්‍යාපන සේවා අමාත්‍යයවරයාගේ උපන් දිනය නිමිත්තෙන් පසුගිය වසර 04 ක කාළයක් පුරා මාර්තු මස 28 වැනි දින අනුරාධපුර පිහිටි ළමා නිවාසයන්හි දූ දරුවන් හට දිවා ආහාරය ලබා දීම සිදු විය.අධ්‍යාපන සේවා අමාත්‍යයවරයා අනතුරකට ලක්වීමෙන් පාදයෙහි ආබාධයක් සිදු වීම හේතුවෙන් මේ වන විට අත් වාරු ආධාරයෙන් ගමන් කිරීම සිදු කරයි.

මේ අතර අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතාට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් එතුමාගේ උපන් දිනය යෙදුණු 28 වැනි දින රාත්‍රියේ ජය ශ්‍රී මහා බෝ සිමදුන් අභියසදී පහන් පූජාවක් හා බෝධි පූජාවක්ද බර්ටි දිසානායක පදනම හා අධ්‍යාපන සේවා අමාත්‍යයතුමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සංවිධාන කර තිබිණි.

වයස අවුරුදු 21 දී ජනතා වරමින් ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස 2000 වර්ෂයේදී අධ්‍යාපන අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රීත්වයට පත් දුමින්ද දිසානායක මැතිදුන් , 2004 වර්ෂයේදී නිපුනතා සංවර්ධන, වෘත්තීය හා කාර්මික පුහුණු නියෝජ්‍යය අමාත්‍යය ධූරයට ද ,2005 වර්ෂයේදී වරාය හා ගුවන් සේවා නියෝජ්‍යය අමාත්‍යය ධූරයටද පත්ව, 2007 වර්ෂයේදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන කැබිනට් නොවන අමාත්‍යය ධූරයට ද,2010 වර්ෂයේදී තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍යය අමාත්‍යය ධූරයටද, 2011 වර්ෂයේදී යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන නියෝජය්‍ය අමාත්‍යය ධූරයටස පත්විය.2000 වර්ෂයේ සිට ලැබූ දේශපාලන අත්දැකීම් සැලකිල්ලට ගනිමින් දුමින්ද දිසානායක මැතිතුමන්ට 2013 වර්ෂයේදී අධ්‍යාපන සේවා අමාත්‍යය ධූරය හිමිවිය.එම කැබිනට් අමාත්‍යය ධූරය හිමි වන විට වයස අවුරුදු 33 ක් වූ දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ලාබාලතම කැබිනට් අමාත්‍යයවරයාද විය. පසුගිය 28 වැනි දින ශ්‍රී ලංකාවේ ලාබාලතම කැබිනට් අමාත්‍යය,මිහින්තලා ආසන සංවිධායක , අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතාට වයස අවුරුදු 35 ක් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් විශාල කැපකිරීම් කළ කෘතහස්ත දේශපාලඥයකු වූ අභාවප්‍රාප්ත උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්ට හා ජයනී තිසේරා මැතිනයට දාව 1979 වර්ෂයේ මාර්තු මස 28 වැනි දින උපත ලද වත්මන් අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා, තුරුණ වියට පා තබන අවධියේදී තම පියාණන්ගේ අඩි පාරේ යමින් දේශපාලන කටයුතු සදහා සම්බන්ධ විය.

2014/03/28 - ඇමති දුමින්ද දිසානායක 35 වැනි වියට පා තබයි.
ශ්‍රී ලංකාවේ ලාබාලතම කැබිනට් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා 28 වැනිදා 35 වැනි වියට පා තබයි.

වයස අවුරුදු 21 ක් වැනි තාරුණ්‍යය වයසේදී ජනතා වරමින් ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස 2000 වර්ෂයේදී අධ්‍යාපන අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රීත්වයට පත් දුමින්ද දිසානායක මැතිදුන් , 2004 වර්ෂයේදී නිපුනතා සංවර්ධන, වෘත්තීය හා කාර්මික පුහුණු නියෝජ්‍යය අමාත්‍යය ධූරයට ද ,2005 වර්ෂයේදී වරාය හා ගුවන් සේවා නියෝජ්‍යය අමාත්‍යය ධූරයටද පත්ව, 2007 වර්ෂයේදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන කැබිනට් නොවන අමාත්‍යය ධූරයට ද,2010 වර්ෂයේදී තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍යය අමාත්‍යය ධූරයටද, 2011 වර්ෂයේදී යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන නියෝජය්‍ය අමාත්‍යය ධූරයටස පත්විය.2000 වර්ෂයේ සිට ලැබූ දේශපාලන අත්දැකීම් සැලකිල්ලට ගනිමින් දුමින්ද දිසානායක මැතිතුමන්ට 2013 වර්ෂයේදී අධ්‍යාපන සේවා අමාත්‍යය ධූරය හිමිවිය.එම කැබිනට් අමාත්‍යය ධූරය හිමි වන විට වයස අවුරුදු 33 ක් වූ දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ලාබාලතම කැබිනට් අමාත්‍යයවරයාද විය.අද (28) වැනි දිනට ශ්‍රී ලංකාවේ ලාබාලතම කැබිනට් අමාත්‍යය,මිහින්තලා ආසන සංවිධායක , අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතාට වයස අවුරුදු 35 ක් සපිරෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් විශාල කැපකිරීම් කළ කෘතහස්ත දේශපාලඥයකු වූ අභාවප්‍රාප්ත උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්ට හා ජයනී තිසේරා මැතිනයට දාව 1979 වර්ෂයේ මාර්තු මස 28 වැනි දින උපත ලද වත්මන් අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා, තුරුණ වියට පා තබන අවධියේදී තම පියාණන්ගේ අඩි පාරේ යමින් දේශපාලන කටයුතු සදහා සම්බන්ධ විය.

2014/03/19 - කිහිලිකරුවෙන් හරි ගිහින් ජනතාව වෙනුවෙන් සේවය කරනවා අධ්‍යාපන සේවා ඇමති පවසයි

මගේ අමාරුව ජනතාවගේ ගැටලු වලට ගැටලූවක් වීමට ඉඩ දිය නොහැකියි යැයි අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (19) මිහින්තලා ආසනයේ 2014 වර්ෂයට අදාළ සංවර්ධන ව්‍යාපෘතීන් සදහා මහජනතාවගෙන් සංවර්ධන යෝජනා ලබා ගැනීම සදහා තිරප්පනයෙහි පිහිටි අමාත්‍යයතුමන්ගේ නිළ කාර්යාලයේ පැවති රැස්වීමකදීය.

අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුරයේ සිට කොළඹ බලා ගමන් කරමින් සිටියදී ඒ මහතා ගමන් ගත් මෝටර් රථය පෙබරවාරි මස 23 වැනි දා අලුයම ගල්ගමුව - පාදෙණිය ප‍්‍රදේශයේදී බවුසරයක ගැටී අනතුරකට ලක්වීමෙන් අමාත්‍යවරයා තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කළ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර කළේය.එම අනතුරින් අමාත්‍යයවරයාගේ වම් පාදය බිදීමකට ලක් වූ අතර පෙබරවාරී මස 24 වැනි දින කොළඹ පෞද්ගලික රෝහලකදී අමාත්‍යයවරයාගේ පාදයට සුළු ශල්‍යකරමයක් සිදු කළේය.පෙබරවාරී මස 23 වැනි දින සිට මාර්තු මස (02) දින දක්වා අමාත්‍යයවරයා සතියකට ආසන්න කාළයක් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබීය. අනතුරුව මාර්තු 02 වැනි දින අමාත්‍යයවරයා එම රෝහලෙන් පිටව ගිය අතර, මසක පමණ කාළයක් අමාත්‍යයවරයාට ප්‍රතිකාර ලබා දිය යුතු බවත්,ඒ සදහා අමාත්‍යයවරා විවේකි සුවයෙන් සිටිය යුතු බවටද වෛද්‍යවරුන් පවසා ඇත. අමාත්‍යයවරයාට වෛද්‍යවරුන් මාසයක් විවේකි සුවයෙන් පසුවන ලෙස දැන්වූ නමුත් මිහින්තලා ආසනයේ සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කළ යුතු බැවින් අධ්‍යාපන සේවා අමාත්‍යයවරයා ඊයේ (19) අත් වාරුවෙන් අනුරාධපුරයට පැමිණ අනතුරින් පසු නැවතත් සිය දේශපාලන කටයුතු ආරම්භ කළේය.

මම අනතුරට ලක් වෙච්ච වෙලාවේ ඉදලා මාව බලන්න රෝහලට, මගේ ගෙදරට විශාල පිරිසක් ආවා.දුරකථනයෙන් කථා කරලා මගේ දුක සැප සොයා බැලුවා. ඒ සියළු දෙනාටම ස්තූතියි.ඒ වගේම මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා මේ උතුරු මැද පළාතේ බොහෝ ගම්මාන වල බෝධී පූජා පැවැත්වූවා ඒ සියලු දෙනාට මම ස්තූතිය පුද කරනවා.මම අනතුරට පත් වෙලා ඉන්න කාලේ මිහින්තලා ආසනයේ සංවර්ධන ව්‍යාපෘතීන් සදහා මුදල් වෙන් කෙරුණා, මම අනතුරට පත් වෙලා ඉන්නවා කියලා මිහින්තලා ආසනයේ සංවර්ධන ව්‍යාපෘති පස්සට දාන්න මම කැමති නෑ, ඒ නිසා සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් සිදු කිරීම සදහා මහජනතාවගේ යෝජනා භාර ගන්න තමයි කිහිලි කරුවෙන් හරි මම ජනතාව හමුවට ආවේ. මගේ අමාරුව ජනතාවගේ ගැටලු වලට ගැටලූවක් වීමට ඉඩ දිය නොහැකියි යැයි එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට අධ්‍යාපන සේවා අමාත්‍යයතුමන්ගේ පෞද්ගලික ලේකම් කාවින්ද දිසානායක,ප්‍රාදේශීය දේශපාලඥයින්, සමෘද්ධී සංවර්ධන නිළධාරීන්, ග්‍රාම නිළධාරීන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් හා මිහින්තලා ආසනයේ ජනතාව විශාල පිරිසක් සහභාගී වූහ.

2014/01/27 - එප්පාවල ශ්‍රී සිද්ධාර්ථයේ ත්‍යාග ප්‍රධාන උත්සවය

ගුරුවරයෙක් දඬුවම් කළත් එක ලැජ්ජාවක් අවනම්බුවක් කියලා නවතින්නේ පොලිසියේ. ඒ නිසා දැන් ගුරුවරුන්ටත් සිද්ධ වෙලා තියෙනවා පොඩ්ඩක් ෂේප් එකේ ඉන්න

අපට අධ්‍යාපනයට නීති රීති දාන්න පුළුවන් කම තිබුණට ඒ නීති රීති වලින් 100% ක් ප්‍රතිඵල ගන්න පුළුවන් කමක් නෑ.හැබැයි මේ නීති රීති අපි හදවතේ ඇති කරගත්තොත්, මේක අපි මතවාදයක්, බලාපොරොත්තුවක් කර ගත්තොත් අපට පුළුවන් එකම නීතියක්වත් නැතිව, එකම නායකයෙකුවත් නැතිව, එකම නියෝගයක් නැතුව මේ සමාජය යහපත් කර ගත හැකියි.ඒකට කරන්න ඕන තමන් තමන්ගේ රාජකාරිය කිරීමයි.ගුරුවරයා ගුරුවරයාගේ රාජකාරියත්, දරුවා දරුවාගේ රාජකාරියත්, දෙමාපියන් දෙමාපියන්ගේ රාජකාරිය ඉටු කලොත් මේ සමාජය වෙනස් කරන්න පුළුවන් යැයි අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පෙරේදා (26) එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලෙහි 2013 සිසු ප්‍රතිභා ප්‍රණාම ගුරු උපහාරය හා සිසු ඇගයීම් ත්‍යාග ප්‍රධාන උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ය.2013 වර්ෂයෙහි එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලෙහි දක්ෂතා, කුසලතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීම හා ගුරුභවතුන්ට උපහාර දැක්වීම සදහා එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසල් ආදි ශිෂ්‍ය සංගමය මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

මම ඉස්කෝලේ යන කාලේ ගුටි කාපූ වාර අනන්තයි.අපේ වැඩිහිටියෝ පාසල් යද්දිනුත් එහෙමයි.ඒ අයත් ගුටිකාපූ වාර අනන්ත ඇති.හැබැයි දැන් මොකද වෙන්නේ දරුවකුගේ වරදකට ගුරුවරයෙක් බැන්නොත් ගැහුවොත් උසාවියෙන් තමයි නතර වෙන්නේ.දැන් දෙමාපියෝ දරුවන්ට ආදරේ නෑ.දරුවකුගේ වරදකට ගුරුවරයෙක් දඩුවම් කළත් එක ලැජ්ජාවක් අවනම්බුවක් කියලා නවතින්නේ පොලීසියේ.ඒ නිසා දැන් ගුරුවරුන්ටත් සිද්ධ වෙලා තියෙනවා පොඩ්ඩක් ෂේප් එකේ ඉන්න.ඒ කියන්නේ දරුවෙක් හදනවාට වඩා හැදිලා ඉන්න දරුවකුට උගන්වන එක කරන්න.නමුත් මේ දේ වෙනස් කරලා නැවතත් ගුරුවරු, සිසු දරුවන් හා දෙමාපියන් අතර තියන සම්බන්ධය තවත් තේරුම් ගෙන නැවතත් හොද අධ්‍යාපනයක් ලැබීමට, විනය ගරුක සිසු පරපුරක් බිහි කිරීමට අත්වැල් බැද ගැනීමට කාලය ඇවිත් තියෙනවා.නැතිවෙච්ච බොහෝ දේවල් ඇති කර ගන්න කාළය දැන් ඇවිත් තියෙනවා.අපි ආසියාවේ ආශ්චර්ය බවට පත් වෙන්න සූදානම් වෙන කොට, ගමේ පාරට කොන්ක්‍රීට් ටික, තාර ටික වැටෙන විට , කුප්පි ලාම්පුවෙන් පාඩම් කරපු දරුවන්ගේ ගෙවල් වලට විදුලිය පහසුකම් ලැබෙමින් අපි ආසියාවේ ආශ්චර්ය බවට පත් වෙන විට විනයගරුක ගුණගරුක සිසු පරපුරක් බිහි කිරීමට කාලය එළඹිලා තියෙනවා.මේක මම කියද්දින් තව කෙනෙක් කියන්න පුළුවන් ඕවා කරන්න පුළුවන් ඇමතිතුමාටම තමයි කියලා.හැබැයි අපට කරන්න බැරි බොහෝ දේ ජනතාවට කරන්න පුළුවන්.අපට කරන්න පුළුවන් පොඩි දෙයයි. සමහර දරුවන්ගේ විභාග ප්‍රථිපල එද්දින් දෙමාපියන්ට තමන් මාස 09 ක් බඩේ තියාගෙන, අත පය නොකඩා ලොකු මහත් කරලා හදපු දරුවනේ මේ කියලා අමතක වෙච්ච අවස්ථා තිබ්බා.අල්ලපු ගෙදර ළමයා විභාග ප්‍රථිපල වැඩියෙන් ලබා ගන්නා විට දරුවන්ට විවිධ විදිහේ අඩම් තේට්ටම් කළ අවස්ථා අහන්න දකින්න ලැබුණා.විභාගයකදී ලකුණු අඩුවෙන් ගත්තා කියලා කිසිම විටක තමන්ගේ දරුවා අදක්ෂයෙක් කියලා දෙමාපියෝ හිතන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා.හැමෝටම දොස්තරලා වෙන්න බෑ, හැමෝටම ඉංජිනේරුවෝ වෙන්න බෑ.මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ටම මොන යම් හෝ දක්ෂතාවයක් තියෙනවා.ඒ නිසා දරුවන්ගේ දක්ෂතා සොයා ගන්න , ඒ දක්ෂතා ඔප් නංවා ගන්න දිරියක් වෙන්න කියලා මම ඉල්ලනවා.ඒ වගේම ගුරුභවතුනුත් සුළු පිරිසක් ඉන්නවා මේ මගේ දරුවනේ කියලා අමතක කරලා කටයුතු කරනවා.දරුවන්ගේ වටිනාකම නොදන්න පිරිසක් ලෙසයි ඒ අය මම දකින්නේ.ඒ අයගෙනුත් මම ඉල්ලන්නේ මේ රටේ සියළුම දරුවෝ දරුවෝ විදිහට දකින්න.ඒ දරුවන්ගේ දෑස් පාදලා හොද තැනකට ගේනන කටයුතු කරන්න

නොමිලේ අපි නිළ ඇදුම් ටික දුන්නට කනේ තියන කරාඹු දෙක උකස් කරලා ඒ නිළ ඇදුම් රෙද්දෙන් නිළ ඇදුම තමන්ගේ දරුවන්ට මහලා දෙන අම්මලා ඉන්නවා.කුළි වැඩ කරලා තමයි දෙමාපියන් දරුවන්ට උගන්වන්නේ, ඇතැම් දෙමාපියෝ හරියට කෑමක් බීමක් නොකා දරුවන්ට උගන්වනවා.ඒ වෙන මොකටවත් නෙමෙයි තමන් පසු පස නෑවිත් තමන් පසුකර යන්න දරුවන්ට ශක්තියක් වෙන්න දෙමාපියෝ කටයුතු කරනවා.දෙමාපියෝ තමන් විදින දුක දරුවන්ට දෙන්න අකමැතියි. බොහෝ කැප කිරීම් කරලා දරුවන්ට උගන්වන්න දෙමාපියෝ කැප වෙනකොට ඒ දෙමාපියන් ඉන්න තැනට වඩා හොද අධ්‍යාපනයක් ලබා ගෙන හොද තැනකට යන්න දරුවන්ට උනන්දුවක් තිබිය යුතුයි.

පාසල් දරුවකුට තමන්ගේ පාසලේ පවත්වන ත්‍යාග ප්‍රධාන උත්සවය තරම් වටිනා වෙනත් උත්සවයක් නෑ. දරුවකුගේ පාසල් කාලයේදී ආරාධිත අමුත්තන්, ගුරුභවතුන්, දෙමාපියන් හා යහළු යෙහෙලියන් ඉදිරියේ තමන්ගේ දක්ෂතාවන්ට ඇගයීමක් ලබා ගන්න පුළුවන් එකම තැන ත්‍යාග ප්‍රධාන උත්සවය නිසයි.ඒවගේ දක්ෂතා දක්වලා ත්‍යාග ප්‍රධාන උත්සවයේදී වේදිකාව උඩ දරුවකු ත්‍යාගයක්, සහතිකයක්, පදක්කමක්, සම්මානයක් ලබා ගන්නා විටදී වේදිකාව පහළ ඉදන් සතුටු වන තවත් කෙනෙක් ඉන්නවා ඒ ඒ සම්මානය ලබා ගන්නා දරුවට ඉගැන්වීම් කටයුතු කරන ගුරුභවතා, ඒ ගුරුවරයා සතුටු වෙනවා අද මේ සම්මානය ගන්නේ මම උගන්වපු ළමයෙක්නේ කියලා.

පාසල් තුළ පවත්වන ත්‍යාග ප්‍රධාන උත්සවයන් හරහා පළවැනියා වෙච්ච ළමයාව ඇගයීමට ලක් කරන ගමන් අන්තිමයා වෙච්ච ළමයාට උත්පේරණයක් ලබා දෙනවා එවැනි ඇගයීමක් ලබා ගැනීමට උත්සහ කරන්න කියලා.මේ වසරේ බැරිවුණ දේ ලබන වසරේ කරන්න උනන්දුවක් උත්සහයක් අනෙක් දරුවන්ටත් ත්‍යාග ප්‍රධාන උත්සව හරහා ලැබෙනවා. තරගයක හැමෝටම දිනන්න බෑ, හැබැයි මේ තරගය තවත් කරගයක් බවට පත් කරන්න ,දිනපු අය පමණක් නෙමෙයි පැරදුණු අයත් දිරිමත් කරන්න පාසල් ත්‍යාග ප්‍රධාන උත්සවය ඉවහල් වෙනවා.

දරුවෙක් පාසලකට ඇතුළත් කරලා විදුහල්පතිවරයාට, ගුරුභවතුන්ට භාර දුන්නම ඔක්කොම හරි කියලා දෙමාපියෝ හිතන් ඉන්නවා.ඒ වුණාට දරුවෝ පාසලේ කරන්නේ වෙන වෙන දේවල්.ඒ නිසා දරුවෝ ගැන හොද අවධානයෙන් ඉන්න, හරියට පාඩම් වැඩ කරනවාද කියල හොයලා බලන්න.ළමයෙක් විභාගේ අසමත් වුණත් බනින්නේ පාසලට.නමුත් දෙමාපියෝ දෙමාපියන්ගේ වගකීම ඉටු කළානම් පාසලට බනින්න ඕන නෑ.දෙමාපියෝ විදිහට දෙමාපියෝ දෙමාපියොන්ගේ වගකීම ඉටු කළ යුතුයි.ඒ වගේම දරුවෝ කල්පනා කරන්න ඕන අපට මේ ලබා දෙන පහසුකම් වලට අනුව හොදින් අධ්‍යාපනය ලබා ගත යුතුයි කියලා යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට බන්ධනාගාර හා පුනරුත්ථාපන නියෝජ්‍යය අමාත්‍යය එස්.සී මුතුකුමාරණ, ප්‍රාදේශීය දේශපාලඥයින්, විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, ආදි ශිෂ්‍යයින්, සිසු දරු දැරියන් හා ඔවුනගේ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වූහ.

2014/01/16 - බුද්ධ මන්දිරයට මුල්ගල

ඉරිදා දවසට ටියුෂන් පන්ති නවත්තලා දෙන එක පුළුවන් වුණත් මම ඒක කරන්නේ නෑ - අමාත්‍යය දුමින්ද දිසානායක මහතා

බොහෝමයක් විහාරස්ථාන වලට ගියාම හාමුදුරුවරු වගේම දෙමාපියොත් ඇවිත් කියනවා ඉරිදා දවසට ටියුෂන් පන්ති නවත්තලා දෙන්න කියලා.ඒක මට පුළුවන් වුණත් මම කරන්නේ නෑ.මොකද දහම් පාසලේ තියෙන වටිනාකම දැනෙන්න ඕන දෙමාපියන්ටයි.ඒක රටේ ජනාධිපතිතුමාටවත්, අධ්‍යාපන ඇමතිතුමාටවත්, අල්ලපු ගෙදර ඉන්න අම්මට තාත්තටවත් දැනෙන්න ඕන නෑ.තමන්ගේ දරුවගේ වටිනාකම දැනෙන්න ඕන තමන්ට, ඒ නිසා දෙමාපියෝ තීරණය කරන්න ඕන මගේ දරුවා යන්නේ දහම් පාසල්ද නැත්තන් ටියුෂන්ද කියලා.දහම් පාසල් යන දරුවයි, නොයන දරුවයි අතර වෙනස අපි හොදට දැකලා තියෙනවා.තමන්ගේ දරුවට ආදරය කරනවා නම්, දරුවා යහපත් පුද්ගලයකු වෙනවා දකින්න කැමති නම් ඒ දරුවාව දහම් පාසල් යැවිය යුතුයි කියලා නීතියක් දාන්නවත්, කවුරු හරි නියෝග දෙන්නවත් අවශ්‍යය නෑ,දෙමාපියන්ට තේරෙන්න ඕන මගේ දරුවා යහපත් පුද්ගලයෙක් වෙන්න නම් මගේ දරුවා යන්න ඕන දහම් පාසල් කියලා.මේ විදිහට සියළුම දෙමාපියෝ හිතලා කටයුතු කලොත් ටියුෂන් ගුරුවරයාට සිද්ධ වෙනවා ඉරිදා උදේ ටියුෂන් පන්ති පවත්වන් නැතුව හවස් වරුවේ පන්තිය පවත්වන්න.අපි නිදහස ලැබුවට ඒ නිදහස හරියට භුක්ති විදින් නෑ,1948 ලැබිච්ච නිදහස තාම නාමික නිදහසක් පමණයි.තාමත් අපි හරි කැමතියි කවුරුහරි අපිව පාලනය කරනවා නම් කවුරු හරි අපට නියෝග දෙනවා නම්,ඒකට තමයි මේ රටේ ජනතාව කැමති යැයි අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ 16 අනුරාධපුර පෙරුම්කුලම ශ්‍රී සම්බුද්ධ මෛත්‍රී අරණ විහාරස්ථානයෙහි අභිනවයෙන් ඉදි කිරීමට නියමිත බුද්ධ මන්දිරයට මුල් ගල් තැබීමේ අවස්ථාවට එක් වෙමින්ය.16 පෙරවරුවෙහි 07.15 ට යෙදුණු සුභ මොහොතින් අමාත්‍යයවරයා රුපියල් ලක්ෂ 06 ක වියදමින් ඉදි කිරීමට නියමිත බුද්ධ මන්දිරයට මුල් ගල් තැබීම සිදු කළේය.

අපි බොහෝ විට පත්තරෙන් දකින්නේ, දකින්න ආසා දේවල් නෙමෙයි,රේඩියෝ එකෙන් අහන්නේ අහන්න ආසා දේවල් නෙමෙයි, රූපවාහිනියෙන් අහන්නේ,දකින්නේ අහන්න දකින්න ආසා දේවල් නෙමෙයි.මේ සියල්ල වෙලා තියෙන්නේ මිනිස්සු පන්සලෙන් ඈත් වීම නිසයි.ඉතිහාසයේ වැවයි- දාගැබයි- ගමයි - පන්සලයි කියන සංකල්පය මත ගම ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ වටා එක්රොක් වෙලා හිටියා.දරුවෝ ටික හැදුනේ පන්සලත් එක්ක.වැඩිහිටියෝ කටයුතු කළේ පන්සලත් එක්ක.ඒ නිසා වැරදි අඩුපාඩු සිදු වෙන්න තිබුණු අවස්ථා බොහෝම අඩුයි.හැබැයි අද අපි දියුණු වෙනකොට සංවර්ධනය වෙනකොට වෙලා තියෙන්නේ අපි පන්සලෙන් ඈත් වෙලා, එහෙම නැත්තන් ආගමික කටයුතු වලින් ඈත් වෙලා,පෝය දවසත් නිවාඩු දවසක් බවට පත් කර ගත්ත යුගයක් තමයි උදා වෙලා තියෙන්නේ.අපි දන්නවා පෝය දවස කියන්නේ නිවාඩු දවසක් නෙමෙයි.බෞද්ධයන්ට මාසයක එක් වරක් බෞද්ධ ආගමික කටයුතු සිදු කරන්න තියෙන දවස තමයි පෝය දවස.නමුත් අපේ රටේ පුද්ගලයින්ගේ තියෙන අවාසනාවට බොහෝ විට පෝය දවස නිවාඩුවෙන් ගත කරනවා.රාජකාරී බහුල දෙමාපියෝ දරුවන් සමග විනෝද වෙන්න යන්නේ පෝය දවසට, තරුණ ළමුන් සෙල්ලම් කරන්න එකතු වෙන්නේ එදාට,මේ නිසා මිනිසුන් අධාර්මික වෙලා තියෙනවා.ඒ නිසා නැවතත් පන්සල මුල් කර ගනිමින් මිනිසුන්ගේ මනස හදන්න පටන් ගන්න ඕන.අවුරුදු 2600 ක් පැරණි මේ බුදු දහම මේ වෙනකන් රැකිලා තියෙන්නේ තිබ්බ ආණ්ඩු නිසාවත්, පවතින ආණ්ඩු නිසාවත් නෙමෙයි භික්ෂූ - භීක්ෂූණී , උපාසක - උපාසිකා කියන සිව්වනක් පිරිස නිසයි.එයිනුත් භීක්ෂූන් වහන්සේලා මහා කැපවීමක් කරලා මේ බුදු දහම රැක ගත් බව මතක් කළ යුතුමයි.මේ බුදු දහම රැක ගන්න බෞද්ධයෝ විදිහට අපි පන්සල වටා ඒක රාශ්‍රී විය යුතුයි.පාසලකට දරුවා යවන්න විතරක් නෙමෙයි දහම් පාසලට දරුවා යවන්න දෙමාපියෝ කටයුතු කරනවා නම් දරුවන් ධාර්මික බවට පත් වෙනවා.දරුවෙක් වරදක් කළාට පසු දඩුවම් කරනවාට, අවවාද කරනවාට වඩා ඒ දරුවා ඒ වරද නොකර හික්මීමෙන් කටයුතු කරවන්න පුළුවන්නම් එයයි කළ යුතුයැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක අමාත්‍යයවරයා පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී සම්බුද්ධ මෛත්‍රී විහාරස්ථානයෙහි විහාරාධිකාරී පූජ්‍ය තිස්සමහාරාමයේ සිරිසාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

2014/01/01 - පාසල් සිසුන් දස ලක්ෂ පනස් දහසකට දිවා ආහාරය හා කිරි වීදුරුවක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක පාසල් සිසුන් 1046,000 දිවා ආහාරය හා කිරි වීදුරුවක් බැගින් ලබාදීමේ වැඩපිළිවෙළ මෙම මස 20 දා සිට අරඹන බව අධ්‍යාපන සේවා අමාත්‍යාංශය පවසයි.

මේ වැඩපිළිවෙළට අලුතින් එක්වන පළමු ශ්‍රේණියේ සිසුන් තුන්ලක්ෂ විසි දහසක් ජනවාරි 20දා පාසල්වලට එක්වන බැවින් එදින සිට පාසල් සිසුන්ගේ පෝෂණය නංවාලීමේ වැඩපිළිවෙළ එදිනට අරඹන බව අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක මහතා කියයි.

දිවා ආහාර වැඩසටහනට උතුරු නැඟෙනහිර ඇතුළුව පාසල් සිසුන් අටලක්ෂ අසූ දහසක් (880,000) දෙනා සුදුසුකම් ලබා ඇති බවද කිරි වීදුරුවක් ලබාදිමේ වැඩපිළිවෙළට සිසුන් එක්ලක්ෂ හැටහය දහසක් (166,000) දෙනා සුදුසුකම් ලබා දී ඇතැයිද කී ඇමැතිවරයා දිවා ආහාරය හා කිරි යන දෙකටම එක් සිසුවෙක් හිමිකම් නොකියන බවද අනාවරණය කෙළේය. ජාතික පාසල් හැර සෙසු පාසල් 7900ක් ආවරණය කෙරෙන පරිදි දිවා ආහාරය ලබාදෙන බවත්, පාසල් 1140ක් ආවරණය වන පරිදි කිරි වීදුරු ‍ලබා දෙන බවත්, කී ඒ මහතා රජය වාර්ෂිකව ඒ වෙනුවෙන් රුපියල් මිලියන 3800ක් වැය කරන බවත්, දිවා ආහාරය වෙනුවෙන් පමණක් රජය වාර්ෂිකව රුපියල් මිලියන 3200ක් වැය කරන බවත් ප්‍රකාශ කෙළේය.

උතුරු නැඟෙනහිර පළාතේ සිසු දරුවන් 160,000කගේ දිවා ආහාරය වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන යටතේ සහනාධාර ලබාදෙන බව කී ඇමැතිවරයා ඊට අමතරව රජයෙන්ද යම් ආධාරයක් ලබා දෙන බව පැවසීය.

කිරි ලීටර් 150ක ප්‍රමාණයක් එක් දරුවෙකුට ලබා දෙන බවද නැවුම් කිරි ඒ සඳහා භාවිතා කරන බවද පැවසූ හෙතෙම දිවා ආහාරය සඳහා එක් දරුවෙකුට රජය රුපියල් 24ක මුදලක් වෙන් කරන බවද දරුවන්ගේ දෙමාපියන් හා සමෘද්ධි නිලධාරියෙක් මඟින් දරුවන්ට දිවා ආහාරය සපයන බවද අදාළ මුදල් අමාත්‍යාංශය ලබා දෙන බවද කීය.

2013/11/25 - මිහින්තලය නගර සංවර්ධනයට රුපියල් මිලියන 500 ක්

ඓතිහාසික මිහින්තලය නගරය පෞරාණික බව රකිමින් සංවර්ධනය කිරීම සදහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් පන්සියයක් වෙන් කර ඇත.ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙන බව මිහින්තලා ආසන සංවිධායක අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ මිහින්තලය නගරයෙහි වෙලදාමෙහි නියුතු ව්‍යාපාරිකයින් සමග මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත් වූ සාකච්ජාවකදීය. මිහින්තලය නගරය අවිධිමත්ව පැවතීම හේතුවෙන් එම නගරයේ අලංකාරත්වය බිදී ගොස් ඇති බවත්,බෞද්ධ උරුමයක් වූ මිහින්තලය නගරයෙහි පෞරාණික බව රැක ගනිමින් , දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ඇද බැද ගන්නා සංචාරක නගරයක් බවට මිහින්තලය නගරය සංවර්ධනය කිරීම මිහින්තලා ආසන සංවිධායකවරයා ලෙස තම අරමුණ බවත් එහිදී අදහස් දැක්වූ අමාත්‍යයවරයා පැවසීය.

මිහින්තලය පූජා භූමි ප්‍රදේශය වෙන් කර මිහින්තලයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සදහා ඒ අවට මල් අලෙවිසල්, රථ ගාල් හා වැසිකිලි, කැසිකිලි පද්ධති ඉදි කිරීමට නව නගර සැලැස්ම මගින් කටයුතු යොදා ඇත.ලොව ප්‍රථම අභ්‍ය භූමිය වන මිහින්තලය සංරක්ෂණය වන අයුරින් ජනග්‍රහණයට අවශ්‍යය පරිදී ඉඩම් අවශ්‍යතා සපුරා ගැනීමට හා වෙළද සංකීරණ ඉදිකිරීමටද,මිහින්තලය වැව ප්‍රතිසංස්කරණයට හා වැව අවට ළමා උද්‍යාන හා ව්‍යායාම් පථ ඉදි කරමින් සංචාරකයින්ට දැකුම් කලු පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට නව නගර සංවර්ධන සැලැස්ම තුලින් සැලසුම් කර ඇති බවත් අධ්‍යාපන සේවා අමාත්‍යයවරයා වැඩිදුරටත් පැවසීය.

වසර කිහිපයක සිට මිහින්තලය නගරයෙහි අනවසර වෙළදුන් හා ප්‍රාදේශීය සභාව අතර පැවති ගැටළු විසදමින් පදික වෙලදුන්ටද ස්ථීර වෙලද සංකීරණයක් ඉදි කර දෙන බව අමාත්‍යයවරයා ප්‍රකාශ කළ අතර ඒ අයුරින් සියල්ලන්ගේම ගැටළුවලට විසදුම් ලබා දෙමින් මිහින්තලය නගරය සංවර්ධනයට නව සැලසුමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වෙලෙන්දන් සිය ප්‍රසාදය පළ කර සිටියේය.මෙම අවස්ථාවට මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන්, මිහින්තලය ප්‍රාදේශීය සභාවෙහි මන්ත්‍රීවරුන් හා මිහින්තලය නගරයෙහි ව්‍යාපාරිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.

2013/11/07 - ලෝකයේ ඕනෑම තරුණයෙකුට නිදහසේ අපේ රටට එන්න පුළුවන්

ඉරිදා දවසට ටියුෂන් පන්ති නවත්තලා දෙන එක පුළුවන් වුණත් මම ඒක කරන්නේ නෑ - අමාත්‍යය දුමින්ද දිසානායක මහතා

බොහෝමයක් විහාරස්ථාන වලට ගියාම හාමුදුරුවරු වගේම දෙමාපියොත් ඇවිත් කියනවා ඉරිදා දවසට ටියුෂන් පන්ති නවත්තලා දෙන්න කියලා.ඒක මට පුළුවන් වුණත් මම කරන්නේ නෑ.මොකද දහම් පාසලේ තියෙන වටිනාකම දැනෙන්න ඕන දෙමාපියන්ටයි.ඒක රටේ ජනාධිපතිතුමාටවත්, අධ්‍යාපන ඇමතිතුමාටවත්, අල්ලපු ගෙදර ඉන්න අම්මට තාත්තටවත් දැනෙන්න ඕන නෑ.තමන්ගේ දරුවගේ වටිනාකම දැනෙන්න ඕන තමන්ට, ඒ නිසා දෙමාපියෝ තීරණය කරන්න ඕන මගේ දරුවා යන්නේ දහම් පාසල්ද නැත්තන් ටියුෂන්ද කියලා.දහම් පාසල් යන දරුවයි, නොයන දරුවයි අතර වෙනස අපි හොදට දැකලා තියෙනවා.තමන්ගේ දරුවට ආදරය කරනවා නම්, දරුවා යහපත් පුද්ගලයකු වෙනවා දකින්න කැමති නම් ඒ දරුවාව දහම් පාසල් යැවිය යුතුයි කියලා නීතියක් දාන්නවත්, කවුරු හරි නියෝග දෙන්නවත් අවශ්‍යය නෑ,දෙමාපියන්ට තේරෙන්න ඕන මගේ දරුවා යහපත් පුද්ගලයෙක් වෙන්න නම් මගේ දරුවා යන්න ඕන දහම් පාසල් කියලා.මේ විදිහට සියළුම දෙමාපියෝ හිතලා කටයුතු කලොත් ටියුෂන් ගුරුවරයාට සිද්ධ වෙනවා ඉරිදා උදේ ටියුෂන් පන්ති පවත්වන් නැතුව හවස් වරුවේ පන්තිය පවත්වන්න.අපි නිදහස ලැබුවට ඒ නිදහස හරියට භුක්ති විදින් නෑ,1948 ලැබිච්ච නිදහස තාම නාමික නිදහසක් පමණයි.තාමත් අපි හරි කැමතියි කවුරුහරි අපිව පාලනය කරනවා නම් කවුරු හරි අපට නියෝග දෙනවා නම්,ඒකට තමයි මේ රටේ ජනතාව කැමති යැයි අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ 16 අනුරාධපුර පෙරුම්කුලම ශ්‍රී සම්බුද්ධ මෛත්‍රී අරණ විහාරස්ථානයෙහි අභිනවයෙන් ඉදි කිරීමට නියමිත බුද්ධ මන්දිරයට මුල් ගල් තැබීමේ අවස්ථාවට එක් වෙමින්ය.16 පෙරවරුවෙහි 07.15 ට යෙදුණු සුභ මොහොතින් අමාත්‍යයවරයා රුපියල් ලක්ෂ 06 ක වියදමින් ඉදි කිරීමට නියමිත බුද්ධ මන්දිරයට මුල් ගල් තැබීම සිදු කළේය.

අපි බොහෝ විට පත්තරෙන් දකින්නේ, දකින්න ආසා දේවල් නෙමෙයි,රේඩියෝ එකෙන් අහන්නේ අහන්න ආසා දේවල් නෙමෙයි, රූපවාහිනියෙන් අහන්නේ,දකින්නේ අහන්න දකින්න ආසා දේවල් නෙමෙයි.මේ සියල්ල වෙලා තියෙන්නේ මිනිස්සු පන්සලෙන් ඈත් වීම නිසයි.ඉතිහාසයේ වැවයි- දාගැබයි- ගමයි - පන්සලයි කියන සංකල්පය මත ගම ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ වටා එක්රොක් වෙලා හිටියා.දරුවෝ ටික හැදුනේ පන්සලත් එක්ක.වැඩිහිටියෝ කටයුතු කළේ පන්සලත් එක්ක.ඒ නිසා වැරදි අඩුපාඩු සිදු වෙන්න තිබුණු අවස්ථා බොහෝම අඩුයි.හැබැයි අද අපි දියුණු වෙනකොට සංවර්ධනය වෙනකොට වෙලා තියෙන්නේ අපි පන්සලෙන් ඈත් වෙලා, එහෙම නැත්තන් ආගමික කටයුතු වලින් ඈත් වෙලා,පෝය දවසත් නිවාඩු දවසක් බවට පත් කර ගත්ත යුගයක් තමයි උදා වෙලා තියෙන්නේ.අපි දන්නවා පෝය දවස කියන්නේ නිවාඩු දවසක් නෙමෙයි.බෞද්ධයන්ට මාසයක එක් වරක් බෞද්ධ ආගමික කටයුතු සිදු කරන්න තියෙන දවස තමයි පෝය දවස.නමුත් අපේ රටේ පුද්ගලයින්ගේ තියෙන අවාසනාවට බොහෝ විට පෝය දවස නිවාඩුවෙන් ගත කරනවා.රාජකාරී බහුල දෙමාපියෝ දරුවන් සමග විනෝද වෙන්න යන්නේ පෝය දවසට, තරුණ ළමුන් සෙල්ලම් කරන්න එකතු වෙන්නේ එදාට,මේ නිසා මිනිසුන් අධාර්මික වෙලා තියෙනවා.ඒ නිසා නැවතත් පන්සල මුල් කර ගනිමින් මිනිසුන්ගේ මනස හදන්න පටන් ගන්න ඕන.අවුරුදු 2600 ක් පැරණි මේ බුදු දහම මේ වෙනකන් රැකිලා තියෙන්නේ තිබ්බ ආණ්ඩු නිසාවත්, පවතින ආණ්ඩු නිසාවත් නෙමෙයි භික්ෂූ - භීක්ෂූණී , උපාසක - උපාසිකා කියන සිව්වනක් පිරිස නිසයි.එයිනුත් භීක්ෂූන් වහන්සේලා මහා කැපවීමක් කරලා මේ බුදු දහම රැක ගත් බව මතක් කළ යුතුමයි.මේ බුදු දහම රැක ගන්න බෞද්ධයෝ විදිහට අපි පන්සල වටා ඒක රාශ්‍රී විය යුතුයි.පාසලකට දරුවා යවන්න විතරක් නෙමෙයි දහම් පාසලට දරුවා යවන්න දෙමාපියෝ කටයුතු කරනවා නම් දරුවන් ධාර්මික බවට පත් වෙනවා.දරුවෙක් වරදක් කළාට පසු දඩුවම් කරනවාට, අවවාද කරනවාට වඩා ඒ දරුවා ඒ වරද නොකර හික්මීමෙන් කටයුතු කරවන්න පුළුවන්නම් එයයි කළ යුතුයැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක අමාත්‍යයවරයා පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී සම්බුද්ධ මෛත්‍රී විහාරස්ථානයෙහි විහාරාධිකාරී පූජ්‍ය තිස්සමහාරාමයේ සිරිසාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

2013/09/13 - Four million school children to be insured – Duminda Dissanayake

For the first time in the history, insuring of 4 million school children will commence on 01st October, says Deputy Minister of Education Duminda Dissanayake.

Minister made this remark participating at the foundation laying ceremony to construct a four-storied Green building for Royal College, Colombo 7 at a cost of Rs.80 million.

Insuring of all school children in Sri Lanka will take place on World Children’s Day that falls on 01st October at the Royal College, Colombo 7, he noted.

Programme will be carried out jointly with Sri Lanka Insurance Corporation.

Asianmirror.lk, Friday, 13 September, 2013

http://ns1.asianmirror.com/english/index.php/news/16179-four-million-school-children-to-be-insured--duminda-dissanayake
2013/07/25 - Minister announces plans to insure school students

The Ministry of Education Services says that steps have been taken to insure all school students in the island from 2014.

Minister Duminda Dissanayaka says that all preparations have been made for this purpose.

Minister Dissanayake also said that this decision was reached after taking into consideration a recent incident where a bus carrying a group of students and teachers from the Tamil Junior School in Thannekumbura fell into a precipice in the Seetha Eliya area resulting in the death of three individuals including a teacher and injuries to ten students.

Another incident that was cited by the minister was when students who were on an education excursion to the national museum sustained injuries when a staircase collapsed.

The minister said that a proper programme had not been put into place regarding measures that should be taken in the event of such incidents.

Therefore, the Minister pointed out that a new plan will be implemented.

NewsFirst.lk, Thursday, 25 July, 2013

http://www.newsfirst.lk/english/node/26721
2013/06/08 - All must serve motherland - Duminda

Children must be determined to return their gratitude for the free education they obtained by serving the motherland once they complete their education, Education Services Minister Duminda Dissanayake said.

He said brain drain is one of the most serious problems Sri Lanka is faced with today. He observed Sri Lanka has produced many intellectuals, but unfortunately a considerable number of them have left the island.

Dissanayake requested the nation's children to give something back to the country in return of the free education they obtain.

"It is all right to go overseas for higher education, but do not forget your country thereafter," he said.

The minister made this observation while participating in a ceremony at Lake House to compliment students who obtained the top 10 island ranks at the Ordinary Level Examination in 2012 and Dulanjali Ariyathilake who excelled in the examination by overcoming all odds of her life.

The event was organised by the Sithmina Educational Publication of ANCL and the staff, administration and sales division of ANCL with financial sponsorship of the Institute of Vocation Studies (IVS).

Dissanayake said the government is aware that only infrastructure development is inadequate to make Sri Lanka the Miracle of Asia, but an intellectual generation must be produced to achieve this goal.

He emphasised the need to do away with the exam centred education system in the country.

The minister advised children to learn good things from the outside world without limiting their education only to books.

He said the present generation must learn to have good social relations and to admire the local values and products.

Dissanayake said children, parents and educational authorities should actively join hands to correct the wrongdoings of the contemporary society.

Editorial Director Seelaratna Senerath said Lake House gives priority to provide a service to the nation and to equip the people with valuable knowledge. He said the aim of Lake House is to enlighten people. IVS donated Rs 100,000 for the uplift of the sports section of the ANCL during the event.

ANCL Chairman and Managing Director, veteran journalist Bandula Padmakumara, General Manager Abhaya Amaradasa, Director Operations and Presidential Coordinating Secretary Upul Dissanayake, Legal and Administrative Director Rasanga Harischandra, Company Secretary Kumudu Gunawardena, IVS Managing Director Prof Vijitha Senanayake and Sithmina Editor Manoli Subasinghe also participated.

DailyNews.lk, Saturday, 8 June, 2013

http://archives.dailynews.lk/2001/pix/PrintPage.asp?REF=/2013/06/08/news21.asp
2013/02/01 - My ambition is to to develop the education – Duminda Dissanayake

Minister of Educational Services, Duminda Dissanayake assuming duties on Thursday (31) in Education Ministry stated that it was his main duty to look for the infrastructure facility issues in the educational sector and develop them.

President Rajapaksa entrusted responsibilities in educational section on him by presenting a ministerial ship to him and the development in the country as well as the development in education should be in a higher standard, he said.

Government has initiated a long journey. Although the country is in a higher literacy rate level, a more successful journey than the present one should be headed for, he pointed out.

Asianmirror.lk, Friday, 1 February, 2013

http://www.asianmirror.lk/english/index.php/news/12282-my-ambition-is-to-to-develop-the-education--duminda-dissanayake
2013/01/13 - New Education Services Minister assumes duties

New Hon.Education Services Minister Mr. Duminda Dissanayake assumed his duties today (31-01-2013) at Education Services Minister's office situated at "Isurupaya", Ministry of Education premises.

Hon. Prime Minister Mr. D.M. Jayarathne, Hon. Minister of Child Development and Women's Affairs Mr. Tissa Karaliyadda, Hon. Senior Minister Mr. Piyasena Gamage, Hon. Chief Minister of Central Province Mr. Sarath Ekanayake, Member of the North Central Provincial Council Mr. Birty Premalal Dissanayake and Members of Provincial Council, Secretary to the Ministry of Education Mr. S.M. Gotabhaya Jayarathna, senior officials and other staff of the ministry participated for this event.

2013-01-13, MOE.lk

http://www.moe.gov.lk/web/index.php?option=com_content&view=article&id=581%3A2013-01-30-23-15-56&catid=1%3Alatest&Itemid=258&lang=en
2012/09/20 - Duminda Dissanayake is adamant

Srilankamirror) – Deputy minister of youth affairs Duminda Dissanayake is adamant that his father, Berty Premalal Disssanayake, is appointed chief minister of the north central province.

At a meeting of Anuradhapura district Pradeshiya Sabha members convened by his father today (Sept. 20), he said that if not, he would resign from his deputy ministerial position.

His comment came when asked about reports that he would be appointed a minister at an imminent cabinet reshuffle.

However, S.M. Chandrasena, who has resigned as agrarian minister, has claimed the president and the party has informed his brother, S.M. Ranjith – the highest preferential vote getter at the NCP polls – to prepare to take oaths as the CM on September 24.

SriLankaMirror, Thursday, 20 September, 2012

http://www.mirror.lk/news/1938-duminda-dissanayake-is-adamant
2010/04/16 - President endowed with strong Parliament - Duminda Dissanayake

Duminda Dissanayake former Petroleum Resources Minister and the Parliamentarian elected said the President has been endowed with the strongest Parliament since the 1978 Constitutional Amendment, by the people.

At a media conference after the election victory gained by the UPFA he said the elections results would show the whole world the colossal acceptance of the ‘Mahinda Chintana Future Vision’ towards a bright future of the country. “Now there is no war, nor LTTE terrorism, people are free, independent, rejoicing and co-existing since May 18, 2009 the day Prabakaran’s barbaric era was completely eradicated.

The President asked for a big mandate at the General Elections and it has been granted.

Daily News, Friday, 16 April, 2010

http://www.topssrilanka.com/article17639-president-endowed-with-strong-parliament-duminda-dissanayake.html
2008/04/29 - Duminda pledges to have road rehabilitated

Minister of Mineral Oil Resources Development Duminda Dissanayake assured the residents of Tantirimale, who have been engaged in a continuing public protest over the poor state of the 26 kilometer stretch of road from Vannihelambewa junction Anuradhapura to Bogoda, Tantirimale being in a state of disrepair, that the government would take immediate steps to start its rehabilitation.

The Maha Sangha too had joined the protest on Saturday (26).

The road from Vannihelambewa Junction, Anuradhapura has been in a badly neglected state from 1994 and the public in the villages of the area launched a protest by placing logs across the road and planting banana trees in the middle of the road where the tar had been washed off.

Traffic on the road came to a halt for over thirty hours with the protestors blocking the road and the Maha Sangha including the Chief Incumbent of Tantirimale Raja Maha Viharaya Ven. Tantrirmale Chandaratana Nayake Thera joining the protest. The Minister, who met the protestors, pledged before the Maha Sangha that the rehabilitation of the road would commence from May 15.

Island.lk, 2008-04-29

http://www.island.lk/2008/04/29/news6.html
2008/01/06 - 'True love is great'

True love is great for true lovers like the young couple whom we are featuring in this column this week. Senani Lanka Jayaratne speaks about her hubby, Duminda Dissanayake, Minister of Petroleum Resources.

A revolutionist in Sri Lankan politics who fosees much promise for the future of the country, Duminda has created history by being the youngest Parliamentarian by breaking the record held by the President Mahinda Rajapaksa. Duminda became a Member of Parliament at the age of 21 years, while President Rajapaksa stepped into the Parliament when he was 24 years.

Though still 28 years of age, the young revolutionist has a wide scope for the future. He has been really fortunate as he has handled three Ministries since he came to power. "He became a MP in year 2000 in the Anuradhapura District.

He was appointed as the Deputy Minister of Vocational Training in 2004-2005, and then the Deputy Minister of Port and Aviation in 2006. He became the Minister of Petroleum Resources last year. Apart from that, he is the Deputy President of the SLFP Youth Organisation which is directly under President Rajapaksa," smiles Senani humbly.

"But I never liked him entering politics," she laughs.

"I imposed three conditions to him before I gave him my consent 'no politics, no drinks and no beard'.... But ultimately I had to sacrifice," she says.

Question: Liquor?

Senani: Aiya has become a social drinker, but has promised to stop it in the future.

Question: You call him 'Aiya'?

Senani:Yes, because I got to know him as his our brothers are friends. They were batch mates and best of friends.

I call him 'Aiya'. And if I call him by his name when I really get irritated with him. And he knows that(laughs). He calls me 'Baba' but when amongst others 'Senani' (laughs).

Though shouldering many responsibilities the duo is still a newly married couple. Senani is just 25 years and the young Minister is still 28 years. Amidst the never ending work in the Directorate the two spend quite a few moments with each other.

"Well, at the beginning I used to get annoyed, especially when I heard my friends were going out with their husbands and having a gala time. But later I realised that I have to accept my situation. Luckily I come from a political background too and that has helped me a great extent to understand his position," she says.

Senani is the eldest daughter of the Minister of Plantation Industries, D. M. Jayaratne and Anula Yapa Jayaratne. "I have a younger sister and a brother. I learnt the alphabet at Doluwa Maha Vidyalaya and then entered Mahamaya Balika Vidyalaya, Kandy, and then from Grade 8, I was at Visakha Vidyalaya," she says.

"All five members in our family have been very close to each other. We were brought up in a strict secured background. I was 10 years when my father became a MP. So, unlike our friends we rarely had a carefree life. While our friends were talking about the trips they went on during the vacation, we had nothing very specific to talk about.

Even when we go either to Anuradhapura or Dalada Maligawa, it was also amidst strict security and we couldn't even see the road properly due to the speed of the vehicle we were in. We couldn't get off to go to the bathroom! Our mother used to fill the vehicle with food so that we didn't have to stop.

That was the fate of most of the children of politicians. And that was why I didn't want to get married to a politician. But I did," she smiles.

Duminda Dissanayake is the eldest son of the present Chief Minister of the North Central Province (NCP) Berty Premalal Dissanayake and the former NCP Chief Minister Jayani Thisera Dissanayake.

Apart from former President Chandrika Kumaratunga and MP Anura Bandaranaike whose parents (S.W.R.D. and Sirimavo Bandaranaike) who were appointed Premiers of Sri Lanka, Duminda was the only politician whose parents were in politics and appointed to the same post in the same electorate.

"Aiya has three younger bothers and since both his parents were in active politics, it was he who looked after them. So all three brothers have a great respect for him, and the also scared of him. And that was the very fact that provoked me to give him a phone call," she begins her love story.

"I had seen him only once when I was about 14 years at Ratmalana Air Port when he had come to pick his father back home. Both our families were friends. It was 1995, we just returned from Anuradhapura to Colombo by a Chopper. He looked haughty and swollen headed and didn't even look at us. And my cousins and I were so annoyed. We thought he was proud," she recalls.

"It was December 3, 1998. I was at home after O/Ls. Some of my friends had a crush on Duminda Aiya. But nobody knew that I too had a major crush on him after I saw him at Ratmalana. I couldn't reveal it to anybody as they too were crazy over him.

However, since both his younger brother, Kasun and my younger brother were best of friends, they used to come to our place to play. But Duminda Aiya had imposed a law that his brothers should return home before 6.00 pm. So, Kasun had forgotten about it and was really scared that Aiya would scold him.

He asked me to call him and shape it up saying that I cooked a dish and asked him also to stay for dinner. So I did. But, Duminda Aiya at once said, 'Don't lie. I was there a few minutes ago and saw them playing'. He had come to the gate and was watching," she laughs.

Exactly after a month Senani had a get together with her friends. Giving nuisance calls to known boys was fun at that time for many gals. So they too were up to mischief. When it was the turn of Duminda, however, it was story different. He was serious and it was the beginning of the 'love story. But they kept it as a secret.

On January 30, of the same year he confessed his love for her. He visited their place disguising himself as a computer repairer. Fortunately none of Senani's parents were at home and she was under the care of her Nanny. The very first gift she got from him was a beautiful Rose, perfume and a gold pendent. "But I had to sell that pendent", she says.

"Both of us went to Australia soon after. He was following an IT degree course in Melbourne and I was following a degree in Business Administration in Sydney. Since I was with my aunt's family I rarely had a chance to meet him. But we exchanged letters everyday.

The minimum number of pages of his letters were between 8 and 10. I was became famous among my batch mates as the girl who got the longest love letters in the University.

We phoned each other everyday. But both of us had to spend heavily for telephone calls. I only had pocket money, and when I heard about my O/L results from Sri Lanka, I wanted to call him and inform it to him. That day I had no other choice, but to sell the pendent to find money for the phone call," she sighs.

Question: What are the best qualities you see in him?

Senani: A lot. Duminda Aiya was quite matured for his age. He and his family is hundred percent with people. His mission is to work for the country. And drilling out oil from the Sri Lankan shores is the biggest venture ahead for him. I'm sure he will be a great success, and make a strong and rich the economy in this country. Because of all this he rarely has a personal life.

Fortunately I am from a similar political background, so I could do any sacrifice in the name of politics. Sometimes, a day we attend 13-15 funerals in the Anuradhapura area. Whatever the occasion they have, to name a few, wedding, grown-up party, Dana, Bana, Aiya is invited. Those people think it's a big healthy omen to see him around. And also they are really grateful to all that. Aiya and Berty uncle have launched many projects in the area to uplift the life of the people.

Fifty thousand acres of land were given to people to grow maize on a foreign business venture along with seeds and fertilizer. And people get Rs. 30,000 per acre. And also they provided over 1000 jobs in the newly made garment factory in Mihintale.

At present they are concentrating on developing the standards of the schools in the area. They were also able to close down the illicit liquor dens at Rajanganaya by providing them shops in the town. That was the biggest venture I personally admired of all of their work.

Question:All that as a politician. How is he as a husband?

Senani:Most lovable and adorable, I would say (laughs). He handles everything. He treats me like a child. We have a good understanding for in the nine years of our love affair we talked, fought and got to know each other to the maximum level.

So we have a really good understanding between us. Since our marriage took place on September 27 in 2006, except for a few days I was never apart from him. I always say that though you are a Minister to the world, to me you are just my husband.

We don't have helpers at our Colombo residence still. So he helps me in all the work at home - cooking, sweeping, cleaning, washing and the garden is managed by him. I'm really lucky to have him as my hubby.

Sunday Observer, 2008.01.06

http://www.sundayobserver.lk/2008/01/06/spe03.asp

Article


Contact Us


On Non-Sitting Days

No. 630, "Sanasuma", Airport Road, Anuradhapura.

Phone: 025 227 6573

On Sitting Days

4th Floor,“Isurupaya”, Battaramulla

Phone: 025 222 2045

E-Mail: info@dumindadissanayake.org


Contact Form